ශ්රී ලංකා ජාතික කොඩිය අවමානයට ලක් කරන ආකායෙන් අසිපත ගත් සිංහයා වෙනුවට පැන්ඩාවකු ආදේශ කර තැපැල් පත් 167ක් ළඟ තබා ගත් බව කියන ජපන් ජාතික සින්සිරෝ කවසීමා (22) ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් බව ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කීවේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් කොඩියෙ බෝල තමයි අයින් කරන්න වෙන්නේ..!(නු)
මොකද්ද අර රොෂාන්ට වෙලා තියෙන්නේ..? ජපන් ජාතිකයා අවුරුදු 10ක් වක් හිරේට යවන්න ඕන...!(නු)
පැන්ඩ වගෙ අහිංසක වෙන්න ජපන කියල තියෙන්න්නෙ (දී)
රටේ දැන් දැන් සිද්ධ වෙන දේවල් දැක්කහම තව මොන මොන ළකුණු දාන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
ඔවානම් මොනවාද අපේ අය ජාතික කොඩියට කරන අවමානයන්..!(නු)
වහාම රටින් පිටුවහල් කරන්න ඕන.. ඒකට අපේ අයත් සම්බන්ධ නම් දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)
මට හිතාගන්න බැහැ මේකෙන් කොහොමද අවමානයක් වෙන්නේ කියල. (නු)
හරියට නීතියක් නැති රටේ ජපනා කරලා තියෙන්නේ හරිදෙයක් වගෙයි. මොකද, සිංහයා මස්කන සතා, පැන්ඩා මස් කන්නෙ නැහැනේ. (නි)
අපේ අය ජාතික කොඩියට සලකන විදිය දැක්කාම ජපාන ජාතිකයන් සිංහ කොඩියට ගරු කරයිද?(නු)
අපේ කොඩියේ ඉන්නෙත් සතෙක්. ජපනා දාලා තියෙන්නෙත් සතෙක්. ඉතිං මොකක්ද අවුල? (නි)
අපේ ආගමට , ජාතියට නිගාකරන මොකාට වුණත් හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
මිනිසුනේ, ඔයාලා නිකන් සිංහ කතා පාරම් බෑවට ඕවා ප්‍රායෝගික නැහැ. හේතුව, අපි අනුන්ගෙන් යැපෙන ජාතියක් වීමයි. (නි)
මෙතන සිංහ කතා කිවුවට වැඩක් නැහැ. ඔය මනුස්සයා අපිට නිදහස් කරන්න වෙනවා. (නි)
ගස් බලා ගහන්න ඕනේ. කෝ අපේ යුවරජ තුමා (දී)
රටට අවමන් කරන්න එන කට්ටියට අපේ බලය පෙන්නමු (දී)
පැන්ඩා කෙසේවෙතත් .... අනේ මන්දා.. (නි)
කවුද දන්නේ නැහැ ලුම්බිණිට ඒ නම දැම්මේ. (නි)
අපි පැන්ඩාව කපලා කඩුවක් දාමු. (නි)
මොකද්ද ඒ වැඩේ තේරුම
මට මොනවාත් මතක නෑ (දී)
පැන්ඩා කියලා සුපර්මාකට් තියෙනවා සෞදියේ.. මම එහෙ ගිහං පැන්ඩා ගලවලා සිංහයා ගහනවා හෙටම...!(නු)
අපේ දේට අගෞරව කරන්න තමයි හැමෝම බලාගෙන ඉන්නේ..!(නු)
ජපන් කොඩිය විකෘත්ති කළා නම් ඉවරයිනේ. (ත)
සිංහයා නෙමෙයි, තව ිටක දවසකින් කොඩියට එන්නේ චීන මකරා. (නි)
මෙයාට නම් කිසිම සමාවක් දිය යුතු නැහැ..!(නු)
අගෞරව කරන්න එපා එලෙස (දී)
අපිට කිසිම අයිතියක් නැහැ උසාවියට නියෝග දෙන්න. (නි)
එයාගේ යහලුවන්ට වෙන්ඩ ඈති ප්‍රින්ට් කරන්න ඈත්තේ අවවාද කරලා එලියට දාන්නේ නෑතිව රිමාන්ඩ් කරපු එක වෑරදියි(නු)
පැන්ඩා චීනයේ නේද ඉන්නෙ?(නු)