
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ පනත් හතරේ වැරදි අඩුපාඩු සහ දුර්වලතා රැසක් පවතින බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් ඒවා නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල යුහුසුළුව කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ඒ සඳහා වෙනම කමිටුවක් ද පත් කරනු ලැබ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
මෙසේ අඩුපාඩු නිරීක්ෂණය වී ඇත්තේ ජනාධිපතිවරණ, මහ මැතිවරණ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත්වල ය.
මෙම අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු සියලු පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් ඉන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටත් බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd