ඩෙංගු මදුරුවා බහුලව සිටින කොළඹ හා තදාසන්න පෙදෙස් වලට ඩෙංගු මර්ධන බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කියුබාවෙන් ගෙන්වන ලද බැක්ටීරියාව සහ මෙරට නිෂ්පාදිත බැක්ටීරියාව ගුවන් හමුදාවේ සහය ඇතිව ඉසින්නට යයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකැර අවශ්‍ය උපකරණ සැකසීමට ද පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවනින් විදින්නේ වගුරු බිම්, වල් බිහිවූ කුඹුරු, කැළෑ වගේ තැන්වලට විය යුතුයි. නමුත් ප්‍රශ්නය මේකයි. ඩෙංගු මදුරුවා බෝ වෙන්නේ ඔය තැන් වල විතරද? ජනාකීර්ණ තැන්වලට/ජල මූලාශ්‍ර වලට ඔය බැක්ටීරියාව එක් වුණොත් එහි නරක ප්‍රතිඵල ගැන ආණ්ඩුව දන්නවාද? (නි)
සියලු දෙනා එකමුතු වෙමු (ස)
ලංකාවේ හැමෝම හැම වෙලාවෙම හෙන්ඩුව ගන්නවා අලියා ගන්නේ නැතුව. අන්තිමට මහජන මුදල් කෝටි ගණන් විනාස වෙනවා නිකරුනේ (ස)
ගුවනින් විද්දහම බිම තියෙන තැඹිලි කෝම්බ, යෝගට් කෝප්ප, පොල්කටු වලට එහෙමත් වැටිලා ඒවායෙ ඉන්න මදුරු කීටයො මැරෙනවද? නික්න බොරු වැඩ. (නි)
දැන් මදුරු කීටයෝ වැඩිපුරම ඉන්නේ කුඹුරු වල. (නි)
මේ දමන්නට යන බැක්ටීරියාව මිනිසුන්ට අහිතකර විය හැකියි. එය එසේමයි කියලා මම හිතනවා. (නි)
සුරංගනා කතාවක් එහෙම නෙමෙයි නේද? (නි)
හොඳ වැඩක් ඉක්මණින් කරන්න (අ)
අර පුනරුත්ථාපනය කරපු 2500 දැන් එහෙම මේ වැඩේට සම්බන්ධ කරගන්න එපා. (අ)
මදුරුවා මෙවරද මිනිසුන් මැරුවා (අ)
මිනිසුන්ට තියෙන බලපෑම් කොහොමද
ප්‍රාණඝාතයට ඉඩදෙන්න බැහැ. (නි)
බල බලා ඉන්නේ කරනවා මිසක්. දැන් කොච්චර කල්ද? මදුරු කොයිල් කාරයෝ විරුද්ධ වුණා කියලා නතර කරනවා එහෙම නෙමේ ඔන්න . (නි)
ගොඩක් පින්. පොඩි දරුවන් කාට හරි උණක් හැදෙද්දී ඇගේ ලේ වතුර වෙනවා. (නි)
හොද වැඩක්. (නි)
ලංකාවෙන් ඩෙංගු තුරන් කරමු
කරන දෙයක් ඉක්මණට කරන්න. දැන් ඩෙංගු වලින් කීදෙනෙක් මැරුණද? (නි)
ඕක ගෙනල්ලා දාන්න ලංකාවේ මිනිස්සු ටික මැරිලා අවසන් වෙනකල් ඉන්නවද? (නි)
ලංකාවේ මිනිස්සු මේවා සම්බන්ධ නිෂ්පාදන කීයක් නම් හොයාගත්තද? කෝ ඒවාට ඉඩදුන්නද? (නි)
කොයි කාලෙ ගෙන්නපුවද දන්නෙ නැහැ. (නි)
මේකත් හරියට අර බාලගිරි දෝසෙ වගේ. දැන් මාස ගානක් තිස්සෙ ඉහිනවා කිවුවට තාම ඉස්සෙ නැහැනෙ. (නි)
මිනිස්සුන්ටත් ඔය කියුවට බලපෑමක් ඇති
කටින් බතල හිටවනවාවද්ද? (නි)