ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබා ගැනීමට තමන්ට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක හතර ස්ථානයේ ක‍්‍රීඩා කරන යොවුන් පිතිකරු භානුක රාජපක්‍ෂ පැවසීය.
එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමෙන් පසුව භානුක රාජපක්‍ෂ එසේ පැවසීය.
මෙහිදී භානුක පන්දු 74 කදී හතරේ පහර 11 ක් සමගින් අගනා ලකුණු 72 ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින 20 හැවිරිදි භානුක රාජපක්‍ෂ, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
‘‘මම ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා, ශ‍්‍රී ලංකා පිලේ පිතිකරු ලැස්තුවේ ස්ථානයක් ලබා ගන්න හැකි වෙයි කියලා. ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක් කළ පිතිකරුවන් රැසක් ඉන්නවා, මම හිතනවා ඒ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්න අවස්ථාවේදීම, තරගවලට සහභාගි නොවුණත්, ඔවුන් සමග එකතු වුණොත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා’’
තමන් වේගයෙන් ලකුණු රැස්කිරීමට කැමැත්ත දක්වන බවත් එම ඉනිමේදී සැලැස්මකට අනුව ලකුණු රැස්කළ බවත් ඔහුගේ අගනා ඉනිම පිළිබඳව කළ විමසුමේදී භානුක පැවසීය.
‘‘මට පුහුණුකරු කළුවිතාරණ මහතා උපදෙස් දුන්නේ හතරේ හෝ හයේ පහරක් ගැසූ විට එක ලකුණු ලබාගෙන අනෙක් අන්තයට මාරු වන ලෙසයි, මම එය ඉතාමත් හොඳින් කළා. ඒ වගේම අපි සැලසුම් කළා කිසිම අවස්ථාවක එංගලන්ත පා දඟ පන්දු යවන්නන්ට ස්ථාවර වෙන්න අවස්ථාව නොදෙන්න. අපේ සැලැස්ම සාර්ථක වුණා’’ යැයි ද භානුක වැඩි දුරටත් පැවසීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ශ්‍රී ලංකා පිලේ අනාගතයට සුබ දෙයක් වෙයි
ජයවේවා මල්ලී මගේ සුබ පැතුම්
ජාතික කණ්ඩායමට එන්න ආස කලාට කමක් නෑ පුතා. හැබැයි අයි.පී.එල් ගහන එක නම් සිහිනයක් කරගන්න එපා.. එතකොට අපේ ක්‍රිකට් වලපල්ලටම යන දවස වැඩි දුරක නෙවෙයි..