IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චින්තනගේ තහනම වසර දෙකකට බසී

පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල දෙකකදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කී‍්‍රඩක චින්තන ගීතාල් විදානගේට පනවා තිබු තරග තහනම ළිහිල් කිරීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී චීනයේ පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී කළ මුත‍්‍රා නියදි පරීක්ෂාවේදී චින්තන, තහනම් උත්තේජක ගෙන ඇති බවට හෙළිදරව් විය. මේ අනුව ඔහුට 2011 වසරේ මැයි මස 13 වැනිදා සිට වසර හතරක තරග තහනමක් පැනවීය. 2015 මැයි 13 වැනිදා දක්වා එම තරග තහනම ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය විසින් තරග තහනමට ලක්වන බර ඉසිලීමේ ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට ලබාදෙන උපරිම වසර හතරක තරග තහනම වසර දෙකක් දක්වා අඩු කිරීමට පසුගියදා තීරණය කරන ලදී. ඒ අනුව අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය විසින් චින්තන විදානගේට පනවන ලද තරග තහනම ලබන වසරේ මැයි 15 වැනිදායින් අවසන් කරන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයට දන්වා තිබේ. චින්තන, 2006 වසරේ මෙල්බන් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක‍්‍රීඩාවට නව ජීවයක් ලබා දුන්නේය. ඔහු, 2010 වසරේ පැවැති නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ද කිලෝග‍්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම හිමිකර ගත්තේය.



අදහස් (0)

චින්තනගේ තහනම වසර දෙකකට බසී

නදී Friday, 02 November 2012 01:07 PM

ලෝකේ ඕනෙම රටක් කරන දෙයක් ඕක. ඉදිරියෙදි පරිස්සමින් වැඩ කරන්න (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:43 AM

චින්තකත් අහුවෙලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site