ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේය.
කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ. තරගාවලියට පාසල් සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රැසකින් වයස 17 සහ 19 පසුවන ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් ද, කී‍්‍රඩිකාවෝ 38 දෙනෙක් සහභාගිවුහ.
පිරිමි ශූරතාව දිනාගත් විද්‍යාර්ථ විදුහල ලකුණු 29 ක් ලබාගත් අතර මහනුවර ශාන්ත සිල්වෙස්තර බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 15 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තේය. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 17 ක් ලබමිනි.
ලීනියා බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 11 ක් ලබා කාන්තා අනුශූරතාව ලැබීය.
මහනුවර ධර්මරාජ විදුහලේ ඒ. එස්. තුඩුවෙවත්ත දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙසද, මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඞී.එල්.හෙට්ටිආරච්චි දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුහ.
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ටී. එච්. ජයතිස්ස දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ලීනියා බොක්සිං පිලේ ආර්. අයි. ජයරත්න දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද තේරීපත්වුවාය. 
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොමම හැකියාවන් දියුණු කරගෙන ඔලිම්පික් රන් පදක්කමක් ගන්න උත්සාහ කරන්න දරුවනේ. (නි)
ජයග්‍රාහී විද්‍යාර්ථය... (නි)
ජයග්‍රාහී විද්‍යාර්ථය. මට ඔබ ගැන ආඩම්බරයි. (නි)
විද්‍යාර්ථයේ කොල්ලෝ කවදාහරි ඔලිම්පික් රන් පදක්කමකුත් ලංකාවට ගෙනෙනවා. (නි)