ස්විස්ර්ලන්තයේ ජීනිවා නුවර මානව හිමිකම් මූලස්ථානයේ දී 2011 ජූනියේ පැවැති විවාදය සම්බන්ධයෙන් ලංකාවට සහය දැක්විම සඳහා ඉතාලියෙන් ශ්‍රීලාංකිකයින් ගෙන ගිය බස් සංවිධායකයෝ මුදල් වංචා කළේ යැයි චෝදනාවක් නැගී ඇත. මිලානෝ නුවරින් බස්රථ 10 පිටත් වී ඇත 55 දෙනකු ගමන් කළ බසය එක් මගියෙකුගෙන් යුරෝ 20 බැගින් 55 දෙනෙකුගෙන් 1100 ක් හෙවත් (රුපියල් 156200) අය කළ බවත් ඔවුහු කියති මිලානෝ සිට ජිනිවා නුවරට යාමට බස් ගාස්තුව යුරෝ 1100 ක් වන අතර ජිනිවා නුවරදි එරික් මාකේවිට මහතා හැම බසයකටම ගාස්තුවෙන් අඩක් ගෙවා තිබේ. මේ ගමනේදි යූරෝ 5500 කට (රුපියල් 781000) සිදු වූදේ රහසක් බව මාකේවිට මහතා පවසයි මිලානෝ බස් සංවිධානය කළ රොෂාන් ජයමාන්න මහතා කියනුයේ මේ සඳහා සහභාගී වු අයගෙන් මුදල් ලබා ගත් නමුත් ජිනිවා නුවරදි තමන්ට මුදල් නොලැබුණු බවයි එම චෝදනාව ප්‍රත්ක්ෂේප කරමින් එරික් මකේවිට මහතා ස්විස්ර්ලන්තයේ සිට දුරකථනයෙන් පැවසුයේ මිලානො නුවර සිට ආ සෑම බසයකටම ගාස්තුවෙන් අඩක් ගෙවූ බවයි ඇතැම් සංවිධායිකයින් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් නොගිය බස්වලට පවා තමාගෙන් මුදල් ලබාගෙන ඇතැයි එහු කියයි. අනාගතයේදි මෙවැනි දේ වීමට ඉඩ නොදෙන බව ඒ දින වල රෝමයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ සිටි දැනට ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ මහතා පවසයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම විකුණන් කන රටේ මේවා සුළු දේවල් (අ)
ඉතින් කොහොමද වැඩක් කරන්නේ
මට මතක විදියට මේක සංවිධානය කරේ ඇමති කෙනෙක් නේද ? (ස)
එහෙත් එහෙමද ??? මෙහෙත් එහෙමයි (ස)
හොර දේශප්‍රේ.......මීයෝ (ස)
මේ ගැන දැනගත් විගස අප ඉහත ප්‍රවෘත්තියේ සදහන් සංවිධානයෙන් මේ පිළිබදව විමසූ විට ඔවුන් පවසන්නේ වෙනත් ඉහළ නිළදාරියෙකුගෙන් අසන ලෙසයි. (නි)
බස් ගාස්තු සදහා මුදල් එකතු කිරීමේදී හැමදෙනෙකුම පාහේ පිරිසිදු සිතින් යුතුව වැඩිපුර මුදල් දුන්නේ මෙම කාර්යයේ සාර්ථකත්වය වෙනුවෙනි. එසේ වුවත් තවත් වැඩිපුර මුදල් එකතු කිරීමට ඔවුන් පසුබට නොවූ ආකාරය කණගාටුදායකය. (නි)
ලන්ඩන් නුවර ඔය වගේ විරෝධතාවයක් පැවැත්වුණු අවස්ථාවක ලංකාවෙන් නොමිලයේ ලබාදී තුබුණු සිංහ කොඩි විකුණා ලද මුදලින් සංවිධායකයන් විස්කි බ්‍රැන්ඩි බොමින් රාත්‍රී බෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ඒදවස්වල මාධ්‍ය මගින් හෙළිදරවුකළා මට මතකයි. (නි)
යුද්ධය තිබුණු කාලේ තිබුණු එක විරෝධතා රැළියකටවත් පෙනීනොසිටි සමහරු යුධ ජයග්‍රහණයෙන් පස්සේ නම් හැම රැළියකටම වාගේ එනවා. (නි)
බස් කීයක් ගියාද කියලා වගේම තව බොහෝ දේවල් ගැනත් දන්නෝ දනිති. (නි)
ආ...හා.... බළලා මල්ලෙන් එළියට.... (නි)
හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නැහැනේ. (නි)
ඕක නම් කරුමේ
ශ්රී ලාංකිකකම පෙන්නලාද කොහෙද? දේශ හිතෛශියෝනේ. ඒකයි මේ. (නි)
යූරෝ 5500 ක් කියන්නේ රුපියල් කීයද ?? (ස)
කොහේ හිටියත් ඉතිං අපේ ලංකාවේ කට්ටිය නිසා ගණන් ගන්න දෙයක් නැහැ. (නි)
හැත්තෑ අට ලක්ෂයක් නෙවෙයි. ලක්ෂ හතයි අසු එක් දාහක් මෙ ගණන් වල හැටියට.(ස)
ලංකාවට මෙවැනි දෑ සාමාන්‍ය සිදුවීම් වේ. (නි)
හුගක් කලක් දේශපාලනයේ යෙදී සිට ලද අත්දැකීම් අනුව මේවා ඇහෙනකොට පිළිකුල් සහගතයි. කවුරු කවුරුත් අතවිතරක් ලෙවකා නැතිබව ඉතාලියේ සහ මිලානෝ කසු කුසු ගානා ප්‍රසිද්ධ රහසක් බව තතු දත්තෝ දනිති. (නි)