ශ්රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේය.
කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ. තරගාවලියට පාසල් සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රැසකින් වයස 17 සහ 19 පසුවන ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් ද, කී‍්‍රඩිකාවෝ 38 දෙනෙක් සහභාගිවුහ.
පිරිමි ශූරතාව දිනාගත් විද්‍යාර්ථ විදුහල ලකුණු 29 ක් ලබාගත් අතර මහනුවර ශාන්ත සිල්වෙස්තර බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 15 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තේය. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 17 ක් ලබමිනි.
ලීනියා බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 11 ක් ලබා කාන්තා අනුශූරතාව ලැබීය.
මහනුවර ධර්මරාජ විදුහලේ ඒ. එස්. තුඩුවෙවත්ත දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙසද, මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඞී.එල්.හෙට්ටිආරච්චි දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුහ.
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ටී. එච්. ජයතිස්ස දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ලීනියා බොක්සිං පිලේ ආර්. අයි. ජයරත්න දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද තේරීපත්වුවාය. 
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ශූරතාව දිනති
අභිෂේක් Saturday, 10 November 2012 08:03 AM
ජයග්‍රාහී විද්‍යාර්ථය. මට ඔබ ගැන ආඩම්බරයි. (නි)
චන්ද්‍රසිරි Friday, 09 November 2012 12:56 AM
ඔහොමම හැකියාවන් දියුණු කරගෙන ඔලිම්පික් රන් පදක්කමක් ගන්න උත්සාහ කරන්න දරුවනේ. (නි)
රසිකා Friday, 09 November 2012 08:32 AM
ජයග්‍රාහී විද්‍යාර්ථය... (නි)
භාරත Wednesday, 14 November 2012 03:21 PM
විද්‍යාර්ථයේ කොල්ලෝ කවදාහරි ඔලිම්පික් රන් පදක්කමකුත් ලංකාවට ගෙනෙනවා. (නි)