
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශුද්ධෝත්තම ලියෝ පාප්තුමන් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. ඒ, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ට්‍රම්ප් සහ ලියෝ පාප්තුමන් අතරේ මත ගැටුම් පවතින්නේ ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පාප්තුමන් ට්‍රම්ප් විවේචනය කිරීම හේතුවෙනි. ඊට අමතරව, ඇමෙරිකාවේ සංක්‍රමණිකයන්ට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය ගෙන යන දැඩි පිළිවෙත් ද පාප්තුමාගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
ටෲත් සෝෂලන් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ට්‍රම්ප් පවසා ඇත්තේ ලියෝ පාප්තුමා අපරාධ මර්දනය සම්බන්ධයෙන් දුර්වල අයතු බවත්, ඔහුට විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු දැනුමත් නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd