ක්‍රෙඩිටි කාඩි වංචා සමිබන්ධයෙන් සැකපිට රුසියන් ජාතිකයෝ පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. කමිපුචියා හා වියටිනාමි හවුල් කරුවන් සමග ඔවුන් මෙම ජාවාරම කර ඇතැයි සොයාගෙන ඇත. ක්‍රෙඩිටි කාඩි හොරට මුද්‍රණය කිරීම සදහා වන උපකරණ ද සමගින් ඉන්දියා ජාතිකයකු ගිය මාසයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබ සිටිති. තමිල්නාඩුවෙන් ආ ඔහු ළඟ හිස් චුමිබක කාඩි එකසිය දහයක් තිබු බව ද පොලිසිය පවසයි. රුසියන් ජාතිකයින් ළඟ හොර ක්‍රෙඩිටි කාඩි විසි පහක් ද ඒ.ටී.එමි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් හොරෙන් ගත් බව කියන රුපියල් තිස්තුන් ලක්ෂයකට ආසන්න මුදලක් ද තිබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර අධිරාජ්‍යවාදී ටෙලර් මැෂින් වලට එරහිව සමාජවාදී මිත්‍ර රටවලින් ප්‍රහාරයක් .... (ස)
ලංකාවට එන විදේශිකයින් පරික්‍ෂාකිරීම සහ ඔවුන්ගේ තොරතුරු විමර්ශනය කිරීම ඉතාම දුර්වල තත්ත්වයක තියෙන්නෙ. - අපචාර බොහොමයකට මුල මේ විදේශික හොර දෙටුවන්ගේ පැමිණීම (ස)
ඔන්න ඕස්ට්‍රේලියාවෙන් එන අය නම් හොරු නෙමෙයි හොදේ. (නි)
මීට වඩ නියම වැඩ කාරයෝ ඉන්නවා ලංකාවේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ කෙනෙක් අහු වුණහම හිරේ දාලා දඩුවම් කරනවා. තමන්ගේ දැනුම යොදාගෙන වැරදි වැඩ කරන අය අහු වුණහම ඒ අයව සමාජෙට වැඩදායක විදියට හැඩ ගස්සවා ගන්න රටේ ලොකු ලොකු ඇත්තෝ දැනුවත් වෙන්න ඕනෑ.මොනා වුණත් හොරෙන් සල්ලි ගන්න එනකොට මීටර් ටැක්සී කියලා හිතාගෙන එහෙම බෝඩ් එකක් ගහගෙන ඉන්න ත්‍රී වීල් එකකට නැග්ගහම කියන්න පුලුවන් මීටරේ කැඩිලා කියලා. ඊ ළගට ඉතිං ටෙලර් මැෂිමෙන් හොරකම් කරන සේරම සල්ලි ටික දෙන්න වෙනවා ත්‍රී වීල් එකට. ඒක නිසා ඒක නවත්වන්න නීතියක් ගෙනෙන්න අවශ්‍යයි. (නි)
ත්‍රීවිල්කාරයන් එක්ක මාතුපාලට මොනවාහරි ප්‍රශ්න තියෙනවා වගෙයි. (නි)
මෙයාලටත් අත්හිටවූ සිරදඬුවම්ද ලබා දෙන්නේ? එහෙමත් නැත්නම් තරයේ අවවාද කර මුදාහරීමද? රු.15,00/= දඩයක්ද? ලංකාවේ නීතිය විදේශිකයන්ට ක්‍රියාත්මක කිරීම ඉතාම පහත් තත්ත්වයක තිබෙන්නේ. මෙහෙම ගියොත් සිංහරාජයේ සියලුම ජාන එයාලා ගෙනියාවි. ඒවගේම ළමා අපචාර, ස්ත්‍රී දුෂණත් වැඩිවේවි. යල්පැනගිය නීති සම්පාදනය කිරීමට කාලය පැමිණ ඇත. (නි)
මුතුකුඩ මහත්තයෝ, පාකිස්ථානයේ, ඉරානයේ, බංගලිදේශයේ තමා ඔයවගේ වංචාකාරයෝ වැඩිපුරම ඉන්නේ. (නි)
මේ අපේ මිත්‍ර රටවලින් එන සංචාරකයන්ගෙන් ලැබෙන වාසි තමයි. (නි)
වියටිනාම් වල සිටින උදවිය මෙවැනි කූට ව්‍යපාර වලට සම්බන්ධ වීම දැන් සාමාන්‍යය දෙයක් බවට පත්ව ඇත. (නි)
කොහොම උනත් වංචාව බරපතලයි