ඩෙංගු රෝගය වැළැක්වීමටත් ප්‍රතිකාර කිරීමටත් තමිල්නාඩු රජය සිද්ධ වෙදකමෙන් ස්වභාවික ප්‍රතිකාර අරඹා ඇති බව ඉන්දියාවේ හින්දු පත්‍රයේ පළ කළ වාර්තාවක් කියයි.
සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයෙන් ඩෙංගු රෝගය ස්වභාවිකව සුවපත් කළ හැකි බව තමිල්නාඩු රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන දෙපාර්තමේන්තුව කියයි. මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ රජය මීට අනුග්‍රහය දක්වයි.
එක් ප්‍රතිකාරයක් වනුයේ නාරටි ඉවත් කළ අලුත් පැපොල් කොළ කිහිපයක් සීසිල් වතුර ටිකක් මුසු කර අඹරා පෙරා ගෙන පානය කිරීමයි. දිනකට සිව් වරක් මිලි ලීටර් 10ක් පානය කිරීමෙන් දින පහකදී උණ බැස යන බවත්, උණ බැස ගිය පසු ද මෙම ප්‍රතිකාර තවත් දෙදිනක් කළ යුතු බවත්, තමිල්නාඩුව කියයි.
පැපොල් කොළ ප්‍රතිකාරය ඉන්දියාවේ අත් බෙහෙතකි.
තමිල්නාඩු රජය නිර්දේශ කරන තවත් ප්‍රතිකාරයක් වනුයේ කොහොඹ කොළ සිසිල් වතුර සමග මිශ්‍ර කර කොටා පෙරා ගෙන මිලි ලීටර් 10ක් දවසකට දෙතුන් වරක් පානයි.
කුඩුකරගත් බිං කොහොඹ (සංස්කෘත - කාලමේඝ / භූනිම්බ) ග්‍රෑම් 10කට වතුර මිලිලීටර් 100ක් එකතු කරලිප තබා ඉන් අඩකට සිදුවා (මිලිලීටර් 50කට) උදේ සවස වශයෙන් දවසකට දෙවරක් පානය කිරීමද තමිල්නාඩුවේ ඩෙංගු ප්‍රතිකාරයකි. හැම වේලකටම අලුතෙන් කුඩු කර ගත් බිං කොහොඹ ගත යුතුය.
දින පහකින් උණ බැස යන බවත්, ඉන් පසුව දෙදිනක් මෙම ප්‍රතිකාරය කළ යුතු බවත් තමිල්නාඩුව කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ රටේ ඩෙංගු වලට බෙහෙත් සොයාගත්ත දේශීය වෛද්‍යවරුන් ගැන කිසිම කතාවක් නැත්තේ (නි)
මේ බෙහෙතේ අයිතිය ලංකාවටයි හිමිවිය යුත්තේ. (නි)
මෙය සොයා ගත්තේ ලංකාවේ කෙනෙක් , කොහොමද ඒත තමිල්නාඩු ගියේ (ස)
පැපොල් කොළ නම් කොහොමහරි බොන්න බැරියෑ. ඒත් කොහොඹ කොළ කොටලා බොන එක නම් කරන්න බැහැ. (නි)
මේවා අලුත් දේවල් නෙමෙයි. ලංකාවේ මේ ප්‍රතිකාරය ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්. (නි)
ඉන්දියාවෙන් කීව නිසා අපේ අය පැනලා බාරගනී. අපේ දේශීය වෛද්‍යවරු මේවා ගැන කොතරම් කාලෙකට ඉස්සරද කිවුවේ? ඒත් වසුරු තරම්වත් ගණන් ගත්තේ නැහැ. (නි)
අපේ වීරයොත් මේකට විසදුමක් හොයාගත්තා නේද? (නි)
මුලින්ම පැපොල් කොළ ප්‍රතිකාරය පටන් ගත්තෙ ලංකාවෙනෙ, දැන් ඒකත් ඉන්දියාවෙන් ආවා කියයි ද දන්නෑ, ඉන්දියානු ගැති කට්ටිය (දී)
ඉන්දියාවට ගරහන බෞද්ධයොත් ඉන්නවානේ හැබෑටම. (නි)
මේවා බීලා සනීප වුණු අයත් ඉන්නවා. අපේ රටේ දේවල් ගැන කිවුවට ගොඩක් අය ගණන් ගන්නේ නැහැ. ඒවා ලෝකල්නේ. (නි)
ගස් බැදීමත් හොද ප්‍රතිකාරයක් (නු)
දැන් අපේ අය ඕක හොයාගත්තු වෙලේ... එක හැල්ලු කරපු අය උත්තර දෙන්න .. සුද්දාගෙන් කලාවන් වෙච්චි මිනිස්සු ටික කෝ දැන් ? (දී)
බුදුහාමුදුරුවො ඉන්දියාවෙන් ආවා කිවුව වගේ, පැපොල් කොළේත් ඉන්දියාවෙන්ම තමා ආවෙ. නැද්ද මං අහන්නෙ? (නි)
නිශාන්ත, පැපොල් ගස මුලින්ම සොයාගෙන ඇත්තේ දකුණු මැක්සිකෝ සහ අවට ප්‍රදේශයෙන් බව "වීකිපීඩියා" සඳහන් කර ඇත. http://en.wikipedia.org/wiki/Papaya (දී)
අනේ ඉතින් මේවට කියන්න වචන නැහැ. හිතට එන දේවල් ලියන්න ගියොත් මේක පළවෙන්නේ නැහැ. හිතාගන්න අමාරුයි. (නි)