(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආසන පටි සිද්ධියක් මුල් කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් පරුෂ වචන පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ බස් රියදුරෙක් (33) සහ කටාන ප්‍රෙද්ශයේ පදිංචි සිව් දෙනකි.
සැකකරුවන් එදින ගමන් ගත් ලේලන්ඩ් බස් රථයද පොලිස් භාරයට ගනු ලැබූ අතර එහි ඉදිරිපස වාමුවා ආවරණය වන පරිදි ඉෂ්ට රූප සුදු යකඩ වැටක් අනාරක්ෂිත අයුරින් සවිකිරීම ඇතුළු විවිධ වැරදි ගණනාවක් සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂකට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ සැකකරුවන් පිරිස මත්තල පිවිසුමේදී එලෙස ආවේගශීලීව හැසිරෙන අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මත්තල පිවිසුමේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානය වෙතත් පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා කඩවත සහ කොට්ටාව අධිවේගී පොලිස් මුර පොළවල්වෙතත් මාරු කිරීමට පියවර ගෙන ඇත.
ඉකුත් 16 වෙනිදින මීගමුව ප්‍රදේශයේ පිරිසක් ලේලන්ඩ් බස් රථයකින් කතරගම වන්දනාවේ ගොස් යළි මීගමුව බලා යාම සඳහා මත්තල පිවිසුමට පැමිණි අවස්ථාවේදී බස් රථයේ සිටි පිරිසට ආසන පටි නොමැති බව පවසමින් පොලිස් නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් සමඟම එම බස් රථයේ සිටි කීප දෙනෙකු බස් රථයෙන් බැස පොලිස් නිලධාරීන්ට බැන වදිමින් ජංගම දුරකථනයෙන් අනෙකුත් වාහන අභ්‍යන්තරද වීඩියෝ කරමින් පොලිස් නිලධාරීන්ට මෙන්ම ජනාධිපතිවරයාදටද පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී තිබූ අතර එම වීඩියෝ අන්තර්ජාලයටද යොමු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd