IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබා ගැනීමට තමන්ට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක හතර ස්ථානයේ ක‍්‍රීඩා කරන යොවුන් පිතිකරු භානුක රාජපක්‍ෂ පැවසීය. එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමෙන් පසුව භානුක රාජපක්‍ෂ එසේ පැවසීය. මෙහිදී භානුක පන්දු 74 කදී හතරේ පහර 11 ක් සමගින් අගනා ලකුණු 72 ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින 20 හැවිරිදි භානුක රාජපක්‍ෂ, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ‘‘මම ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා, ශ‍්‍රී ලංකා පිලේ පිතිකරු ලැස්තුවේ ස්ථානයක් ලබා ගන්න හැකි වෙයි කියලා. ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක් කළ පිතිකරුවන් රැසක් ඉන්නවා, මම හිතනවා ඒ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්න අවස්ථාවේදීම, තරගවලට සහභාගි නොවුණත්, ඔවුන් සමග එකතු වුණොත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා’’ තමන් වේගයෙන් ලකුණු රැස්කිරීමට කැමැත්ත දක්වන බවත් එම ඉනිමේදී සැලැස්මකට අනුව ලකුණු රැස්කළ බවත් ඔහුගේ අගනා ඉනිම පිළිබඳව කළ විමසුමේදී භානුක පැවසීය. ‘‘මට පුහුණුකරු කළුවිතාරණ මහතා උපදෙස් දුන්නේ හතරේ හෝ හයේ පහරක් ගැසූ විට එක ලකුණු ලබාගෙන අනෙක් අන්තයට මාරු වන ලෙසයි, මම එය ඉතාමත් හොඳින් කළා. ඒ වගේම අපි සැලසුම් කළා කිසිම අවස්ථාවක එංගලන්ත පා දඟ පන්දු යවන්නන්ට ස්ථාවර වෙන්න අවස්ථාව නොදෙන්න. අපේ සැලැස්ම සාර්ථක වුණා’’ යැයි ද භානුක වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා

th2th2 Friday, 03 February 2012 10:30 AM

එය ශ්‍රී ලංකා පිලේ අනාගතයට සුබ දෙයක් වෙයි

:       0       0

faru Friday, 03 February 2012 11:17 AM

ජයවේවා මල්ලී මගේ සුබ පැතුම්

:       0       0

හාසික් Friday, 03 February 2012 11:43 AM

ජාතික කණ්ඩායමට එන්න ආස කලාට කමක් නෑ පුතා. හැබැයි අයි.පී.එල් ගහන එක නම් සිහිනයක් කරගන්න එපා.. එතකොට අපේ ක්‍රිකට් වලපල්ලටම යන දවස වැඩි දුරක නෙවෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site