IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජිනීවා විරෝධයෙනුත් සල්ලි ගහලා

ස්විස්ර්ලන්තයේ    ජීනිවා නුව‍ර මානව හිමිකම් මූලස්ථානයේ දී 2011  ජූනියේ  පැවැති  විවාදය සම්බන්ධයෙන්  ලංකාවට සහය දැක්විම සඳහා ඉතාලියෙන් ශ්‍රීලාංකිකයින් ගෙන ගිය බස් සංවිධායකයෝ මුදල් වංචා කළේ යැයි  චෝදනාවක් නැගී ඇත. මිලානෝ නුවරින් බස්රථ 10 පිටත් වී ඇත 55 දෙනකු ගමන් කළ බසය එක් මගියෙකුගෙන් යුරෝ  20   බැගින් 55 දෙනෙකුගෙන්  1100 ක් හෙවත් (රුපියල් 156200) අය කළ බවත් ඔවුහු කියති මිලානෝ   සිට ජිනිවා නුවරට යාමට බස් ගාස්තුව යුරෝ  1100 ක් වන අතර  ජිනිවා නුවරදි එරික් මාකේවිට මහතා හැම බසයකටම ගාස්තුවෙන් අඩක් ගෙවා තිබේ. මේ ගමනේදි යූරෝ 5500 කට (රුපියල් 781000) සිදු වූදේ රහසක් බව මාකේවිට මහතා පවසයි මිලානෝ බස් සංවිධානය කළ රොෂාන් ජයමාන්න මහතා කියනුයේ  මේ සඳහා සහභාගී වු අයගෙන් මුදල් ලබා ගත් නමුත් ජිනිවා නුවරදි තමන්ට මුදල් නොලැබුණු බවයි එම  චෝදනාව ප්‍රත්ක්ෂේප කරමින් එරික් මකේවිට මහතා  ස්විස්ර්ලන්තයේ සිට දුරකථනයෙන් පැවසුයේ මිලානො නුවර සිට ආ  සෑම බසයකටම ගාස්තුවෙන් අඩක් ගෙවූ බවයි ඇතැම් සංවිධායිකයින් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින්  නොගිය බස්වලට පවා තමාගෙන් මුදල් ලබාගෙන ඇතැයි එහු කියයි. අනාගතයේදි මෙවැනි දේ වීමට ඉඩ නොදෙන බව ඒ දින වල රෝමයේ  ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ සිටි දැනට ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ මහතා පවසයි  



අදහස් (0)

ජිනීවා විරෝධයෙනුත් සල්ලි ගහලා

ෂාමෙන් Wednesday, 07 November 2012 10:29 PM

යුද්ධය තිබුණු කාලේ තිබුණු එක විරෝධතා රැළියකටවත් පෙනීනොසිටි සමහරු යුධ ජයග්‍රහණයෙන් පස්සේ නම් හැම රැළියකටම වාගේ එනවා. (නි)

:       0       0

සිරිමල් Thursday, 08 November 2012 12:46 AM

ලන්ඩන් නුවර ඔය වගේ විරෝධතාවයක් පැවැත්වුණු අවස්ථාවක ලංකාවෙන් නොමිලයේ ලබාදී තුබුණු සිංහ කොඩි විකුණා ලද මුදලින් සංවිධායකයන් විස්කි බ්‍රැන්ඩි බොමින් රාත්‍රී බෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ඒදවස්වල මාධ්‍ය මගින් හෙළිදරවුකළා මට මතකයි. (නි)

:       0       0

පිටිගල Thursday, 08 November 2012 12:51 AM

බස් ගාස්තු සදහා මුදල් එකතු කිරීමේදී හැමදෙනෙකුම පාහේ පිරිසිදු සිතින් යුතුව වැඩිපුර මුදල් දුන්නේ මෙම කාර්යයේ සාර්ථකත්වය වෙනුවෙනි. එසේ වුවත් තවත් වැඩිපුර මුදල් එකතු කිරීමට ඔවුන් පසුබට නොවූ ආකාරය කණගාටුදායකය. (නි)

:       0       0

කරුණාසේන-මිලානෝ Thursday, 08 November 2012 01:36 AM

මේ ගැන දැනගත් විගස අප ඉහත ප්‍රවෘත්තියේ සදහන් සංවිධානයෙන් මේ පිළිබදව විමසූ විට ඔවුන් පවසන්නේ වෙනත් ඉහළ නිළදාරියෙකුගෙන් අසන ලෙසයි. (නි)

:       0       0

වරුණ Thursday, 08 November 2012 08:12 AM

හොර දේශප්‍රේ.......මීයෝ (ස)

:       0       0

ලාල් Thursday, 08 November 2012 02:23 PM

ඉතින් කොහොමද වැඩක් කරන්නේ

:       0       0

අජිත් Thursday, 08 November 2012 09:10 AM

එහෙත් එහෙමද ??? මෙහෙත් එහෙමයි (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 November 2012 05:47 PM

ආ...හා.... බළලා මල්ලෙන් එළියට.... (නි)

:       0       0

ලාල් ගලබඩ Wednesday, 07 November 2012 06:07 PM

හුගක් කලක් දේශපාලනයේ යෙදී සිට ලද අත්දැකීම් අනුව මේවා ඇහෙනකොට පිළිකුල් සහගතයි. කවුරු කවුරුත් අතවිතරක් ලෙවකා නැතිබව ඉතාලියේ සහ මිලානෝ කසු කුසු ගානා ප්‍රසිද්ධ රහසක් බව තතු දත්තෝ දනිති. (නි)

:       0       0

තිස්ස Wednesday, 07 November 2012 06:17 PM

ලංකාවට මෙවැනි දෑ සාමාන්‍ය සිදුවීම් වේ. (නි)

:       0       0

නන්දන ගමගේ Wednesday, 07 November 2012 06:43 PM

හැත්තෑ අට ලක්ෂයක් නෙවෙයි. ලක්ෂ හතයි අසු එක් දාහක් මෙ ගණන් වල හැටියට.(ස)

:       0       0

නාරද Thursday, 08 November 2012 10:26 AM

මට මතක විදියට මේක සංවිධානය කරේ ඇමති කෙනෙක් නේද ? (ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 07 November 2012 06:55 PM

කොහේ හිටියත් ඉතිං අපේ ලංකාවේ කට්ටිය නිසා ගණන් ගන්න දෙයක් නැහැ. (නි)

:       0       0

වජිර Wednesday, 07 November 2012 06:46 PM

යූරෝ 5500 ක් කියන්නේ රුපියල් කීයද ?? (ස)

:       0       0

රුවන් Wednesday, 07 November 2012 07:01 PM

ශ්‍රී ලාංකිකකම පෙන්නලාද කොහෙද? දේශ හිතෛශියෝනේ. ඒකයි මේ. (නි)

:       0       0

පාලිත කුමාර Wednesday, 07 November 2012 07:19 PM

ඕක නම් කරුමේ

:       0       0

විලී Wednesday, 07 November 2012 08:10 PM

හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නැහැනේ. (නි)

:       0       0

තුවන් ෂෆිස් Wednesday, 07 November 2012 09:14 PM

බුදු දහම විකුණන් කන රටේ මේවා සුළු දේවල් (අ)

:       0       0

පනා‍ගොඩ Wednesday, 07 November 2012 09:42 PM

බස් කීයක් ගියාද කියලා වගේම තව බො‍හෝ දේවල් ගැනත් දන්නෝ දනිති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site