IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා මහනුවරදී ඇරඹෙයි

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා (14) මහනුවරදී ඇරඹෙයි. තරගාවලියේ මුලික වටයේ තරග මේ මස 17 වැනිදා දක්වා මහනුවර ලීනියා ඇඟලූම් කර්මාන්තශාලා බොක්සිං වළල්ලේදී පැවැත්වේ. පේ‍්‍රක්‍ෂකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අපේක්‍ෂාවෙන් තරගාවලියේ අවසන් තරග මේ මස 18 වැනිදා මහනුවර නගරයේ ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි ඉහළ මහලයේ පැවැත්වීමට නියමිතය. ජාතික බොක්සිං තරගාවලියක් කොළඹින් පිටතදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ. මෙවර ජාතික බොක්සිං ශූරතාවලිය සංවිධානය කෙරෙන්නේ ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව බොක්සිං ක‍්‍රීඩාවෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් පසුවය. කිලෝග‍්‍රෑම් 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතියේ ජාතික ශූරී අනුෂා කොඩිතුවක්කු, කොළඹදී ඉන්දියාව සමග පැවැති ද්වන්ධ බොක්සිං තරගාවලියෙන් පසුව ක‍්‍රීඩාවෙන් සමුගත් හෙයින් මෙම තරගාවලියට සහභාගි නොවේ. කෝසලා නිල්මිණී සහ ජේ. ඒ. එස්. ජයසිංහ මාස් සදර්න් පිලෙන් අනුෂාගේ ස්ථානයට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩිකාවෝ දෙදෙනා වෙති. අනුෂා ක‍්‍රීඩාවෙන් සමුගත්ත ද, හිටපු ජාතික ශූරයකු වන මංජු වන්නිආරච්චි මෙම තරගාවලියට සහභාගිවෙමින් නැවත බොක්සිං වළල්ලට පිවිසෙයි. වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි මංජු කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියේ හිටපු ජාතික ශූරයාද වෙයි. පසුගිය වසරේ පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේදී කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියේ ශූරයා වුයේ යුද හමුදාවේ ආර්. ටී. වීරක්කොඩියි. ස්ලීම් ලයින් ක‍්‍රීඩා සමාජයේ ගයාන් ජයවීර බැන්ටම් බර පංතියේ වර්තමානයේ සිටින ප‍්‍රබලම ක‍්‍රීඩකයාය. ගයාන් ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ මෙන්ම ක්ලිෆඞ් කුසලාන තරගාවලියේද බැන්ටම් බර පංතියේ ශූරයා විය. ඉන්දියාව සමග පැවැති බොක්සිං තරගාවලියේද ගයාන්, ඉන්දිය ක‍්‍රීඩකයා පරාජය කිරීමට සමත්විය. ඒ අනුව වසර දෙකක නිහැඩියාවකින් පසුව බොක්සිං වළල්ලට එන මංජුට සිය ක‍්‍රීඩා සමාජයෙන්ම ප‍්‍රතිවාදියකු බිහිවී සිටී. මෙවර තරගාවලියේදී පන්නල ස්ලිම්ලයින්, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, කිංග්ස්වුඞ්, මාස් සදර්න්, තුරුලිය, සිලූටා, විද්‍යාරතන, යුනිචෙලා, විද්‍යාර්ථ ආදී ක‍්‍රීඩා සමාජ 28 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් බර පංති 11 කින් තරග වදිති. පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය පසුගිය වසරේ ශූරතාව සමග පිට පිට වසර දෙකක් ජාතික බොක්සිං ශූරතාව රැකගෙන සිටියි. ලබන වසරේ මාර්තු මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවසන් තේරීම් ද මෙම තරගාවලියෙන් සිදුකෙරේ.



අදහස් (0)

ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා මහනුවරදී ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site