‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 26 දෙනෙක් ජ්‍යොතීර් විද්‍යාරත්න සහ ජ්‍යෙතීර් විද්‍යා විභූෂණ සම්මානයෙන් පුද ලදහ. සම්මාන ලැබුවෝ -  බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි, ජී එම් ගුණපාල, පියසේන රතුවිතාන, ආනන්ද සෙනවිරත්න, සුමනදාස අබේගුණවර්ධන, විජයසිරි විද්‍යාරත්න, ජයතිලක අඹුවන්ගල, ම.ලි සුගතපාල, නන්දන ජී විදුරුවන්, කඩ හෙට්ටිගේ ධනපාල, ග ක වි අමරසිංහ, පානදුර ආරච්චිගේ උපාලි පීරිස්, පද්මානන්ද සේනාරත්න, හිමසිරි නිමල් කුරුප්පු, කේ ඊබට් ප්‍රනාන්දු, කේ ඇක්ටන්, ලෝලනී රණසිංහ, ටී ආර් හසීම්, එම් ජී චන්ද්‍රභාරනී, බබා නෝනා, සේනානායක මුදියන්සේලාගේ රණසිංහ, ප්‍රියනාත් මංජුල පීරිස්, වයිරමුත්තු වේලායුදන්, සීනි තම්බි දේවානායගම්, රාමනාදන් සත්‍යමූර්ති, විනාසි තම්බි අරුමුගම්