දහතුන්වැනි ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරියේ පළමු අදියර ගුවන් හමුදාවේම ක‍්‍රීඩකයන් තිදෙනකු අතර පැවති තියුණු තරගයකින් පසුව සුජිත් සිල්වා ජය ගැනීමට සමත් විය.
කටුනායක සහ වෙන්නප්පුව නගරවල පිහිටි ප‍්‍රසාද ලකුණු කඩඉම් (ස්ප‍්‍රින්ට් අදියර) පිළිවෙලින් දෙවැනි හා පළමු ස්ථානයට නිමා කළ ගුවන් හමුදා ක‍්‍රීඩක ජීවන් ජයසිංහ වැඩි ප‍්‍රසාද ලකුණු ලබා ගැනීමේ පදනම මත පළමු අදියරේ පෙරමුණ ගත් ක‍්‍රීඩකයා ලෙස නම් කෙරුණි. ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ නායකයාද වන ජීවන් පළමු අදියර අවසානයේදී පැය 2යි විනාඩි 54.39ක කාලයකට තරගය නිමා කළේ වැඩි ප‍්‍රසාද ලකුණු ගණනක්ද ලබමිනි.
පළමු තරගකරුවන් නව දෙනා මෙන් පැය 2 විනාඩි 54.50ක කාලයකින් ඔහු තරගය නිමා කළ අතර ප‍්‍රසාද ලකුණු ලැබීමේ පදනම මත ඔහුගේ තරග නිමි කාලය ලෙස 2 විනාඩි 54.30ක් ලෙස ගණනය කෙරුණි.
පළමු අදියරේ තරග ප‍්‍රතිඵල
1. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) පැය 2 විනඩි 54 තත්පර 39
2. සුජිත් සිල්වා (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 40
3. නවීන් රුචිර (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 46
4. ගයාන් කුමාර (යුද හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 47
5. කාශ්‍යප සිරිවර්ධන (සුපර් වීල්රස්) පැය 2 විනාඩි 54 තත්පර 48
6. ශිරාන් නදීර (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 49
7. හේමන්ත කුමාර (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 49
8. අමල් සුරංග (ගුවන් හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50
9. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50
10. මනෝජ් ප‍්‍රසන්න (නාවික හමුදාව) පැය 2 විනාඩි 54 තත්පර 50
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd