(අංජුල මහික වීරරත්න සහ රංජිත් රාජපක්ෂ)

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීහු අද (10) සහ හෙට (11) වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී සිටිති.

ඒ අනුව ඔවුහු අද සහ හෙට  අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසූයේ 

ග්‍රාම නිලධාරීන්ගේ  රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරා වැඩි කර නැති බවයි. අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන මුදලක් ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට තීරණය වී තිබුණත් මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබීම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එළඹෙන බව නන්දන රණසිංහ මහතා කීය.