IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ජනමතය ඇති තැනට ගරු කළ යුතුයි‘

අධිකරණය ගැන ජනතා සැලැකිල්ල අඩුවේගන යන බව පෙනෙතියි යහ පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමැති රත්නසිරි වික්‍රමනායක මහා හොරණදී ප්‍රකාශ කළේය.

අධිකරණය තීන්දු ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක් උදා වන විටත් දෙන්නා වූ තීන්දු බල රහිත වන විටත් ජනතාව කලකිරෙන බව ද මේ ආයතන එපා වන බව ද ඔහු කීවේය.

‘අද විශාල අර්බුදයක් ඇති වී තිබෙනවා. විධායකය, විවස්ථාදායකය හා අධිකරණය ජනතාවට පෙනන ආකාරයට විශාල ගැටුමක්. ජනතාවගේ සැළකිල්ල  අධිකරණය ගැන අඩුවී ගෙන යන බව පේනවා. අධිකරණයට තීන්දු ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක් උදා වන විට දෙන්නා වූ තීන්දු අනුව තීන්දු බල රහිත වන විට ජනතාව කලකිරෙනවා. ජනතාවට මේ ආයතන එපා වෙනවා. මේවායින් අපි වැළකිය යුතුයි. අප දැනගෙන වැඩ කළ යුතුයි.

අපි කවුරුත් පරිත්‍යාගශීලී විය යුතුයි. අපි හරි නිවැරදියයි හයියෙන් කියා වැඩක් නැහැ. කා සමගත් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඉගෙනගත යුතුයි. ආයතනත් පුද්ගලයනුත් එසේ විය යුතුයි. ආයතන තුනක් ගැන මම කිව්වා. ඒ ආයතන තුන සහයෝගයෙන් වැඩ කළ යුතුයි. අන්‍යෝන්‍ය හැගීම් වර්ධනය කරගත යුතුයි. එක ආයතනයක් පාගාගෙන තව ආයතනයක් ඉස්සෙන්නට බැහැ. ජනමතය නියෝජනය වෙන්නේ කොතනද එතනට ගරු කළ යුතුයි.

මේ ආරවුල් ඇතිවෙලා තිබෙන්නේ ඒ ආකාරයේ හැඟීම් නැති නිසයි.



අදහස් (0)

‘ජනමතය ඇති තැනට ගරු කළ යුතුයි‘

සුනිල් Monday, 31 December 2012 02:01 PM

මගේ නම් අදහස රාජ්‍ය සේවයේ මෙන් දේශපාලනයේදීත් විශ්‍රාම යාමට යම් වයස් සීමාවක් නියම කළ යුතු බවයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 02:42 PM

ඒක නොකරන එකම තමයි අපිටත් තියෙන ගැටලුව. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 03:04 PM

අධිකරණයට පමණක් නොව මෙය අදාළ සියලු අංශ වලට පොදුය. (නි)

:       0       0

ජවන්ත Monday, 31 December 2012 03:05 PM

වැඩේ කියන්නේ ජනමතය කොහෙන්වත් නියෝජනය නොවෙන එකනේ. (නි)

:       0       0

චානක Monday, 31 December 2012 10:44 AM

ඔය තියෙන්නේ ....................(ස)

:       0       0

සුමනා Monday, 31 December 2012 11:07 AM

ජනතාවගේ සැළකිල්ල අඩුවෙලා තියෙන්නේ අධිකරණයට නෙමෙයි, අනෙක් අංශ දෙකෙන් එකකට. (නි)

:       0       0

අචිනි Monday, 31 December 2012 11:49 AM

ඒ ගමන මොනවද මේ කියන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 11:53 AM

පුස්සෝ සුදුස්සෝ වී ඇති යුගයක ඔබතුමා වැනි එඩිතර දේශපාලඥයින් අපේ රටට මහත් භාග්‍යයක්. (නි)

:       0       0

අපොන්සු Monday, 31 December 2012 12:18 PM

හැබෑට? (නි)

:       0       0

නවුෂාඩ් Monday, 31 December 2012 12:46 PM

දැන් ඔය ආයතන තුනෙන් එකකවත් වෙනසක් අපිට නම් පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

තිලක් Tuesday, 01 January 2013 10:39 PM

ජනතා කුසගින්න නිවන්න එන්නේ ලැම්බොගිනි නිසා ඒ ගැන බලද්දී, මගේ අදහසේ හැටියට නම්,අධිකරණය නෙමෙයි හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චතූ Monday, 31 December 2012 01:28 PM

අනේ මහත්තයෝ, කියන දෙයක් කෙළින් කියන්න. අපිට ඕවා තේ‍රෙන්නෙ නැහැ. (නි)

:       0       0

මධු Monday, 31 December 2012 01:55 PM

ඉතින් දැන් කවුද අධිකරණය හෑල්ලු කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site