IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගුවන් හමුදාවේ ජීවන් ගුවන් පාපැදි සවාරියේ පෙරමුණ ගනී

දහතුන්වැනි ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරියේ පළමු අදියර ගුවන් හමුදාවේම ක‍්‍රීඩකයන් තිදෙනකු අතර පැවති තියුණු තරගයකින් පසුව සුජිත් සිල්වා ජය ගැනීමට සමත් විය. කටුනායක සහ වෙන්නප්පුව නගරවල පිහිටි ප‍්‍රසාද ලකුණු කඩඉම්  (ස්ප‍්‍රින්ට් අදියර) පිළිවෙලින් දෙවැනි හා පළමු ස්ථානයට නිමා කළ ගුවන් හමුදා ක‍්‍රීඩක ජීවන් ජයසිංහ වැඩි ප‍්‍රසාද ලකුණු ලබා ගැනීමේ පදනම මත පළමු අදියරේ පෙරමුණ ගත් ක‍්‍රීඩකයා ලෙස නම් කෙරුණි. ගුවන් හමුදා පාපැදි  කණ්ඩායමේ නායකයාද වන ජීවන් පළමු අදියර අවසානයේදී පැය 2යි විනාඩි 54.39ක කාලයකට තරගය නිමා කළේ වැඩි ප‍්‍රසාද ලකුණු ගණනක්ද ලබමිනි. පළමු තරගකරුවන් නව දෙනා මෙන් පැය 2 විනාඩි 54.50ක කාලයකින් ඔහු තරගය නිමා කළ අතර ප‍්‍රසාද ලකුණු ලැබීමේ පදනම මත ඔහුගේ තරග නිමි කාලය ලෙස 2  විනාඩි 54.30ක් ලෙස ගණනය කෙරුණි. පළමු අදියරේ තරග ප‍්‍රතිඵල 1. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) පැය 2 විනඩි 54 තත්පර 39 2. සුජිත් සිල්වා (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 40 3. නවීන් රුචිර (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 46 4. ගයාන් කුමාර (යුද හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 47 5. කාශ්‍යප සිරිවර්ධන (සුපර් වීල්රස්) පැය 2 විනාඩි 54 තත්පර 48 6. ශිරාන් නදීර (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 49 7. හේමන්ත කුමාර (නාවික හමුදාව) පැය 2 විනාඩි 54  තත්පර 49 8. අමල් සුරංග (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50 9. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50 10. මනෝජ් ප‍්‍රසන්න (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50 පළමු අදියරේ පළමු ස්ථානය දිනාගත් සුජිත් සිල්වා (මැද), දෙවැනි ස්ථාන ලැබු ජීවන් ජයසිංහ (වමේ) සහ තෙවැනි ස්ථානය හිමි කරගත් නවීන් රුචිර (දකුණේ)



අදහස් (0)

ගුවන් හමුදාවේ ජීවන් ගුවන් පාපැදි සවාරියේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2396 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site