තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23)විද්‍යූත් තැපෑලෙන් (ඊමේල්) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා යොමුකර තිබේ.
ඩිල්ෂාන්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් තුනේම නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තමන් තව දුරටත් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන බවත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දැනුම්දී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බැරි බව තේරුම් ගැනීම වටිනවා
තරග පැරදුනේ ඩිල්ෂාන් නිසා නෙමෙයි. දේශපාලන ක්‍රිකට් නිසා. අපි ඩිල්ෂාන්ට ස්තූති වෙන්න ඕනා ලංකාව අසීරු තත්ත්වයක සිටින විට නායකත්වය බාරගන්න මෙතෙක් දුරට ගෙන ඒම ගැන. නැත්නම් අපිට නායකයෙක් නැතිව තමයි ක්‍රීඩා කරන්න වෙන්නෙ
හිතට දුකයි
කවදා හෝ වෙලාව හොද වෙයි..
ඔක්කොටම අමතක උන දෙයක් තමයි ඩිලා නායකතවය බාර ගත්තෙ.. කන්ඩායමේ හිටිය පරන නායක සහ උපනායක දෙන්නා ඉල්ලා අස්වුන වෙලාවක.. ඒ වෙලාවෙ කණ්ඩායමේ හිටිය පරන ක්‍රිඩයන් වන මුරලි/සනත්/වාස් (ටෙස්ට් වල මාලිංග) වගේ අය නැති වෙලාවක... අනික හොදම පිතිකරැවන් ලකුනු නොගහන වෙලාවක, කණ්ඩායමේ ඉන්න හුගාක් අය අත්දැකීම් නැති අලුත් ක්‍රිඩකයන් (අවරැදු 22-25) වුන වෙලාවක, නිතය පුහුනුකරැවෙකු නොමැතිව.පුහුනු කරැවන් තිදෙනෙකු මාරැවෙවි.. ඇත්තටම ඔයා බාරගත්තෙ අභියොගයක් එක අමාරැ අභියොගයක්... ඒ අභියොගය නිසාම ඔයාට පිතිකරනයට බදා ඇති උනා.. නමුත් දැන් සියල්ල අනිත් පැත්තට පෙරෙලෙනවා වගේ.. එදා වැස්සෙ නැත්නම් තරගාවලියේ ප්‍රතිපල මීට වඩා වෙනස් වෙන්න පුලුවන්..
ඩිලා කල සේවය අනර්ඝයි, අසීරුම මොහොතක ඔබ වගකීම ඉටු කලා. ඔබේ නායකත්ව හැකියාව ගැන ගැටළු ඇති නමුත් ඔබ විශ්ෂ්ඨ ක්‍රීඩකයෙක් බව අවිවාදිතයි.
ඩිල්ෂාන්ට අපේ නායකත්වය භාර ගන්න තව කාලය තියනවා ඩිල්ෂාන්ට පුරුදු විදිහට දැන් සෙල්ලම් කරන්න පුළුවන්
ඩිල්ෂාන් හොද පිතිකරුවෙක්
ඩිල්ෂාන් ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්. පරාජයන්ට පමණක් ඔබ වගකිව යුතු නැහැ. තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයේ වැරැදිත් ඔබගේ පිටින් යවන්න හදන්නෙ
ඩිල්ෂාන් අපි ඔබ සමගයි. කවුරු කෙසේ කීවත් අපි දන්නවා ඔබගේ දක්ෂතාවයන්
ඩිල්ෂාන් කියන්නේ වටිනා ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් අවශ්‍යය සහයෝගය නැතිව තරග දිනන්න බැහැ. කොහොම වුණත් මගේ වත්මත් ක්‍රිකට් වීරයා ඩිල්ෂාන්
ඩිල්ෂාන් ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්. පරාජයන්ට පමණක් ඔබ වගකිව යුතු නැහැ. තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයේ වැරැදිත් ඔබගේ පිටින් යවන්න හදන්නෙ
ඩිල්ෂාන් ඔයා කරපු සේවය ඇති විසිස්ටය්. තව කරන්ඩ ගොඩක් දේවල් තියෙනවා ඔයාට ලංකාව වෙනුවෙන්.
කවුරු මොනව කිව්වත් තරුණ අයත් එක්ක මෙපමණ දුරක් ගෙන ඒම ගැන සතුටුයි. ඔබ හොදින් ඔබගේ කාර්යය ඉටුකළා
දැන ආයෙත් පරණ විදියටම ගහන්න.