තිලකරත්න ඩිල්ෂාන්ගේ (නොදැවී 102) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 54) අගනා සම්බන්ධතාව නිසා නවසීලන්ත පිලට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක ජයක් ලැබීය.
ශ්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ 2-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
ශ්‍රී ලංකා පිල ලකුණු 197 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 31.1 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
සිය 250 වැනි එක්දින තරගයට සහභාගි වූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 95 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැුස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. මෙය ඩිල්ෂාන්ගේ 14 වැනි එක්දින ශතකයි.
ශ්‍රී ලංකාව 23 වැනි ඕවරයේ සිට පෙරමුණට ගෙන එමින් තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වූහ.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල කඩුලූ හයක් දැවී ලකුණු 188 ක් රැුස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 197 ක් රැස්කිරීමට සිදුවිය.
නවසීලන්තය ඕවර 33 කදී කඩුලූ 6 ට 188 (බ‍්‍රැඞ්ලි වොට්ලිං නොදැවී 96, බ්‍රෙන්ඩන් මැකලම් 13, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 26, නේතන් මැකලම් නොදැවී 22, ජීවන් මෙන්ඩිස් 34/2)
ශ්‍රී ලංකාව ඕවර 31.1 කදී කඩුලූ 3 ට 200 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 102, කුමාර් සංගක්කාර 15, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 54)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපතනවා මම ලංකාවට
ජයවේවා ඔබ දෙපලට
නියමයි දිල්ෂාන් ...ඔබ අපිට ආඩම්බරයක්....(ස)
නියමයි ඩිලා (ස)
නිරාන් හරි. (නි)
සුභපතනවා අපි
ඔබට ජයවේවා
නාග විහාරයට ජය වේවා !! (ස)
ලංකාවට ඉන්න විශිෂ්ට ක්‍රීඩකයෝ දෙපලක්
අපේ සිංහපැටවුන්ට ජය වේවා (ස)
දිල්ෂාන් නායකයාව සිටියදී මහේලත් සන්ගත් ඔහුව අතරමන් කලා. එත් දිල්ෂාන් එහෙම කලේ නැහැ කිසිමවිටක, මහේලට ඕන විට ඔහු කීප් කලා ,බෝල් කරා ඉස්සරහින් බැට් කලා පස්සෙන් බැට් කලා, කෝට්ටේ නාග විහාරේ දහම් ඇසුර ඔබගේ සාර්ථකත්වයේ එක රහසක් . (ස)
ශ්රී ලාංකීය වීරයන්ට අපගේ ප්‍රණාමය (ස)
සන්තෝසයි ලංකාවට සුභපැතුම්
ලංකාව ලෝක ශුරයෝ බව අමතක කරන්න එපා
අපේ සිංහපැටවුන්ට ජය වේවා !! (ස)
ශ්රී ලාංකීය වීරයන්ට අපගේ ප්‍රණාමය! (නි)
අවසන් තරගය පැරදුණහම අපේ හිතට පුදුම තරම් දුකයි තමයි. ඒත් අපි කණ්ඩායමට හැමදාම ආදරෙයි. (නි)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද (ස)
අර්ජුන වගේ නායකයෙක් හදන්න ඕනි. එතකොට අවසන් තරඟය ශුවර් තමයි (ස)
සන්තෝසයි
ලංකාවේ කොල්ලෝ ඔහොම තමයි
ඔබට අපගෙ උණුසුම් සුබ පෑතුම්.............(ස)
රිස්වි කියන්නේ දැන් ගහන්නත් එපා කියලද (ස)
සුබ පැතුම් අපේ කණ්ඩායමට (ස)
රිස්මි , අපේ ටීම් එකට එහෙම කියන්න එපා. පුළුවන් උපරිමයෙන් ඒ ගොල්ලෝ කරනවා.......... (ස)
ක්‍රිකට් කියන්නේ ඒක තමයි. ජය වේවා! (නි)
දිනපු එක ගැනනම් සතුටුයි. ඒත් අපේ කණ්ඩායම ෂුවර් නැහැ. (නි)
අවසන් තරගයට ඔහොම සෙල්ලම් කරන්න බැරිවෙන එකයි දුක. (නි)
දැන් ගහයි උඩ පැන පැන. (නි)
තණ නිල්ල දිගේ ඇදිලා යනවා, සිත මා, පිරිලා.... (නි)