
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් කල් දැමුණු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව, ලබන මාර්තු මාසයේ පැවැත්වෙනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවනු ඇත්තේ වසර 8 කින් පසුව වීම විශේෂත්වයකි. ඇමෙරිකාව සහ චීනය අතරේ අර්බුද රැසක් පවතී. ඇමෙරිකාව, චීනයටත්, චීන රජය පරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා ඇත. ඒ වෙළෙඳ යුද්ධයකට මුල පුරමිණි. ට්‍රම්ප් සහ ජින්පින් අතරේ මෙම අර්බුදය අවසන් කිරීමට සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමා මැයි 14 සහ 15 චීනයේ බෙයිජීං බලා යෑමට සූදානමින් සිටින බවත්, ජීන ජනාධිපති ජින්පින් හමුවී ඔහුට ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ඇරැයුම් කිරීමට ද බලාපොරොත්තු වන බවත්ය.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ට්‍රම්ප් නියෝජිතයන් මේ වනවිටත් චීන රජය සමග සාකච්ඡා පවත්වා ජනපතිවරුන් දෙදෙනාගේ හමුවට සියල්ල සූදානම් කරමින් පවතින බවය. එසේ වුවත්, ට්‍රම්ප්ගේ චීන සංචාරය සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒට කලින් ට්රම්පචිචිට කෙලෙවෙයි වගේ තමයි තියෙන්නේ.