ශ්‍රී ලංකාවේ නුතන චිත්‍රශිල්පීන් අතර ලොව වටා වඩාත්ම ප්‍රචලිත නමක් ලබා සිටි ජෝර්ජ් කීට් ගේ "ලංකා මාතා" නම් වූ චිත්‍රය පසුබිම්කොට නිර්මාණය කළ වීදුරු බිතු සිතුවමක් කැනඩාවේ මොන්ට්‍රියල් නුවර මහජන පුස්තකාලයේ සවිකොට ඇත.
වතුර කලයක් උකුලට ගෙන සිටින ගැමි තරුණියක පිළිඹිබු කෙරෙන මෙම චිත්‍රය නිර්මාණය කැරුණේ 1967 වර්ෂයේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වුණ එක්ස්පෝ 67 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා කුටිය සැරසීම සඳහාය. චිත්‍රයෙන් අර්ථවත් වනුයේ සශ්‍රීකත්වය සහ සමෘද්ධියයි.
ශ්‍රී ලංකා කුටියට ආකර්ෂණයක් එක්කළ එම චිත්‍රය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි විශාල පිරිසකගේ පැසසුම දිනාගැනීමටද සමත්විය. ප්‍රදර්ශනය අවසන්වූ පසුව වීදුරු බිතු සිතුවම මොන්ට්‍රියල් නගරයට පරිත්‍යාග කැරිණි.
මහනුවර ඉපදී හැදී වැඩුණ ජෝර්ජ් කීට් කලාකරුවාගේ නිර්මාණවලින් කියැවුණේ ඔහුගේ ජීවිතයට කන්ද උඩරට සුන්දර පරිසරයෙන් ලද ආකර්ෂණය මෙන්ම ඔහු ජීවත්වූ නිවාසය සමීපයේ පිහිටි මල්වතු මහාවිහාරය යි.
ජෝර්ජ් කීට් 1993 දී අභාවප්‍රාප්ත විය.
ඉන්පසුව ගතවී ගිය කාලයත් සමගම කැනඩාවේ තිබු "ලංකා මාතා" බිතුසිතුවම ගැන මතකය කාටත් අමතකවී ගියේය. ජෝර්ජ් කීට්ගේ නිර්මාණ ගැන ඉමහත් ලැදිකමක් දැක්වූ තිස්ස දේවේන්ද්‍ර හිටපු සිවිල් සේවකයාගේ උත්සාය නිසා මෙම කලාකෘතිය සොයාගැනීමට අවස්ථාව ලැබුණි.
මොන්ට්‍රියල් නුවර දීර්ඝකාලයක් තිස්සේ ජීවත්වන මහින්ද පද්මසිරි මහතා ඊට උදව් දුන්නේය. මොන්ට්‍රියල් නුවර මේරි උගුඒ පුස්තකාලයේ එම චිත්‍රය දැනට සුරක්ෂිතව ප්‍රදර්ශනයකෙරේ.
පසුගියදිනෙක පද්මසිරි සහ අලස්ගේ දැනුම්දීමක් අනුව කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගිශ්වර මහත්මිය සහ මොන්ට්‍රියෝල් නගරාධිපති තුමන් මෙම චිත්‍රය දැක බලාගැනීම සඳහා පැමිණයහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට කැනඩාවේ තිබුණේ , ඒකයි තවම සුරක්ෂිතව තියෙන්නේ (ස)
සතුටුයි (ස)
විශිෂ්ටයි