
ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි.
ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි, ඩිමොක්‍රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.
ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.
(සී.එන්.එන්.)
COMMENTS
අපේ රටේ හැරමිටියෙන් යන, කොණ්ඩය කළු කරගෙන තරුණ බව පෙන්නන්න තටමන දේශපාලකයන්ට බයිඩන් මහතාගේ තීරණය කදිම උදාහරණයක් වේවා. රට ගැන හිතා තමන්ගේ බලයට කෑදර නොවී ජනාධිපති කරගයෙන් ඉවත් වීම එතුමාගේ උසස් ගුණයක් බව, ඇමෙරිකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත.
යකෝ ඇමෙරිකාවේ වෙන අය ඇත්තේම නැද්ද? මේ කමලා අක්කාට වඩා...
ඇමෙරිකාවේ එහෙම වුවත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ රං ගොනිලා ඉවත් වෙන්නෙ නෑ
මෙන්න නියම නායකයෝ. තමන්ගේ වයසත් සමග ඇති දුර්වලතා සහ සංකූලතා ගැන තේරුම් අරන් ඇනයක්, වදයක් නොවී තමන්ගේ පක්සය සහ රට ගැන හිතලා වැදගත් විදියට ඉවත් වුණා. ඒ ඇමරිකන් ශ්‍රී ලංකන් තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්... ඇවිද ගන්නේ අමාරුවේ... හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන නැගිටින්නෙත් කාගේ හෝ වාරුවෙන්. රටේම ජන අප්‍රසාදයට ලක්වෙලා. ඒත් තවත් බල තන්හාවට බලේට එන්න ආශාව. අනිත් කෙනා වසර 30ක් විතර පක්ෂ නායකත්වය... ඒත් හැමදාම පරාදයි. එන්න එන්න පක්ෂය පල්ලම් බැහැලා පාර්ලිමේන්තුවෙනුත් එළියට ගිහින් හොම්බෙන් ගියත් තවමත් ට්‍රයි කරන්නේ බලය වෙනුවෙන්...
මෙහේ බයි ඩෝන්, අලි ඩෝන් තාම බල ලෝබයෙන්...
මඤ්ඤං ලෝකයක් ඇමරිකාව……
ට්‍රම්ප් අප්පච්චි දිනනවා ෂුවර්, කමලා හැරිස්ට දරුනු පරාජයක් අත්වෙයි.
මං පොර න්‍යායෙ ඉන්නෙ නැතුව කලින්ම ඕක කළා නං කමලාට මේ වෙනකොට යම් නමක් හදාගන්න තිබ්බා..කොහෙද ඉතින් ඔයාට බෑ කියල කමලාව පස්සට තල්ලු කරලනෙ තිබ්බෙ.
කමලා හැරිස් ජනාධිපති අපේක්ෂකයා ලෙස වැඩකට නැති තැනැත්තියකි, ඇයට එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දැරීමට කිසිසේත්ම හැකියාවක් නැත.
ඇමෙරිකාවේ ඉන්නේ ඔක්කොම කුමක් හෝ විදේශ රටක සම්භවයක් තියෙන අය තමයි...!
ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ඉන්නේ කුමක් හෝ විදේශ රටක සම්භවයක් සහිත ජනතාව තමයි..
මෙයා අයින් වුණේ නෑ.. අයින් වෙන්න කියලා බල කළා. දේශපාලකයෝ කොයි රටේත් එකයි බ්‍රෝ..!
කමලාගේ දෙමව්පියෝ ලංකාවෙලු නේද? එයා ආවොත් නම් ලංකාවේ ඔක්කොටෝම ග්‍රීන් කාඩ් දෙයි නේද?
ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනි, කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පැවසීය. මේ වනවිට ඇමරිකානු දේශපාලනයේ ජනප්‍රිය වෙමින් සිටිනා ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් කමලා හැරිස් නොව මිචෙල් ඔබාමා පැමිණිය යුතුවේ. මිචෙල් ඔබාමා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවක් මෙතෙක් ප්‍රකාශ කර නොතිබුණද Barak Obama මේ වනවිට තීරය පිටුපස ප්‍රබල ක්‍රියාත්මක වීමක් පෙන්නුම් කරමින් සිටියි...