ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කරන 56 වැනි ජාතික හොකී ශූරතාවලිය (පිරිමි)අනිද්දා (15) සිට මෙම 18 වැනිදා දක්වා කොළඹ කෘතිම හොකී පිටියේදී පැවැත්වේ. මෙවර තරගාවලියට දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 17 ක් ඉදිරිපත්ව සිටිති. පසුගිය වසරේ ශූරතාව මාතලේ දිස්ත‍්‍රික් පිල ගෝල 2/1 කින් පරදවා ආරක්‍ෂක සේවා පිල දිනාගත්තේය. තරගාවලියේ මුලික වටයේ තරග නාරහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පිරිමි තරගාවලියට සහභාගිවන කණ්ඩායම්: ආරක්‍ෂක සේවා, මාතලේ දිස්ත‍්‍රික්, කෑගල්ල දිස්ත‍්‍රික්, කොළඹ දිස්ත‍්‍රික්, රාජ්‍ය සේවා, ජනසතු සේවා, විශ්ව විද්‍යා ඒකාබද්ධ, පාසල්, මාතර දිස්ත‍්‍රික්, ගාල්ල දිස්ත‍්‍රික්, කළුතර දිස්ත‍්‍රික්, වෙන්නප්පුව දිස්ත‍්‍රික්, වෙළෙඳ සේවා, මහනුවර දිස්ත‍්‍රික්, ඌව පළාත්, ගම්පහ දිස්ත‍්‍රික් සහ යාපනය දිස්ත‍්‍රික් යන කණ්ඩායම්
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයින්ටත් සපත්තු නැද්ද කියලා දන්නේ දෙයියෝ තමයි (ස)