(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක බව කියන පුද්ගලයකුගේ සමීපතයන් දෙදෙනකු ගිනි අවි සහ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.  

විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ටී 56 උන්ඩ 42, මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ 75 ,අයිස් මත්ද්‍රව්‍ය මිල ග්‍රෑම් 2500 සමග අත්අඩංගුවට ගත් බව 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පට්ටියවත්ත ප්‍රදේශයේ පදිංචි (28 සහ 30) වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව මරදාන පට්ටියවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් පරීක්ෂා කිරීමේදී ඉන් එක් නිවසක තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරය, ටී 56 වර්ගයේ උණ්ඩ 42, මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ 75 භාරයට ගෙන තිබේ.

පසුව එම නිවාස දෙකේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය  සමග අත් අඩංගුවට ගැණිනි.

පසුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ තොගය සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකුට අයත් ඒවා බවට තොරතුරු අනාවරණය වී තිබේ.