ගුවන් හමුදාව, 13 වැනි වරටත් සංවිධානය කළ ‘ගුවන් හමුදා විවෘත රේසිං’ පාපැදි සවාරියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාවේම ක‍්‍රීඩකයකු වන ජීවන් ජයසිංහ සමත්විය. තරගකරුවන් 132 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අදියර තුනකින් පැවැති මෙම තරගයේ කිලෝමීටර 438 ක දුර ප‍්‍රමාණය පැය 9 විනාඩි 27.42 ක කාලයකින් නිම කළ ජීවන් මෙවර පාපැදි සවාරියේ සමස්ත ශූරයාට හිමි රුපියල් ලක්‍ෂ තුනක ත්‍යාග මුදල දිනා ගත්තේය.
කොළඹ සිට පුත්තලම පාලාවිය විදුහල දක්වා පැවැති පළමු අදියරේදීත් සමස්ත තරග ප‍්‍රතිඵල සටහනේ පෙරමුණට පැමිණ ‘කහ බැනියම’ දිනාගත් ගුවන් හමුදා පාපැදි පිලේ නායක ජීවන්, පුත්තලම සිට දඹුල්ල නගරය දක්වා පැවැති දෙවැනි අදියර ද ජය ගැනීමට සමත්විය.
පසුගිය වසරේ ශූරතාව දිනාගත් බුද්ධික වර්ණකුලසුරිය මෙවර සමස්ත තරගයේ දෙවැනි ස්ථානය ලැබීය.
13 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ප‍්‍රතිඵලය:
1. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) - පැ. 9 වි. 27.42
2. බුද්ධික වර්ණකුලසුරිය (ගුවන් හමුදාව) - පැ. 9. වි. 27.48
3. ලක්‍ෂමන් විජේරත්න (යුද හමුදාව) - පැ. 9. වි. 31.52
4. සමීර චතුරංග (යුද හමුදාව) - පැ. 9. වි. 32.16
5. සුජිත් සිල්වා (ගුවන් හමුදාව) - පැ. 9. වි. 32.18
6 .වසන්ත හරිස්චන්ද්‍ර (යුද හමුදාව) - පැ. 9. වි. 32.20
7. ප‍්‍රසන්න මැඩොන්සා (ශ්‍රී ලංකා ජර්මන්) - පැ. 9. වි. 32.20
8. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව) - පැ. 9. වි. 32.20
9. උෂාන් ප‍්‍රියංග (ශ්‍රී ලංකා ජර්මන්) - පැ. 9. වි. 32.20
10. ජානක සුමණවීර (වින්ග් වීල්) - පැ. 9. වි. 32.20
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd