IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ටෙලි චරිත කීපයක් සමග ආලින්දයට එන 'අංජලී'

අංජලී පූර්ණිකා ලියනගේ වන ඇය මේ දිනවල ඔබට වඩා සමීපව සිටින්නේ ‍'සිහින පියාපත්', 'නිර්මලී', ‍'සිකුරු වසන්තේ - ලලනා සහ ‍'සිරිවාසල' ටෙලිනාට්‍යයේ රඟපාන චරිතය නිසාය. ඊට අමතරව ස්වර්ණවාහිනියේ  ‍'මොණරතැන්න' නාට්‍යයේ චරිතයක්ද රඟපාන්නීය. මෙලෙසින් එකවර චරිත කිහිපයක් සමග ආලින්දයට එන අපි අංජලී සමග කතා කරමු. අංජලී ඔබ ගැන කෙටියෙන් සඳහනක් කළොත්? මගේ ගම ගල්කිස්ස. ඉගෙන ගත්තේ ගල්කිස්ස උසස් බාලිකාවෙන්. අම්මා-තාත්තා සහ නංගිලා දෙන්නා පවුලේ උදවියයි.   කලා ක්ෂේත්‍රය ඔබ ගැන කතා කරන්න හේතුවුණේ? පාසල් වේදිකාවේ ඉඳලාම කලා කටයුතුවලට දායක වුණා. උඩරට නර්තනය හදාරන්න පටන් ගත්තේ ඒ කාලයේදීමයි. පියසාර ශිල්පාධිපති සර් යටතේ නර්තනය ප්‍රගුණ කළා. සමස්ත ලංකා නැටුම් තරගවලටත් දායක වුණා. මේ සියල්ල අතරේ සුජීව ප්‍රසන්නආරච්චි මහතාගේ ‍'බොඳ මීදුම්' නවකතාවේ රූප පෙළට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. මුලාරම්භය එයයි. පසුව නිළි රැජින මාලිනි ෆොන්සේකා මහත්මියගේ ''දෝනි'' නාට්‍යයේ චරිතයක් ලැබුණා.   අද වනවිට කොපමණ දුරකට ගිහින්ද? ටෙලිනාට්‍ය 25කට විතර මේ වන දායකවෙලා තියෙනවා. ටෝනි රණසිංහ මහතාගේ ‍'අම්මලයි දූලයි' ටෙලි නාට්‍යයෙන් පසුව හිම කඳුළු 'ස්වර්ණවාහිනියේ' නාට්‍යයේ 'කොටස් 100ක්' සඳමිණි චරිතය විශේෂයෙන් සඳහන් කරන්න පුළුවනි.   එලෙසින් චරිතවලට පණපොවන ඔබ සැබෑවට කවුද? කොහොම කෙනෙක්ද? සරල සාමාන්‍ය පොළවේ පයගහලා ජීවත්වන චරිතයක්.   තමුන් කවුද කියලා ඇහුවාම බොහෝ දෙනෙක් දෙන්නේ ඔය උත්තරය තමයි? නිළියක ලෙස ලැබුණු දක්ෂතාව උපතින් ලැබුණු දෙයක්. ඒ හැකියාව නිසා හිස උදුම්මාගෙන නැහැ. බොරු ආටෝපත් නැහැ. මම සාමාන්‍ය චරිතයක් විතරයි.   ඔබ කියන්නේ බොහෝ දෙනා එහෙම නැහැ කියලද? බොහෝ අය බොහොම සරල සාමාන්‍ය චරිත. ඒ සියලුදෙනා අතරින් මොරීන් චාරුණි මහත්මිය වගේ වඩාත් සරල චරිතයකට මම බෙහෙවින් ගරු කරනවා.   එහෙම කියන්නේ ඇය ඔබට ළෙංගතු නිසාද? සමහර ප්‍රශ්නවලදී ඇය බොහෝම ළෙංගතුයි. අපි වගේ ක්ෂේත්‍රයට එන අලුත් අයට ඇයගේ අදහස් හරි වටිනවා. දුකක් ගැටලුවක් ආවොත් අපට උපදෙස් ගන්න ඒවගේ සමීප චරිතයක් ඉන්න ඕන.   මොනවද ආව ප්‍රශ්න? දුකට හේතු? පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ආවාග ක්ෂේත්‍ර යේදී නොයෙකුත් කැපිලිවලට මුහුණ දෙන්නත් සිදුවුණා. ක්ෂේත්‍රය අත්හැර යන්න පවා හිතුණා. නමුත් මාව දිරිමත් කරන්න පිරිසකුත් හිටියා.   රඟපෑම කියන දේ කරන්න කැමරාව ඉදිරියේ විතරද? සැබෑ ජීවිතේ සමහරු රඟපෑමක් කරගෙන බව අහන්න ලැබෙනවාග ඔබ? රඟපෑම කරන්න පුළුවන් රඟපෑමෙදි විතරයි. පිටපත බලාගෙන කරන ඒ රඟපෑම සැබෑවට කරන්න බැහැ. සැබෑ ජීවිතේ රඟපෑමක් කළොත් එය හෙට බොරුවක් වෙනවා. ඒ නිසා රඟපෑම කියන දේ සැබෑවට මවාපාන්න බැහැ.   සැබෑ ජීවිතේ කරන කියන දේ ගැන දුක වෙනවාද? සතුටු වෙනවාද? සමහර දේ ගැන පසුතැවෙනවා. අපරාදේ මේ දේ මේ විදියට කරන්න තිබුණානේ කියලා හිතෙනවා. නමුත් සියල්ල සිද්ධ වෙන්නෙ දෛවය අනුවයි. අහිමි වූ දේ ගැන මම හිතන්නේ නැහැ. අතීතය ගැන හිත හිතා ළතැවෙනවට වඩා නැවතත් අතපසුවීම් ළතැවීම් නැතිව පැහැදිලිව මාවතක ගමන්කිරීම අරමුණයි.   ඇයි අතීතයේදී ළතැවුණේ? පාසල් කාලයේ දී මම සිහින මැව්වෙ නැටුම් ගුරුවරියක වීමටයි. නමුත් සමහර දේ නිසා පසුතැවෙන වාර තිබුණා. ඒත් අද එහෙම නැහැ.   ඔබට ජීවිතේ පැහැදිලි දර්ශනයක් නැහැ වගෙයි. සිතිවිලි නිතර වෙනස් වෙනවාද? ප්‍රශ්න එන විට ඒවාට මුහුණ දෙන්න ඕන. දැන් මම හරි ශක්තිමත්. ඒ කාලයේ මට අත්දැකීම් තිබුණෙ නැහැ. නමුත් අද මට සෑහෙන දුරට ජීවිතේ බොහෝ දේවල් දරාගන්න පුළුවන්. ඒත් ප්‍රශ්න කියන ඒවා මැරෙනකල් ඒවි. ඒවාට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් මට තියෙනවා.   අංජලී කියන්නේ හිතට එකඟව ජීවත්වන කෙනෙක්ද? ඔව්, ඒ නිසාම සතුටින් සිටින කෙනෙක්.   නිතරම ඔබ නිවැරදියි කියලා ඔබ හිතනවාද? කවුරුත් සෑමවිටම නිවැරදි නැහැ. මාත් එහෙම වෙන්න ඇති. ඒත් ගන්න තීරණේ ගන්නවා. හැබැයි සෑම දෙයක්ම කරන්නෙ මට වඩාත් සමීප අයගෙන් අහලයි.   කාන්තාවක් කොහොම විය යුතුයි කියලද ඔබ හිතන්නේ? ශක්තිමත් විය යුතුයි. ඇගේ කඳුළු ගොඩාක් වටිනවා.   ඇයි කාන්තාවකට විතරක්? පිරිමි කියන්නේ යකඩ නෙවෙයිනෙ? දුක හැමෝටම ප්‍රකාශ කරන්න පුළුවනි. ඒත් අපේ සමාජයේදී නිතරම වැරදියි කියන ඇඟිල්ල වැඩිපුර දිගු කරන්නේ කාන්තාවට. වැරදි කළා හෝ නොකළා කාන්තාවට එන දෝෂාරෝපණය වැඩියි. ඒ නිසා ඇය වඩාත් ශක්තිමත් විය යුතුයි.

හැඩගැන්වීම -  චන්දන ඇඹුල්දෙනිය / සටහන ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

ටෙලි චරිත කීපයක් සමග ආලින්දයට එන 'අංජලී'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site