(රෝෂන් තුෂාර)

චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝධරගම මහතා අද විවෘත වරෙන්තු කළේය.

එයා බස් ගණුදෙනුව අදාලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි කපිල චන්ද්‍රසේනට එරෙහිව ඇති නඩුව යළි කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසමා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය .

සැකකරුවන් දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන එම ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු ලබන දාහත දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.