ලබන වසරේ පෙබරවාරි 17 වැනි දින ඉක්වදෝරයේ ගොයාකුවේල් ප‍්‍රදේශයේ පැවැත්වෙන නගර සභා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මහ පෙරහැරකින් රැගෙන ආ බූරුවකුගේ නාම යෝජනා පත‍්‍රය භාරගැනීම මැතිවරණ බලධාරීහු ප‍්‍රතික්ෂේප කළහ.
නාම යෝජනා පත‍්‍රයේ බූරුවාගේ නම සඳහන් කර තිබුණේ මිස්ටර් බූරෝ යනුවෙනි.
නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කරමින් මැතිවරණ බලධාරීන් පවසා සිටියේ කිසිම බූරුවකුට මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බවයි.
ටයිකෝට් පැළඳි ව්‍යාපාරිකයකු සේ දිස්වන මිනිසකුගේ මුහුණට බූරු මුහුණ ආදේශ කර සකස් කළ පෝස්ටර් බූරුවා රැගෙන ආ මිනිසුන් අත විය.
බෙර ගසමින් නලා පිඹිමින් බූරුවා පෙරටුකොට ගත් මිනිසුන් 40 ක් පමණ නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසුව නාම යෝජනා භාරදීමට පැමිණියද මැතිවරණ කාර්යාලය ඇතුළට පැමිණීමට හෝ බූරුවාට අවසර නොලැබුණි.
බූරුවාගේ ප‍්‍රධාන ආධාරකරු වූයේ එහි පදිංචි ඩැනියල් මොලිනාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ නම් ඔය වැඩේට ඉඩදීලා ගොඩක් කල්. (නි)
දැන් වැඩිපුරම ඉන්නේ කකුල් දෙකේ බූරුවෝ. (නි)
බුරුවාට බැහැ චන්ද කරන්න
ඇයි ලංකාවේත් ඉන්නේ සත්තු? (නි)
රත්න ඔබේ කතාව හරි. සමහරුන්ට නෙමෙයි ගොඩක් දෙනෙක්‍ට ඔහොම වෙනවා (ස)
මට හිනා ගියා
අපේ ආසන ඉන්න බූරුවෙක් තමයි
මෙහෙට නම් ඉතිං අමුතුවෙන් එන්න ඕනෑ නැහැ. (නි)
ලංකාවේ දේශපාලනය කරන අය ගත්තොත් භාගයක්ම ඉන්නේ එහෙම කට්ටිය. (නි)
මම චතූ එක්ක එකගයි. (නි)
ඉක්වදෝරයක් අපිව අනුගමනය කරන්නද හදන්නේ? (නි)
ලංකාවටනම් නියමට ගැලපෙන ලකුණු (ස)
ලංකාවේ දේශපාලනය කරන වැඩි දෙනෙක් කකුල් දෙකේ ඔය වගේ අය තමයි (ස)
මේ අයට නඩු දමන්න බැරිද අපේ දේවල් කොපිකළාට? (නි)
නියම බූරුවෝ දේශපාලකයින් නොව, ඔවුන්ව පත්කරගන්නා ඡන්ද දායකයින්ය. (නි)
ඉක්වදොරේ මිනිස්සුන්ට තේරෙන දේ අපේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ (ස)
අයියෝ සල්ලි
ලංකාවට ආවනම් හරිනේ (ස)
අපේ මේ මිලානෝ වලත් ලංකාවේ අයට අපහාස කරන ඔය වගේ එක්කෙනෙක් ඉන්නවා. (නි)
ලංකාවෙත් එක තැනක් තියෙනවා. එතන ඉන්නේ ඔක්කොම ඒගොල්ලෝ තමා. (නි)
ඉක්වදෝරේ බැරි උනාට මෙහෙ පුළුවන් ඇති (ස)
අනේ මෙහෙමත් බූරුවෝ....? (නි)
ලංකාවේ නම් ඡන්ද අපේක්ෂකයෝ, ඡන්ද දායකයන්ව "බූරුවා" කරන්නේ දිනුවාට පස්සේ. (නි)
ඔබ හරි චතූ. (නි)
අපිටත් ගැළපෙන ක්‍රමයක්. (නි)
චතූ එක්ක මමත් එකගයි. (නි)
පුලුවන් ඇති නෙමෙයි චතූ. මෙහේ ඕක බය නැතුව කරන්න පුලුවන්. (නි)
මෙහෙ දේශපාලනය කරන්න නම් ඕක මුලික සුදුසුකමක්. (නි)
අපේ ලංකාවෙ නම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. (නි)
ලංකාවේ ඉන්න කවුරු බූරුවෝ වුණත්, එයාලා මෙහෙම පත්කරගත්ත අපි තමයි ලොකුම බූරු රැළ. (නි)
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියහම ඔහොම වෙනවා. (නි)
අපේ නම් එකතැනක ඉන්නේ ඔක්කොම මෙහෙම අය. (නි)
ඉක්වදෝරයේ මැතිවරණ නිලධාරීන් කියලා තියෙන්නේ කිසිම බූරුවකුට මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බවයි. ඔය ටිකම මෙහේ කවුරුහරි ඔය විදියට කිවුවොත්...??? (නි)
ඉක්වදෝරයේ ඒ නීතිය ලංකාවටත් ආවොත් සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. (නි)
අපේ රටේ මේකට ඕනෑ ඉගෙනීම නෙවෙයි සල්ලි-මැරකම් හා බලය විතරයි. සංගණනයක් ගත්තොත් අපේ සබේ වැඩිය ඉන්නෙ කවුද කියලා තේරෙයි. (නි)
අචිනි, ඔයා හරියටම හරි. (නි)
ඉක්වදෝරයේ මිනිස්සු දන්නෙ නැත්නම් අපෙන් ඇහුවා නම් හරිනේ. (නි)