සංචාරක ශ්‍රී ලංකා පිල සහ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත්වෙන  පුහුණු තුන්දින ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියේය. ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 24) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 12) දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 101 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත් විය. කුමාර් සංගක්කාර ලකුණු 55 ක් ලබා සිටියදී දැවී ගියේය. පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 439 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. දක්‍ෂ පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු ස්කොට් හෙන්ද්‍රි පන්දු 283 කදී හතරේ පහර 28 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 207 ක් රැුස්කිරීමට සමත් විය. අද (08) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි. ලකුණු පුවරුව ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම ස්කොට් හෙන්ද්‍රි - නොදැවී     207 මාකස් හැරිස් - ඇ. ඩිල්ෂාන් ප. එරංග     20 උස්මාන් කවාජා - ඇ. මහේල ප. වෙලගෙදර    56 ඇලෙක්ස් ඩෝලන් - ප. රන්දීව්     6 ග්ලේන් මැක්ස්වෙල් - ප. ප‍්‍රදීප්     91 ටේ‍්‍රවීස් හෙඞ් - ඇ. වෙලගෙදර ප. ප‍්‍රසාද්      35 සෑම් වයිට්මන් - ඇ. සහ ප. ප‍්‍රසාද්     4 ඩියන් සොල්වේ - නොදැවී     5 අතිරේක     10 එකතුව  ඕවර 100 කදී කඩුලූ 6 ක් දැවී     439 පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: මැතිව් ගාලේ, ලූක් බුට්ටර්වොර්ත්, සෑම් රන්බිර්ඞ්, අෂ්ටන් ටුනර් කඩුලූ වැටීම: 1-47(හැරිස්), 2-170(කවාජා), 3-193(ඩෝලන්), 4-318(මැක්ස්වෙල්), 5-391(හෙඞ්), 6-402(වයිට්මන්) පන්දු යැවීම: වෙලගෙදර: 26.4.93.1, එරංග: 13.8.22.1, ප‍්‍රසාද්: 20.1.128.2, රන්දීව්: 23.1.121.1, ඩිල්ෂාන්: 3.0.9.0, ප‍්‍රදීප්: 15.4.53.1 ශ්‍රී ලංකාව පළමු ඉනිම දිමුත් කරුණාරත්න - ඇ. හැරිස් ප. ටුනර්    40 තිලකරත්න ඩිල්ෂාන් - පිටියෙන් ඉවත් වුණා     101 කුමාර් සංගක්කාර - ක. මූ. කළා ප. කවිජා     55 මහේල ජයවර්ධන - ඇ. සහ ප. මැක්ස්වෙල්     36 ප‍්‍රසන්න ජයවර්ධන - නොදැවී     24 දිනේෂ් චන්දිමාල් - නොදැවී    12 අතිරේක    8 එකතුව  ඕවර 78 කදී කඩුලූ 4  ක් දැවී     276 පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ: සුරාජ් රන්දීව්, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, චානක වෙලගෙදර, නුවන් ප‍්‍රදීප්, තරංග පරණවිතාන කඩුලූ වැටීම: 1-105(දිමුත්), 2-154(ඩිල්ෂාන්), 3-216(මහේල), 4-258(සංගක්කාර) පන්දු යැවීම: බුට්ටර්වොර්ත්: 11.1.27.0, ගාලේ: 18.5.43.0, රන්බිර්ඞ්: 16.4.51.0, මැක්ස්වෙල්: 16.0.73.1, ටුනර්: 12.1.54.1, කවිජා: 5.1.22.1