සිය තුන් හැවිරිදි දරුවා සමග චීනයේ චෙන්ග්ඩු නුවර රෝහලට යමින් සිටි 39 හැවිරිදි වෑන්ග් ලියැයින් කිසිවකුගේ උදව්වක් නැතිව බසයේ දී දරුවකු බිහි කළාය. පළපුරුදු වින්නඹුවක ලෙස දරුවා පෙකෙනි වැලද සමග ඔසවා ගත් දරුවා දෙකකුල්වලින් උස්සා පසුපසට තට්ටු කර හුස්ම ගැනීම පහසු කළාය. ඒ සමගම දරුවා හැඩීය. බසයට නැඟුණු අවස්ථාවේම වාගේ ඇයට විළි රුදාවේ මූලික ලක්ෂණ මතු විය. බසයේ ආසනයේ වාඩි වී සිටියදීම දරුවා ඉපදුණු පසු මගියකු දරුවා උණුසුම් කිරීම සඳහා තුවායක් දුන්නේය. කාන්තාවට විළිරුදාව හැදුණු බව දැනගත් රියදුරා හැකි ඉක්මණින් බසරය රෝහල කරා ගෙන යද්දී පාරේ ගිය ගිලන්රථයක් නවත්වා ඇය බාර දුන්නේය. දරුවාත් මවත් ඉතා හොද සනීපයෙන් සිටින බව වෛද්‍යවරු කීහ. යාබද ආසනයේ වාඩිවී සිටි ඇගේ තුන් හැවිරිදි දරුවා ‘තිඹිරි ගෙයි‘ වූ සියල්ල දුටුවේය. ඒ ඒ ගැන ඔහුට තේරුමක් නොවීය. බසයේ ආරක්ෂිත කැමරාවල මේ දරු උපත සටහන් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුසරණයි ඔබට (දී)
ගුවන් යානයකදී වුණා නම් පුරවැසිකමක් ගන්න තිබුණා. (නි)
මට එකපාරටම හිතුණේ ලංකාවේ කියලයි. (නි)
ඉස්සර අපේ මවුවරැත් නිවාසවලම තමයි දරැවන් බිහිකලේ උදවුවට හිටියේ වින්නබු අමිමා විතරයි ඒකටත් ඒක්ක දැන් නර්සින් හෝම් ස්කෑන් එහෙම කරලත් දරැවා හෝ මව අසාධ්‍යය වෙනවා. දැන් වෛද්‍යවරුන්ගේ බඩවඩා ගැනීමේ කලාවක් වෙලා (දී)
හොදයි. ඒත් මෙහෙම අවදානම් වැඩ හොද නැහැ නේද? (නි)
මේඩ් ඉන් චයිනා (ස)
චීනයේ නිෂ්පාදිත (දී)
ඒ මවටයි දරුවටයි ධිර්ගායුෂ (දී)
ඔන්න මම නොකිවුවයි කියන්න එහෙම එපා. මේවා බලලා අපේ නෝනලා එහෙම මේවා අනුගමනය කරන්න යන්න එපා. (නි)
දිරිය මවක්.බබාට අපි බස්තියන් කියල නම තියමු. (ස)
වචනයේ අර්ථයෙන්ම අම්මා කෙනෙක්. (නි)
අයි කලින් රෝහලකට ගෙනියන්න බැරි උනේ (දී)
දිරිය මවට අපේ උත්තමාචාරය (දී)
කොහොමද එහෙම වෙන්නේ (දී)
අපේ අම්මා මියගියේ අඩුපහසුකම් මැද දරුවෙකු ලැබෙන්න ගිහින්. ඒ අතින් මේ අම්මා කොච්චර වාසනාවන්තද? (නි)
කොහෙද අනේ උනේ..?(නු)
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් ඒ කාන්තාවට තිබුණු ධෛර්යය මට නම් නැහැ. (නි)
තවත් චීන වැඩක්. (නි)
වාසනාවන්ත දරුවෙක්..!(නු)
මව සහ දරුවා නිදුක් නිරෝගීව වැජඹේවා..!(නු)
දිරිය කාන්තාවකි.. මට ‘ගුඩ් අර්ත්‘ නව කතාව මතක් උනා..!(නු)
ලංකාවේදී මමත් මිතුරෙකුත් වයස 18 වගේ කාලේ කන්දක දුප්පත් පැලක කාන්තාවක් රෝහල් ගෙනියන්න දඬු මැස්සේ උස්සගෙන යද්දී අතරමගදී බබා ලැබුන. මම එයින් බොහෝ අත්දැකීම් ලැබුවා. හරිම අමාරු වැඩක්.(නු)
කොලොම්බස් උපත ලැබුවේ කොළඹ බසයක් තුල දීද ? (ස)
මට නම් මෙයා වීර කාත්තාවක්...!(නු)
නුබ දිරිය මවක් අම්මේ බුදුසරණයි..!(නු)
සංවේදී පුවතක් (දී)
මිට කලිනුත් පාරේදී දරුවෙකු බිහිකල විඩීයෝ එකක් තිබ්බා (දී)
චීන කන්තාවන්ටමනේ වෙන්නේ (දී)
මෙන්න කාන්තාවන්.. චීනයේ තියෙන ආශ්චර්යය මේක වෙන්න ඇති..!(නු)
වාසනාවන්ත අම්මා සහ දරුවා..!(නු)