(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ගුවන් හමුදා බුද්ධී ලබා දුන් තොරතුරක් මත වනජීවි නිළධාරින් විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් තිදෙනෙකු සමඟ සන්තකයේ තබා ගත නොහැකි සුවිශේෂ මුහුදු බෙල්ලන් හා මුව අං තට්ටු විශාල තොගයක් බුලත්සිංහල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 හා 26 සිමාවල මෙම බෙල්ලන් විශේෂ හා මුව අං තට්ටු අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙකි.

ගුවන් හමුදා බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදුකර තිබු අතර රිටිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩි රාමසිංහ මහතා සමග කුරුණැගල සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයේ හා හික්කඩුව වනජීවි කාර්යාල නිළධාරීන් ඒකාබද්ධ වැටලීමට එක්ව තිබුනී.

එහිදි ලංකා සිතියමට සමාන (HORNED HELMAT) බෙල්ලන් විශේෂ තුනක්,මකුළු බෙල්ලා විශේෂ එකක් (CHIRAGRA SPIDER ),සුමට මකුළු බෙල්ලන් විශේෂ එකක් (SMOOTH SOIDER COHCH) විශේෂ එකක්,සමග තවත් සන්තකයේ තබා ගැනිම තහනම් බෙල්ලන් විශේෂ හතරක් මුව අං තට්ටු 8 ක්,තනි මුව අං තට්ටු 1 ක් හා ගොන අං තට්ටු තොගයක්  ලෙසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් විසින් ගොන අං තට්ටුවක් රුපියල් 50000 කටත්, මුව අං තට්ටුවක්,බෙල්ලෙක් රුපියල්  30000 බැගින් අලේවි කිරීමට සුදානමින් සිටි බව කියයි.