මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ නැගණිය හා වික්‍රමරත්න නම් ඇමැතිවරයකු විසූ බවට ද, සීතාවක මායාදුන්නගේ පුත් ටිකිරි කුමාරයා ද විසූ බවට ජනප්‍රවාදයේ සඳහන් ඌරුගමුවේ, ගම් 18ක කේන්ද්‍රය වන, රදම්පොළ කුඩා නගරය ඉන් සිය වස් ගණනාවකට පසුව පුංචි නගරයක් වශයෙන් සංවර්ධනය වී ඇත.
එහි නිර්මාතෘ ඇමැති ඩලස් අලහප්පෙරුම බදාදා මධ්‍යම රැය ආසන්නයේදී විවෘත කරයි.ඔමු එම වෙලාව දක්වා ඇත්තේ දෙසැම්බර් 12 වැනි දින රාත්‍රී දොළහට මිනිත්තු 12ක් තිබියදී යෙදෙන නැකතින් මේ පුංචි නගරය විවෘත කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මේ උත්සවයේ විශේෂ ආරාධිතයෙකි.
එදා අඩි පාර, කරත්ත පාර හා පොල්අතු සෙවිලි කළ තේ කඩ තිබූ රදම්පොල අද කාපට් ඇතිරූ මාර්ග වලින් ද, ලස්සන ගොඩනැගිලි, පොකුණු, වෙළෙඳපොළ, විහාරාරාම හා රජයේ කාර්යාල ආදියෙන් ද පරිපූර්ණ වී ඇත.
සියලු ප්‍රජා පහසුකම් සැලැස්මක් ඇතිව එහි ඇති බව ඇමැති කියයි.
රජවරුන් සිටි නිසා ද, රන් පොල් ගෙඩියක් හමුවීම නිසා ද, භික්ෂූන් වහන්සේ නමක් හන්දියක බණ කී නිසා ද, ගමට රදන් පොළ යන නම ලැබෙන්නට ඇතැයි මත කීපයකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඉතිහාසය ලියන්න කලින් පුවත්පත් වලටත් ලිවුවා නේද? (නි)
ඉතාම හොදයි ගරු ඇමතිතුමනි.... ඊළගට රත්මලේ හන්දියත් හදයි කියලා අපි බලාගෙන ඉන්නවා..!(නු)
ඉතාම හොදයි (නු)
බොහෙම හොද වැඩක්... ඕවා පරිස්සම් කර ගන්න එක තමා අනික් වැඩේ..!(නු)
අනේ ඩලස් දන්න දේවල් අපි දන්නවා. (නි)
මෙය අලුතින් ලිවීමක් ලෙස මට නම් නොවැටහේ. මොනවා වුණත් , මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මේකේ මොනවා නැතත් ලස්සන නම් තියෙනවා. (නි)
මේක ඉතාම හොද වැඩක් ගරු ඇතිතුමනි. (නි)
ආ... පොකුණකුත් තියෙන්නේ. (නි)
ඒ වගේම මේ ගොඩනැගිලි චිරාත්කාලයක් පවතී කියලා බ්‍ලාපොරොත්තු වෙනවා..!(නු)
හොද වැඩක් .මම ගොඩාක් ආසයි ඉස්සර පුවත්පත් කලාවේ නියලුන කාලයට.(දී)
මගේ තාත්තා කිරිනැලියෙ. මිහිරි මතකය රදම්පොල පන්සලේ පෙරහැර,ගමට ගිය කාලයක් මතක නැහැ. (නි)
සතුටුයි (දී)
අහන්නත් සතුටුයි (දී)
එක හොද වැඩක් (දී)
මොහොමඩ්, ඔයා බොරුවට දගලන්නේ නැතුව ඉන්නවද? (නි)
චමින්ද, දෙසැම්බර් 12 වැනි දින රාත්‍රී දොළහට මිනිත්තු 12ක් තිබියදී යෙදෙන නැකතින් කියන්නේ 12 වැනිදා රාත්‍රී 11.48, 12 වෙනිදා රාත්‍රී 11.48 කියන්නේ 13 වෙනිදා ලබන්න තව විනාඩි කිහිපයක් තියෙනවා. ඩලස් ඇමතිතුමා, මේක බොහොම හොඳ, උතුම් වැඩක්. ඉදිරියටත් මෙවැනි දේ මහජනතාවට ලබාදීමට කටයුතු කරන්න. (නි)
ඔබතුමාට මේ පෙනේ ලබන සැරෙත් ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තුට යන්න වාසනාව ලැබෙවා
මහජන බැංකුවකුත් මේ සාප්පු සංකීර්නයේම තිබුණා නම් තමයි හොඳ. (නි)
ජයවේවා ඔබට
ඇමති තුමාට වැරදිලා වගේ. "දෙසැම්බර් 12 වැනි දින රාත්‍රී දොළහට මිනිත්තු 12ක් තිබියදී යෙදෙන නැකතින්" දෙසැම්බර් 12 වැනි දින රාත්‍රී කියන්නේ 13 උදේ මිනිත්තු 12 නේද? ඊට වැඩ හොදි දෙසැම්බර් 12 වැනි දින දහවල් 12 මිනිත්තු 12ට විවෘත කලානම්. මොනා උනත් ලස්සනට හදල තියනවා. මේවා රක ගැනීම මහජනයා සතුයි. (ත)
වටිනා වැඩක්.!(නු)
චමින්ද, 12ට විනාඩි 12හට කලින් කියන්නේ 11.48ට. (නි)
ආ මේ අපේ ඩලස් ඇමතිතුමානේ. එතුමා මෙහෙම වැඩවලට කොහොමත් හපනා. (නි)
එදා එලෙසින් මෙදා (දී)
ඕවා මොනවා කරන්නද අපිට ? (නි)
අහවලාත් දැන් නොයන තැනක් නැහැ. (නි)
මේක ජාතියට ගොඩක් වටිනා ව්‍යාපෘතියක්... ඩලස් මහත්තයාට ස්තුතියි..!(නු)
ඔයා හරි චමින්ද පුතා. (නි)
චමින්ද, ඔයාට පිස්සුද? (නි)
ඇමතිතුමාට නෙමෙයි වැරදිලා තියෙන්නේ, අපිටයි. (නි)
අන්තිම ඡායාරූපයේ ඇති කඩකාමර දෙන්නේ කුමන පදනමක් යටතේද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කඩ වල කුලිය එහෙම කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
හොද වැඩක්. (නි)
ඇමතිතුමාට නෙමෙයි චමින්දටයි වැරදිලා තියෙන්නේ. (නි)