වසර 30 කට වැඩි ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව වසර 135 ක ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ද නොනිමෙන තරුවක් බවට කුමාර් සංගක්කාර මේ වන විටත් පත්ව අවසන්ය. මෙම වමත් පිතිකරුවාගේ ක‍්‍රිකට් දස්කම් මෙන්ම ඔහු සතු චතුර ලෙස ඉංග‍්‍රිසි භාෂාව හැසිරවීම හැකියාව නිසා වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා සංඛේතය බවට සංගක්කාර පත්ව සිටියි.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මෙල්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 58 ක් රැුස්කරමින් ලෝක ටෙස්ට් ලකුණු 10,000 ක් රැුස්කළ 11 වැනි ක‍්‍රීඩකයා ලෙස සංගක්කාර අන්තර්ජාතික කි‍්‍රකට් වාර්තා පොතට එක්විය.
කුමාර් සංගක්කාර 2011 වසරේ ලන්ඩන් නුවරදී පැවැත්වූ දේශනයකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සහ එහි දේශපාලන පසුබිම පිළිබඳව කළ හෙළිදරව්වෙන් පසුව ලෝකයේ දැඩි අවධානයට ලක්විය. සංගක්කාර මේ වන විටත් ක‍්‍රීඩකයන් නියෝජනය කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ කමිටු සාමාජිකත්වයක් ද දරයි.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එකතුව 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 624 ක සම්බන්ධතාව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම සම්බන්ධතාව ලෙස ටෙස්ට් වාර්තා පොතේ මේ දක්වාම රැුදී තිබේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් පළමු සහ එකම ශ්‍රී ලංකා පිතිකරුවා ද වන සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයි සහ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා යන සම්මාන ත‍්‍රිත්වයම මව්බිමේ රඳවා ගැනීමට සමත් විය. සංගක්කාර 2011 වසරේදී ද වසරේ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සහ වසරේ එක්දින ක‍්‍රීඩකයා යන සම්මාන දෙක හිමිකර ගත්තේය.
කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසි සංගක්කාර 2000 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් හිස්වැස්ම පැළදීය. සංගක්කාර මේ වන විට ටෙස්ට් තරග 115 කදී ශතක 30 ක් සමගින් ලකුණු 10,045 ක් රැුස්කර තිබේ. 35 හැවිරිදි සංගක්කාර එක්දින තරග 337 කදී ශතක 14 ක් සමගින් ලකුණු 10,915 ද රැුස්කර සිටියි.
වසර 10 කට අධික කාලයක් ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කටයුතු කළ සංගක්කාර උඩ පන්දු 169 සහ ස්ටම්ප් කිරීම් 20 ක් සමගින් දවාගැනීම් 189 කට සම්මාදම් වී තිබේ.
සංගක්කාර 2009 වසරේ ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්ව 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහ තරගයේ පරාජය දක්වා නායකයා ලෙස කටයුතු කළේය.
මහනුවර ත‍්‍රිත්ව විදුහලෙන් ක‍්‍රිකට් මුලකුරු හැදෑරු සංගක්කාර පාසල් ශිෂ්‍යයකුව සිටියදී සමස්ත ලංකා මට්ටමේ දක්‍ෂ ටෙනිස් ක‍්‍රීඩකයකු ද විය. ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද දස්කම් දැක්වූ සංගක්කාර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ද අධ්‍යාපනය ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගට මුල් කාලයේ කොතරමි මිනිස්සු බැන්නද ඔහු දුක දිනා ජයගත් හැබෑ හපනෙක් (ස)
ඔබ කිර්තිමත් ශ්‍රී ලාංකිකයෙකි. (නි)
සංගා, ඔබට සුභ නව වසරක් වේවා! ජය වේවා! (නි)
ඔබයි අපේ වීරයා. ඉදිරියටම යන්න. (නි)
නියමයි සංගා. සුභ පැතුම්! (නි)
සංගා පුතා ඔයා රටට ආඩම්බරයක් . සුබ නව වසරක් වේවා (ස)
සංගාට අපි කවදත් ආදරෙයි. (නි)
අර්ජුන සහ සංගා යන දෙපළම විශිෂ්ටයින්. ඔවුන් දෙදෙනාම අපේ රට උඩින් තැබීමට සහය වුණා. (නි)
අර්ජුනගෙන පස්සේ අපේ නියම වීරයා සංගා (ස)
අර්ජුනගේ නායකත්වය මෙතුමා පෙන්නුවනම් තමයි නියම තැනට වැටෙන්නෙ, සුද්දන්ට දුවන්න දුන්නෙ 96 නෙ ඊට පස්සෙ සුද්දො දැකල අපි දිව්වා(ස)
සුනිල් මල්ලි කියලා තියෙන එක සම්පූර්ණ ඇත්ත. (නි)
සංගා ඔබට ජයෙන් ජය වේවා (ස)
අර්ජුන ලෝක කුසලානය ගෙනවිත් දුන්න බව අපි පිළිගන්නවා. නමුත් ඉන්පසු අපේ රටේ නම බැබළෙවුවේ සංගායි. (නි)
අනේ මන්දා. හැමෝම ලකුණු අතර ඉන්න තරගයකදී ටිකක් වැඩිපුර ගහලා හැමෝම අසාර්ථක වෙනකොට අසාර්ථක වෙනවා කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙකුගේ මට්ටම පමණයි. කොච්චර පළපුරුදු වුණත් තනිවම ඇදගෙන ගිහින් තරගයක් දිනවන්න තරම් පීඩනයක් කාටවත් ගන්න බැහැ වගෙයි. එහෙම කරන්න පුලුවන් කියලා මට තවමත් හිතෙන්නේ අරවින්දට සහ හෂාන්ට පමණයි. ඇන්ජලෝ සමහරවිට ඉදිරියේදී මේ දේ කරයි. (නි)
නියම කොල්ලෙක්. අපිට ඔයා ගැන සතුටුයි. (නි)
ඔබයි අපේ වීරයා..!(නු)
සංගා ඔබ තමා අපේ වීරයා..!(නු)
ඔබට මගේ ආචාරය...(නු)
සංගා නියමයි කියන එකේ ආයි කතා දෙකක් නැහැ. ඒත් කණ්ඩායම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට ගොඩගන්න පුලුවන් දක්ෂතාවයක් තියෙන්නේ අරවින්දට සහ අර්ජුනට කියන එකෙත් ආයි කතා දෙකක් නැහැ. (නි)
සංගා, හැබැයි ඔයා දේශපාලනයට ගියෝතින් නම් නමත් ඉවරයි, දක්ෂකමුත් ඉවරයි. ඔබට සුභ නව වසරක් වේවා! (නි)
සියලු දෙනාටම සුභ පතනවා. සංගා දක්ෂයෙක්. ඔහුට දෙවි පිහිටයි! (නි)
සංගා දක්ෂයෙක් බව ඔහුගේ වාර්තාවලින් ඔප්පුවෙනවා.නමුත් ඔහුට වඩා අරවින්ද, රොෂාන්, අසංක, අර්ජුන නායකත්වයෙන් ඉදිරියෙන් ඉන්නේ. ලංකාවේ ක්‍රිකට් වලට ඔවුන් කරපු සේවය අසම සමයි.(ස)
සංගා විශිෂ්ට ඔබට සුබ පැතුම්. අර්ජුන විශිෂ්ටයෙක් වග සංගම ඔහුගේ දේශනයේදී කීව මතකද? .. "එතරම් උස නැති ..තරමක් මහත ..." (ස)
සංගාගේ, මහේල, ඩිල්ෂාන්ලාගේ දක්‍ෂකම් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් අපි මෑතක ඉඳලා බැලුවොත් අපේ කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් ගැන අපිට විශ්වාසයක් තියන්න බැහැ. හැබයි ඒ දවස්වල අපි තරගය පටන් ගන්න කලින් දන්නවා අපේ කණ්ඩායම කොහොම හරි දිනනවා කියලා. අනික මුල් පිතිකරුවෝ පැරදුණත් කොහොමහරි අර්ජුන, හෂාන් එක්කෝ ධර්මසේන හරි ටීම් එක ගොඩ දානවා කියලා. හැබැයි දැන් නම් අපිට එහෙම විශ්වාශයක් නැහැ. දැන් ඒක වෙනස් (නි)
ක්‍රීඩාවෙන් සමුගෙන දේශපාලන කිරීමට යන්නනම් ඵපා. (නි)
සංගා සහ මහේල ඉතා දක්ෂ පිතිකරුවො දෙදෙනෙක් . ඒ උනාට තරඟ දිනීමට අර්ජුන සහ අරවින්ද කල සේවය මේ දෙදෙනාට කිරීමට බැරිවීම කණගාටුවට කරුණක්. (ස)
ඔබ තමයි මම අසාම ක්‍රීඩකයා (දී)
සංගා, අපි ඔබ සමගයි. (නි)
ජය වේවා ඔබට! රැවුදේවා ඔබේ නාමය ලෝකය පුරාම! (නි)
නියමයි! (නි)
ඔබ විශිෂ්ටයි සංගා. (නි)
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය දවසට ඔබ නැති අඩුව තවත් හොඳින් අපිට දැනේවි. ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්.ඉක්මන් සුවය පතමි (ස)
සංගා තමයි අපේ වීරයා. (නි)
නියම ලාංකීය සිංහ පැටියෙක් (ස)
නුවර කොල්ලෙක්... (නි)
එදත් අදත් අපේ වීරයා සංගායි. (නි)
මුළු ශ්‍රී ලංකාවේම උපහාරය ඔබට (ස)
සංගා, ඔබට ජයෙන් ජය! තවත් ඉදිරියට යන්නට ලැබේවා! (නි)
ඔබ නිසා අපිට විදේශයකදී අප ශ්‍රී ලාංකිකයින් බව ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැක. (නි)
අපේ වීරයාට ජය! කවුරු මොනවා කිවුවත් අපිට අපේ වීරයාව වටිනවා. (නි)
ලංකා කණ්ඩායමට මොනවා වුණත් කමක් නැහැ. අපි එයාට සුබ පතමු. (නි)
ඒ වුණාට ලංකාවේ අපේ සැබෑ ක්‍රිකට් වීරයා අර්ජුනයි. අර්ජුනගේ අධිෂ්ටානය, නිර්භීතකම, තැනට සුදුසු නුවණට සම කරන්නට ක්‍රිකට් වීරයෙක් ලංකාවේ තවම බිහිවෙලා නැහැ. සුද්දෝ අර්ජුනට තවමත් අකමැති අර්ජුනගේ අධිෂ්ටානය, නිර්භීතකම, තැනට සුදුසු නුවණ එයාලට උහුලන්ට බැරි නිසයි. (නි)
සංගා, ඔබ අපිට ජාතික වස්තුවකි. (නි)
අපේ වීරයා කවදත් සංගාම තමයි. (නි)
සුද්දෝ අපට පාඩම් උගන්නන්න මෙයාව පාවිච්චි කරනවා. (ස)
ලංකාවේ සබැ ක්‍රිකට් වීරයා අර්ජුනයි. ඔහුගේ නායකත්වයට සමකල හැකි නායකයෙක් නැත.(ස)
සංගා, ඔබ අපිට ජාතික වස්තුවකි. (ස)
ඔහු සතු චරිතවත් බවත් වැදගත්. (ස)
අර්ජුනගේ එඩිතරකම, ක්‍රීඩාවේ නිපුනකම, උපායශීලී බව, තරගයකදී කරන කැපවීම මෙතෙක් ලංකාවේ කිසිම නායකයෙක්ට පෙන්විය නොහැකි වී ඇත. (නි)
ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් නොලැබුණාට අර්ජුන, ඔබ අපේ වීරයායි.(නි)
ලංකාවට ලෝක කුසලානය ගෙනාවේ අර්ජුන නේද? (නි)
ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතමයා ඔබයි. (නි)
නියමයි සංගා. අපි කවදත් ඔයාට ආදරෙයි. (නි)
අපි මෙතන කතාකරන්නේ සංගා ගැනයි. අදහස් දක්වන අය ඒ ගැනත් මතක තියාගන්න. (නි)
ඔබ අපේ ලංකාවේ ආඩම්බරයයි. (නි)
නියම කොල්ලෙක්. ඔයා අපිට ලොකු සතුටක්. (නි)