මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප‍්‍රදානය පදනමේ නිර්මාර්තෘ ප‍්‍රංශයේ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක ආචාර්ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී සම්මුබුද්ධාලෝක විහාරස්ථානයේ දී පැවැත්විණි.
අඩු ආදායම් ලාභී පවුල්වලින් තෝරාගත් වෛද්‍ය ශිෂ්‍යයන් 40 දෙනකුට සහ සුවිශේෂී හේතු මත තෝරාගත් දරුවන් දෙදෙනකුටත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කැරිණි.
සුවිශේෂී හේතු මත තෝරාගත් දරු දැරියන් දෙදෙනා වන්නේ පසුගිය දා ශිෂ්‍යත්ව විභාගයෙනේ පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත්ත ද ලිපිය ලැබීමේ ප‍්‍රමාදය නිසා කොළඹට පැමිණ මහා තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ බකමූණේ ඉෂාරා මධුශානි පෙරේරා ශිෂ්‍යාව සහ පිළිකා රෝගයකින් මියගිය බුත්තල මනීෂා කාවින්දි දැරියගේ සොහොයුරු දිල්සර චානුක පතිරණ ශිෂ්‍යායි.
මේ වසරේ පිිරිනැමුණූ ශිෂ්‍යත්ව 42 සමග පදනම දැනට ශිෂ්‍යත්ව 150 ක් පිරිනමා ඇත.
කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යායන පීඨාධිපති වාව්වේ ධම්මරක්කිත හිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත‍්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි, කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජික මහගම සුනීත හිමි ඇතුළු මහා සංඝරත්නයද ප‍්‍රංශයේ සිට පැමිණි ශ්‍රීලාල් සහ ශ්‍රීමතී ෆොන්සේකා යුවළ මෙම අවස්ථාවට සහභාගි වූ අය අතර වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙනුත් සුභ පැතුම් (දී)
පින් සිද්ද වෙනවා (දී)
කරුණාකර එවැනි ශිෂ්‍යත්වයක් මාගේ දරුවාටත් ලබාදෙන්නේ නම් අතිශයින් කෘතඥ වෙමි. 111/3, ගංගොඩ,පිළිමතලාව. (ස)