IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩිල්ෂාන් (102*) - මැතිව්ස් (54*) ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

තිලකරත්න ඩිල්ෂාන්ගේ (නොදැවී 102) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 54) අගනා සම්බන්ධතාව නිසා නවසීලන්ත පිලට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි)  ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ 2-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය. ශ්‍රී ලංකා පිල ලකුණු 197 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 31.1 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. සිය 250 වැනි එක්දින තරගයට සහභාගි වූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 95 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැුස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. මෙය ඩිල්ෂාන්ගේ 14 වැනි එක්දින ශතකයි. ශ්‍රී ලංකාව 23 වැනි  ඕවරයේ සිට පෙරමුණට ගෙන එමින් තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වූහ. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල කඩුලූ හයක් දැවී ලකුණු 188 ක් රැුස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 197 ක් රැස්කිරීමට සිදුවිය. නවසීලන්තය  ඕවර 33 කදී කඩුලූ 6 ට 188 (බ‍්‍රැඞ්ලි වොට්ලිං නොදැවී 96, බ්‍රෙන්ඩන් මැකලම් 13, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 26, නේතන් මැකලම් නොදැවී 22, ජීවන් මෙන්ඩිස් 34/2) ශ්‍රී ලංකාව  ඕවර 31.1 කදී කඩුලූ 3 ට 200 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 102, කුමාර් සංගක්කාර 15, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 54)තිලකරත්න ඩිල්ෂාන්ගෙන් වේගවත් පහරක්... (ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

ඩිල්ෂාන් (102*) - මැතිව්ස් (54*) ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

දීපා Wednesday, 07 November 2012 05:01 AM

දිනපු එක ගැනනම් සතුටුයි. ඒත් අපේ කණ්ඩායම ෂුවර් නැහැ. (නි)

:       0       0

යොහාන් Wednesday, 07 November 2012 07:44 AM

ක්‍රිකට් කියන්නේ ඒක තමයි. ජය වේවා! (නි)

:       0       0

ජගත් Wednesday, 07 November 2012 07:56 AM

රිස්මි , අපේ ටීම් එක‍ට එහෙම කියන්න එපා. පුළුවන් උපරිමයෙන් ඒ ගොල්ලෝ කරනවා.......... (ස)

:       0       0

නිලන්ත Wednesday, 07 November 2012 08:37 AM

සුබ පැතුම් අපේ කණ්ඩායමට (ස)

:       0       0

චමින්ද Wednesday, 07 November 2012 09:25 AM

රිස්වි කියන්නේ දැන් ගහන්නත් එපා කියලද (ස)

:       0       0

පැතුම් Wednesday, 07 November 2012 09:27 AM

ඔබට අපගෙ උණුසුම් සුබ පෑතුම්.............(ස)

:       0       0

මහින්ද Wednesday, 07 November 2012 10:22 AM

ලංකාවේ කොල්ලෝ ඔහොම තමයි

:       0       0

තුෂාර Wednesday, 07 November 2012 10:35 AM

සන්තෝසයි

:       0       0

දම්රු Wednesday, 07 November 2012 10:38 AM

අර්ජුන වගේ නායකයෙක් හදන්න ඕනි. එතකොට අවසන් තරඟය ශුවර් තමයි (ස)

:       0       0

රුවන් Wednesday, 07 November 2012 04:44 PM

සුභපතනවා අපි

:       0       0

නිරාන් Wednesday, 07 November 2012 10:55 AM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද (ස)

:       0       0

විමුක්ති Wednesday, 07 November 2012 10:42 AM

අවසන් තරගය පැරදුණහම අපේ හිතට පුදුම තරම් දුකයි තමයි. ඒත් අපි කණ්ඩායමට හැමදාම ආදරෙයි. (නි)

:       0       0

නාලක Wednesday, 07 November 2012 10:57 AM

සුභපතනවා මම ලංකාවට

:       0       0

සංජුල Wednesday, 07 November 2012 10:53 AM

අපේ සිංහපැටවුන්ට ජය වේවා !! (ස)

:       0       0

ගාල්ලගේ Wednesday, 07 November 2012 11:09 AM

ලංකාව ලෝක ශුරයෝ බව අමතක කරන්න එපා

:       0       0

නාරද Wednesday, 07 November 2012 11:22 AM

සන්තෝසයි ලංකාවට සුභපැතුම්

:       0       0

චාලක Wednesday, 07 November 2012 11:25 AM

ශ්‍රී ලාංකීය වීරයන්ට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

තිසර Thursday, 08 November 2012 09:51 AM

නියමයි ඩිලා (ස)

:       0       0

පහන් Wednesday, 07 November 2012 12:02 PM

දිල්ෂාන් නායකයාව සිටියදී මහේලත් සන්ගත් ඔහුව අතරමන් කලා. එත් දිල්ෂාන් එහෙම කලේ නැහැ කිසිමවිටක, මහේලට ඕන විට ඔහු කීප් කලා ,බෝල් කරා ඉස්සරහින් බැට් කලා පස්සෙන් බැට් කලා, කෝට්ටේ නාග විහාරේ දහම් ඇසුර ඔබගේ සාර්ථකත්වයේ එක රහසක් . (ස)

:       0       0

නිස්සංක Wednesday, 07 November 2012 12:00 PM

අපේ සිංහපැටවුන්ට ජය වේවා (ස)

:       0       0

දම්මි Wednesday, 07 November 2012 12:24 PM

ලංකාවට ඉන්න විශිෂ්ට ක්‍රීඩකයෝ දෙපලක්

:       0       0

තාරුක Thursday, 08 November 2012 06:46 PM

ජයවේවා ඔබ දෙපලට

:       0       0

නුවන් Wednesday, 07 November 2012 12:43 PM

නාග විහාරයට ජය වේවා !! (ස)

:       0       0

ජගත් Wednesday, 07 November 2012 12:44 PM

ඔබට ජයවේවා

:       0       0

රියාස් Thursday, 08 November 2012 10:52 AM

නියමයි දිල්ෂාන් ...ඔබ අපිට ආඩම්බරයක්....(ස)

:       0       0

රංජීව Wednesday, 07 November 2012 12:24 AM

ශ්‍රී ලාංකීය වීරයන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

චතුරංග Wednesday, 07 November 2012 07:59 PM

නිරාන් හරි. (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 12:43 AM

තණ නිල්ල දිගේ ඇදිලා යනවා, සිත මා, පිරිලා.... (නි)

:       0       0

රිස්මි Wednesday, 07 November 2012 01:25 AM

දැන් ගහයි උඩ පැන පැන. (නි)

:       0       0

නිමා Wednesday, 07 November 2012 03:02 AM

අවසන් තරගයට ඔහොම සෙල්ලම් කරන්න බැරිවෙන එකයි දුක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site