හිටපු ගුරුවරයකු හා හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ දැනට අම්පාර පෙරටුගාමී පක්ෂ ක්‍රියාකාරිකයකු වන ඒ ක්‍රිෂාන්තතට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයන් තිදෙනෙකු වන චාමින්ද රත්නායක (උහණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී), ධර්මසිරි වික්‍රමසිංහ හා ජයලත් සොයිසා අම්පාර මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා විසින් ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.