රත්මලාන ගොළුමඩම හන්දියේ දෙමහල් නිවෙසක සිටි මව හා දරු දෙදෙනා පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් බවත්, මව ද, එක් දරුවකු ද ගෙල සිර කිරීමෙන් ද, කුඩාම දරුවා ගින්නට හසුවීමෙන් ද මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාව කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට දරුවන්ගේ පියා සහ ගෙදර මෙහෙකාරිය අත්අඩංගුවට ගනු ලැබූහ. ඇඟළුම් කම්හල විධායකයකු වූ එම පුද්ගලයා මීට සතියකට දෙකකට පමණ පෙර රැකියාවෙන් ඉවත්වී යැයි ද පොලීසිය කියයි. ඔහුගේ මවගෙන් ද ප්‍රශ්න කරගෙන යයි. ඔහු පොලීසියට කියා සිටියේ තමා යාබද කාමරයේ නිදා සිටි බවත්, පාසල් ගුරුවරියක වන බිරිය සහ දරු දෙදෙනා යාබද කාමරයේ නිදා සිටි බවත් ය. සිද්ධිය සැළ වූ විගස එහි ගිය මාධ්‍යවේදීනට ගෙදර සිටි මෙහෙකාරිය නොයෙකුත් බාධා කළ බව ද වාර්තා වේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සානුල්, ඔබ හරි. (නි)
මෙවන් පුද්ගලයින් සිරභාරයට ගැනීමෙන් ඵලක් නැත. (නි)
අම්මෝ! හිතාගන්නත් අමාරුයි. මේවා බලද්දී ඔලුවත් රිදෙනවා. (නි)
මෙහෙම අපරාධකරුවන්ට දෙන්න වටින්නේ රජ කාලේ දඩුවම්. (නි)
පවු අර අසරණ ළමයින් සහ කාන්තාව... (නි)
හෙට වෙද්දී තවත් මෙවන් අපරාධයක් ඇසීමට නොලැබේවා! (නි)
එල්ලුම් ගම නොගෙනාවොත් මේවායේ නම් අවසානයක් නැතිවෙයි. (නි)
මේ ළමයිනුයි බිරිදයි මරපු එකට කිසිම සමාවක් නොදිය යුතුයි... හිතට හරිම වේදනයි..!(නු)
මට පෙනෙන හැටියට නම් මොකක්හරි ලොකු ප්‍රශ්නයක් දෙන්නා අතරේ තියෙන්න ඇති. (නි)
අහිංසකයින් මරපු අයට කිසිම සමාවක් නොදිය යුතුයි. (නි)
නියමයි සානුල්. නියමෙට කිවුවා අපේ රටේ විදිය. (නි)
හැකි ඉක්මණින‍් උපරිම දඩුවම් දෙන්න. (නි)
මම මේ ඔක්කොගෙම අදහස් බැලුවා. හැම කෙනාම කියන්නේ එකම දෙයක්. අපි පිටින් පෙනෙන්න තියෙන දේ ගැන විතරක් බලො අපේ අදහස් ඉදිරිපත් කරන එක මම හිතන විදිහට නම් වැරදියි. ඕනෑම මනුස්සයෙකුට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සිමාව ඉක්මවා මොනවා හරි සිද්ධ වුණාද කියල අපි දන්නේ නැහැ. ඒ වගේම ඒ නීතියෙන් මොන විදිහේ දඩුවමක් ලැබුණත් ඒ මනුස්සයාට හිතින් විදවන්න වෙනවා ජීවත් වෙන කාලේම. මම හිතන විදිහට නම් කිසිම හේතුවක් නැතුව ඔය තරම් අපරාධයක් මනුස්සයෙක් කරන්නේ නැහැ. මොනවා වුණත් ඒ කරපු දේ වැරදියි. ඒකට නිසි දඩුවම් ලැබෙන්න ඕනෑ. (නි)
මේ සිද්ධියේ ස්වාමි පුරුෂයා ගැන අදහස් දක්වපු, පණ්ඩිත වාක්‍ය දාපු දෙන්නා දැන් මොකද කියන්නේ? (නි)
රටේ නීතිය නිරුවතින් ඇති විට මිනිස්සු භය නොවී මෙවන් අපරාධ කරති. (නි)
බලමුකෝ මේවට දැන් කොහොමද නීතිඥයෝ පෙනී සිටින්නේ කියලා. (නි)
අනේ වදින්නම්, එල්ලුම් ගහ නම් ගේන්න එපා. (නි)
මහ පොළොව නුහුලන අපරාධයක්. (නි)
මේවා ඇහෙද්දී අපිත් ගොලු වෙනවනේ. (නි)
මේ නඩුව අහන්න පාර්ලිමේන්තු කමිටුවට බාර දෙමුද? (නි)
සත්‍යය කවදා හෝ හෙළිවේවි. (නි)
පොලිස් ඇසට වසන් වී ජීවත් වීම බොරු. (නි)
හැකි ඉක්මණින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
අමනුස්සකම් ඇති මිනිසුන් සියලු විට හැසිරෙන්නේ බාබේරියන්ලා මෙනි. (නි)
මොන අපරාධයක්ද? (නි)
එල්ලුම්ගහ ඇති කර මොහුව මුලින්ම එල්ලිය යුතුයි (ස)
එහෙම කොහොමද හැකි ඉක්මණින් දඩුවම් දෙන්නෙ, රස පරික්ෂණ වාර්තාව එන්න ඕනෑ. මහේස්ත්‍රාත් වාර්තාව එන්න ඕනෑ. නීතිපති උපදෙස් එන්න ඕනෑ. පොලිස් වාර්තා එන්න ඕනෑ. විත්තිය උසාවි ආවෙ නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. උසාවි උද්ඝෝෂණ නිසා නඩුව කල් තබන්න වෙනවා. නඩුකාර හාමුදුරුවො ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. පරීක්ෂණය කරපු පොලිසියෙ මහත්තයා ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ...... කොහොමත් තීන්දුව දෙන්න අවුරුදු 20ක් විතර යයි. (නි)
සානුල්, ඔයා ඉදිරිපත් කරලා තියෙන්නේ හොද අදහසක්. (නි)
මෙවැනි තිරිසනුන් රටේ ඉතිරි කර නොගෙන වහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු (ස)
අයියෝ සල්ලි (දී)
එල්ලුම් ගහ පාරට ගෙනත් හැමෝටම දකින්නට සලස්වා අපරාධකාරයෝ එල්ලා මැරිය යුතුය. (ස)
මෙවැනි හිතක් පපුවක් නැති මිනිසුන් ජීවත් වීමෙන් පලක් තිබේවිද? (නි)
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි (ස)
මේ වගේඅපරාධවලට උපරිම දඩුවම් ලබාදිය යුතුයි නැවත මේ වගේ ඒවා නොවෙන විදියට (ස)
සෞදියේ වගේ හන්දියකට ගෙනල්ලා ගල් ගසා මරා දමන්නයි තියෙන්නේ. (නි)
කාට කියන්නද මේවා? (නි)
අනුර කාටද ඔයා ඔය කියන්නේ ? මටනම් හිනාත් යනවා (ස)
අයි දෙවියනේ දරු සම්පත බලාපොරොත්තුවෙන් ඉන්න අපිට නොදී මේ තිරිසන්ට මේ සම්පත් දුන්නේ? (නි)
සානුල්, ඔබ හරි. එහෙම නැත්නම් පෙරකදෝරුවො හම්බ කරගන්නෙ කොහොමද? (නි)
ලෝක විනාසේ වෙලා මෙන්න මේ වගේ අපරාධ කරුවන් නැති කරලා දෙන්න (දී)
බිරිදව සැකනම් ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන්න තිබුණානේ. ඇයි මැරුවේ? (නි)
හොද හෝ නරක කුමන සිදුවීමක් පසුපස වුවද ගැහැණියක ඇත. (නි)
සානුල් හරියටම හරි. (නි)
පාර්ලිමේන්තු තේරීම් කමිටුවට භාරදෙමුද? (නි)
මේ අපරාධකාරයින්ටත් ඒ අසරණ දරුවන් දෙදෙනාට කර දේම කරන්න ඕන. මෙවැනි මිණී මරුවෝ ජීවත් කරලා වැඩක් නෑ (ස)
එල්ලුම් ගස් හාමුදුරුවනේ, ඉක්මණින් වඩින්න. (නි)
මධුෂංඛ හරි, ගොඩක් මේ ගැන හිතන්න වෙනවා. බුද්ධිමත් වෙමු (ස)
දැන්වත් නිතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)
බල්ලෝ බළල්ලු වගේ (දී)
බලන්න අරාබිය. නීතියත් හරි, අරාබියත් හරි. ඒ නීතිය ලංකාවට ආවානම් පළමුවෙන්ම පාර්ලිමේන්තුවෙන් තමයි පටන්ගන්න වෙන්නේ. (නි)
මේ වගේ තිරිසනුන් එල්ලලා මරන්ඩ ඔනේ (ස)
අප පසු පස සෙවනැල්ල එන්නා මෙන් කර්මයද අප පසු පස එයි (දී)
සානුල් ඔබ හරි. (නි)
සානුල්, ඔයා කිවුවා හරි. (නි)
අයියෝ සල්ලි
අපරාධ කාරයන්ට කවදහරි විදවන්න වෙනවා (දී)
සානුල්ගෙ කතාව හරි එතකොට මෙහෙ කාරියගේ ළමයිනුත් ලොකුත් වෙලා ඉදී.........(නු)
අනෝමා ඔයා කවුද ?? (ස)
මෙහෙම අපරාධකරුවන්ව බේරාගන්න ඉදිරිපත් වෙන්නෙත් ඔය නීතිය ගැන මහ ඉහළින් කතා කරන නීති විශාරදයෝම තමයි. (නි)
මේ ප්‍රවෘත්තිය කියවද්දී ස්වාමියා වෙනත් කාමරයක නිදාගත්ත එක ගැන ඕනෑම කෙනෙකුට සැකයක් එනවා. (නි)
නියමයි සානුල් නියමෙට කීවා අපේ රටේ විදිය.මේ බව දන්න නිසා තමයි අපරාධකාරයොත් වැඩිවෙලා තියෙන්නේ....(අ)
මිනි මරණ එක රස්සාව කරගත්තු කට්ටියකුත් ඉන්නවා (දී)
මේවාට ඉඩදෙන්න එපා. ඉක්මණින් දඩුවම දෙන්න. (නි)
පෙර කල පවක්ද කොහෙද (දී)
් අපිට කියන්න දෙයක් නැහැ සනුල් ඔබ හරි (අ)
යුක්තිය ඉල්ලා සටන් කරන නීතිඥ මහත්වරුන්ම මේ මිනීමරුවන් වෙනුවෙනුත් ෂෝක් එකට පෙනී සිටියි. බලන්නකෝ නැද්ද කියලා. (නි)
ලංකාවේ පොලිසිය දක්ෂයි දේශාපාලනය හෝ බලය ගෑවිලා නැත්නම් වැරදිකාරයෝ ඉක්මණින් සොයා ගන්නවා (අ)
නිසි දඩුවම දෙන්න (දී)
ලෝක විනාසේ වෙන්න ඕන මෙන්න මේ වගේ අපරාධකාරයෝ මේ ලෝකෙන් අයින් කරලා දාන්න එතකොට මේ වගේ දේවල් අහන්න දකින්න වෙන එකක් නෑ (ස)
කෝ මරපු අය (දී)
හපොයි.... හපොයි... ජිවිත නේද මේ (දී)
දඩුවමේ බරපතල කම ප්‍රසිද්ධියේ පෙන්නුම් කල යුතුයි (ස)
මෙවැනි අපරාධ කරුවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි (ස)
සනුල් , ඔබ හරි (ස)
ඇත්තටම හුගක් අය පොලිසියට බැන්නට වරද තියෙන්නේ එතන නෙමෙයි. වරද ඇති තැන සානුල් හරියටම පෙන්නලා දීලා තියෙනවා. (නි)
අනේ ! මේ මොනවද අපිට අහන්න ලැබෙන්නේ? (නි)
මෙවන් පුවතක් කියැවීමට ලැබීමට තරම් මම අවාසනාවන්තයෙකු විම ගැන මටම දුක හිතුණා. (නි)
දැන්වත් එල්ලුම් ගහ ගෙනාවොත් ගොඩක් පින් සිද්ධ වෙනවා. (නි)
කිසිම කෙනෙකුට යටත් නොවී ජනාධිපතිතුමා එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි.මිනිසා ආගමෙන් නොහික්මවේ නම් නීතියෙන් හික්මවිය යුතුයි. (නි)
එල්ලුම් ගහ අනිවාර්‍යයෙන්ම ගේන්න ඕන මේ රට හදන්න (ස)
ජනාධිපතිතුමනි, අනෙකුත් සියලු භීෂණ හමාර කළාක් මෙන් එල්ලුම් ගස ගෙනවිත් මෙම භීෂණයද හමාර කළ මැනවි. (නි)
මෙම මහපොළොව නුහුලන අපරාධය කළ අයට නිසි දඩුවම් දෙන්න. (නි)
අනේ, ඇයි පොඩිඑවුන් දෙන්නව මැරුවේ? පොඩිඅය මල් වගෙයි. හිතට හරිම වේදනාවයි. (නි)
මේකද ලෝක විනාසය...? (ස)
තමන්ගේ දරුවෙක් තියා හතුරෙකුගේ දරුවෙක් වුණත් පණ පිටින් පුච්චන්න පුලුවන්ද මනුස්සයෙකුට? (නි)
මොන හිතකින්ද තමන්ගේම අය මෙහෙම මැරුවේ? (නි)
නායකයෝ නිතිය පාච්චල් කරලා දෙන ආදර්ශ ,මහා මග මිනි මරවල දෙන ආදර්ශ නිසා තමයි මේ වගේ අපරාධකාරයෝ නීතියට බය නැතිව අපරාධ කරන්නේ , මේකට වග කියන්න ඕන නායකයෝ . නැතිනම් මොන නීති ක්‍රමය තිබ්බත් අරාබි රටවල මිනිස්සු නීතියට බය නැත්ද ?? (ස)
අර අහවල් මහත්තයාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කමිටුවක් පත්කරලා එයාලාට මේක විසඳන්න බාරදෙමු. (නි)
සානුල් නම් ලංකාවේ උසාවියක වැඩකරලා තියෙන පාටයි. (නි)
අරාබි නීතිය ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත. (නි)
මේ වගේ අයට නිදහසක් නම් දෙන්න නරකයි. (නි)
මෙවැනි අපරාධකරුවන්ට කිසිසේත් සමාව නොදිය යුතුයි... මේ වගේ අපරාධ කරුවන්ව එක වර දඩුවම් නොදිය යුතුයි.. විදවීමට දිය යුතුයි.. අපේ පොලිසිය දක්ෂයි.. හැකි ඉක්මනින් අපරාධකරුවන් අත් අඩංගුවට අරගෙන උපරිම දඩුවම් දෙන්න.. (නු)
ජන මතය විමසලා හරි එල්ලුම්ගහ නැවත ගේන්න..!(නු)
පව් අසරණ දරුවන් දෙදෙනා සහ අහිංසක මව.. හැකි ඉක්මනින් අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්න.. පොලිස්පතිතුමාගේ අවධානය මේ සදහා යොමු වේවා.. (නු)
මෙවන් පිරිමි මුලු මහත් පිරිමි සංහතියටම නින්දාවක් ලෙස මට හැගේ. (නි)
එහෙම කොහොමද හැකි ඉක්මණින් දඩුවම් දෙන්නෙ, රස පරික්ෂණ වාර්තාව එන්න ඕනෑ. මහේස්ත්‍රාත් වාර්තාව එන්න ඕනෑ. නීතිපති උපදෙස් එන්න ඕනෑ. පොලිස් වාර්තා එන්න ඕනෑ. විත්තිය උසාවි ආවෙ නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. උද්ඝෝෂණ නිසා නඩුව කල් තබන්න වෙනවා. නඩු අහන අය ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ. පරීක්ෂණය කරපු පොලිසියෙ මහත්තයා ආපු නැති දවසට නඩුව කල් දාන්න ඕනෑ...... කොහොමත් ඉවරයක් වෙන්න අවුරුදු 20ක් විතර යයි. (ස)
ලෝක විනාශය යනු මෙය නොවේද? (නි)
නිරන්තරයෙන් ධර්මය දේශනා කරන ධර්මද්වීපයක යමපල්ලන් තවමත් සිටීද? (නි)
කුමාර , ඔයාගේ කතාවනම් ඇත්ත (ස)
බිරිදට අනියම් සම්බන්ධයක් තිබුනානම් සහ ඒක සාක්ෂි ඇතිව ඔප්පු වුණා නම් නීතියෙන් වෙන් වෙන්න තිබුනා නේද?සැකය මතුවුනේ අළුත උපන් දරුවා ගැන නම් අනෙක් දරුවාත් මරා දැම්මෙ තිරිසන් කම නිසාමයි.තමන්ගෙ හෝ අනුන්ගෙ ලෙයින් උපන්නත් කිරි දරුවන් මරා දැමීම මොන තරම් අපරාධයක්ද?මේ කිරි දරුවන් දන්නවද අම්මද වැරදි තාත්තද කියල. දිනෙන් දිනම අමානුශික වෙන,තිරිසන් වෙන මෙවන් ලෝකයක් ,ලගදි සිදුවෙනවයි කියන ලෝක විනාශයෙන් හරි විනාශ වෙලා ආයිත් අළුතින් පටන් ගන්නවනම් හොදයි කියල හිතෙන්නෙ මේ වගේ දේවල් දැක්කම. (ස)
ළමයි නැතිව දුක් විදින මිනිස්සු මේ රටේ කොච්චර නම් ඇත් ද ? මේවා මහ පොළව නූහුලන අපරාධ. නිසි දඩුවම් දීම බලධරයින්ගේ වගකීමක්. (ස)
පව් අසරණ ළමයි.. කිසි දෙයක් නොදන්න.. ඇයි දෙමාපියන් මෙච්චර කෘර වෙන්නෙ.. හැකි උපරිම දඩුවම ලබා දෙන්න.. ඇයි පාලකයින්ට මේවා පෙන්නේ නැද්ද?(නු)