ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක‍්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණෙමින්, දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියි.
නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 170 කට කඩුලූ 9 ක් දවා ගැනිමින් හේරත් ස්ථාන දෙකක් පෙරමුණට පැමිණියේය. හේරත්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකේදී කඩුලූ 20 ක් දවාගත්තේය.
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට රටවල් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා සිටි ශ්‍රී ලංකාව එම තරගය පරාජයට පත්වීමත් සමග ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 96 ක් දක්වා අඩුවී තිබේ.
නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ. එම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම සංගක්කාරට රැුස්කළ හැකි වූයේ ලකුණු 16 ක් පමණි.
රංගන හේරත් ගාල්ලේදී පැවැති පළමු දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 11 ක් දවාගැනීමෙන් පසු ප‍්‍රසාද ලකුණු 828 ක් සමගින් සිවුවැනි ස්ථානයට පැමිණි අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 838 ක් ලබා සිටියි.
වර්තමාන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දඟ පන්දුයවන්නා වන 34 හැවිරිදි රංගන හේරත් මේ වන විට ටෙස්ට් තරග 42 කදී කඩුලූ 174 ක් දවාගැනීමට සමත් සිටියි.
ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම
ස්ථා. ක‍්‍රීඩකයා ප‍්‍ර/ල
1. ඬේන් ස්ටෙයින් 858
2. රංගන හේරත් 838
3. සයිඞ් අජ්මාල් 832
4. වර්නොන් පිලෙන්ඩර් 832
5. ප‍්‍රගන් ඕජා 767
6. ගේ‍්‍රම් ස්වාන් 755
7. බෙන් හිල්ෆින්යුස් 752
8. මොනේ මොර්කල් 741
9. පීටර් සිඞ්ලි 740
10. ජේම්ස් ඇන්ඩසන් 727
ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම
ස්ථා. ක‍්‍රීඩකයා ප‍්‍ර/ල
1. මයිකල් ක්ලාක් 890
2. ශිවනරින් චන්ද්‍රපෝල් 879
3. ජැක් කලිස් 855
4. කුමාර් සංගක්කාර 848
5. හෂීම් අම්ලා 845
6. ඇලෙස්ටියාර් කුක් 835
7. කෙවින් පීටර්සන් 788
8. රෝස් ටේලර් 785
9. ඒ. බී. ඩිවිලියස් 782
10. යුනිස් ඛාන් 761
ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම
ස්ථා. රට ප‍්‍ර/ල
1. දකුණු අප‍්‍රිකාව 120
2. එංගලන්තය 117
3. ඕස්ටේ‍්‍රලියාව 116
4. පාකිස්තානය 109
5. ඉන්දියාව 106
6. ශ්‍රී ලංකාව 96
7. බ.ඉ.කො. 91
8. නවසීලන්තය 79
9. බංග්ලාදේශය 0
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටෙස්ට් පන්දු යවන්නන් අතරේ රංගන හේරත් දෙවැනි තැනට