
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සාම සාකච්ඡා සඳහා සහභාගී වන ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු එරට පාර්ලිමේන්තු කතා නායක මොහොමඩ් බාගර් ගලිබාෆ් අතර දැඩි අනතුරු ඇඟවීම් හුවමාරු වී ඇතැයි පැවැසෙයි.
ඒ, යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට මූලික එකඟතාවකට පැමිණීමෙන් පසු ස්විට්සර්ලන්තයේ පැවැති වුණු පළමු සෘජු සාකච්ඡා වටයේදීය.
ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා සමඟ ගැටෙන හිස්බුල්ලා සංවිධානය පාලනය කිරීමට ඉරානය අපොහොසත් වුවහොත්, ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන බවටය.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ලෙබනනය තුළ ගැටලු ඇති කරන ටෙහෙරානය විසින් අධික ලෙස මුදල් ගෙවන ලද ‘ප්‍රොක්සි’ සන්නද්ධ කණ්ඩායම් වහාම අඩපණ කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම්, පෙර සිදුකළ ආකාරයටත් වඩා දරුණු ලෙස යළි ඉරානයට ප්‍රහාර එල්ල කරන බවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd