අධිකරණය ගැන ජනතා සැලැකිල්ල අඩුවේගන යන බව පෙනෙතියි යහ පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමැති රත්නසිරි වික්‍රමනායක මහා හොරණදී ප්‍රකාශ කළේය.
අධිකරණය තීන්දු ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක් උදා වන විටත් දෙන්නා වූ තීන්දු බල රහිත වන විටත් ජනතාව කලකිරෙන බව ද මේ ආයතන එපා වන බව ද ඔහු කීවේය.
‘අද විශාල අර්බුදයක් ඇති වී තිබෙනවා. විධායකය, විවස්ථාදායකය හා අධිකරණය ජනතාවට පෙනන ආකාරයට විශාල ගැටුමක්. ජනතාවගේ සැළකිල්ල අධිකරණය ගැන අඩුවී ගෙන යන බව පේනවා. අධිකරණයට තීන්දු ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක් උදා වන විට දෙන්නා වූ තීන්දු අනුව තීන්දු බල රහිත වන විට ජනතාව කලකිරෙනවා. ජනතාවට මේ ආයතන එපා වෙනවා. මේවායින් අපි වැළකිය යුතුයි. අප දැනගෙන වැඩ කළ යුතුයි.
අපි කවුරුත් පරිත්‍යාගශීලී විය යුතුයි. අපි හරි නිවැරදියයි හයියෙන් කියා වැඩක් නැහැ. කා සමගත් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඉගෙනගත යුතුයි. ආයතනත් පුද්ගලයනුත් එසේ විය යුතුයි. ආයතන තුනක් ගැන මම කිව්වා. ඒ ආයතන තුන සහයෝගයෙන් වැඩ කළ යුතුයි. අන්‍යෝන්‍ය හැගීම් වර්ධනය කරගත යුතුයි. එක ආයතනයක් පාගාගෙන තව ආයතනයක් ඉස්සෙන්නට බැහැ. ජනමතය නියෝජනය වෙන්නේ කොතනද එතනට ගරු කළ යුතුයි.
මේ ආරවුල් ඇතිවෙලා තිබෙන්නේ ඒ ආකාරයේ හැඟීම් නැති නිසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම් අදහස රාජ්‍ය සේවයේ මෙන් දේශපාලනයේදීත් විශ්‍රාම යාමට යම් වයස් සීමාවක් නියම කළ යුතු බවයි. (නි)
ඒක නොකරන එකම තමයි අපිටත් තියෙන ගැටලුව. (නි)
අධිකරණයට පමණක් නොව මෙය අදාළ සියලු අංශ වලට පොදුය. (නි)
වැඩේ කියන්නේ ජනමතය කොහෙන්වත් නියෝජනය නොවෙන එකනේ. (නි)
ඔය තියෙන්නේ ....................(ස)
ජනතාවගේ සැළකිල්ල අඩුවෙලා තියෙන්නේ අධිකරණයට නෙමෙයි, අනෙක් අංශ දෙකෙන් එකකට. (නි)
ඒ ගමන මොනවද මේ කියන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පුස්සෝ සුදුස්සෝ වී ඇති යුගයක ඔබතුමා වැනි එඩිතර දේශපාලඥයින් අපේ රටට මහත් භාග්‍යයක්. (නි)
හැබෑට? (නි)
දැන් ඔය ආයතන තුනෙන් එකකවත් වෙනසක් අපිට නම් පෙනෙන්නෙ නැහැ. (නි)
ජනතා කුසගින්න නිවන්න එන්නේ ලැම්බොගිනි නිසා ඒ ගැන බලද්දී, මගේ අදහසේ හැටියට නම්,අධිකරණය නෙමෙයි හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. (නි)
අනේ මහත්තයෝ, කියන දෙයක් කෙළින් කියන්න. අපිට ඕවා තේරෙන්නෙ නැහැ. (නි)
ඉතින් දැන් කවුද අධිකරණය හෑල්ලු කරන්නේ? (නි)