
(මනෝප්රිය ගුණසේකර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද විදේශ ගමන් තහනමක් පැනවීය.
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සිදු කරන පරීක්ෂණවලට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා රටින් පැනයෑමේ අවධානමක් පෙන්වා දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්රාතවරයා අදාළ විදේශ ගමන් තහනම පැනවීය.
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව ආරක්ෂක ලේකම්වරයා විසින් දුන් රැදවුම් නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් විසින් දැඩි රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළ විමර්ශන කරන පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා ඇතුලු නිලධාරීන් සමග පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර මහතා සිද්ධියට අදාළව කරනු ලැබු විමර්ශන වල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd