ගුවන් හමුදාව, 13 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදා විවෘත රේසිං පාපැදි සවාරිය අනිද්දා (15) පෙරවරු 8.00 ට කොළඹ ගුවන් හමුදා මුලස්ථානය ඉදිරිපිටන් ආරම්භවේ. ගුවන් හමුදාවේ 61 වැනි සංවත්සරය නිමිත්තෙන් පාපැදි අතුරු කමිටුවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර තරගය අදියර තුනකින් සමන්විතය. තරගයේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝමීටර 438 කි. මේ මස 15 වැනිදා ආරම්භ වන පාපැදි සවාරියේ පළමුවැනි අදියරේදී තරගකරුවෝ වත්තල, ජා ඇල, කටුනායක, කොච්චිකඬේ, නයිනමඩම, වෙන්නප්පුව, මාරවිල, මාදම්පේ, හලාවත, ආරච්චිකට්ටුව, මදුරන්කුලිය හරහා පලාවිය විදුහල දක්වා කිලෝමීටර 147 ක දුරක් සිය පාපැදි හසුරුවති. පසුදින (16 වැනිදා) පුත්තලම බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වී ආනමඩුව, නිකවැරටිය, පාදෙණිය, වාරියපොල, කුරුණෑගල, ඉබ්බාගමුව, ගලේවෙල හරහා දඹුල්ල අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් අවසන් වන 2 වැනි අදියරේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 148.8 කි. පාපැදි සවාරියේ අවසන් අදියර 17 වැනිදා දඹුල්ල නගරයෙන් ආරම්භ වී කුරුණෑගල, නාරම්මල, දඹදෙණිය, කොටදෙනියාව, මිනුවන්ගොඩ, ජා ඇල, කඳාන, වත්තල, පෑලියගොඩ, මරදාන හරහා පැමිණ තරගය ආරම්භ කළ ගුවන් හමුදා මුලස්ථානය ඉදිරිපිටින් අවසන් කිරීමට නියමිතය. අවසන් අදියර කිලෝමීටර 142 ක දුරකින් සමන්විතය. මෙවර සවාරියට පාපැදි අතුරු කමිටුවේ ලියාපදිංචි තරගකරුවෝ 100 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටිති. එල්. ජී. අබාන්ස් සමාගම අනුග‍්‍රහය දක්වන මෙම සමස්ත පාපැදි සවාරියේ ශූරයාට රුපියල් ලක්‍ෂ තුනක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. දෙවැනි ස්ථානයට රුපියල් 200,000 ක මුදල් ත්‍යාගයක් ද, තෙවැනි ස්ථානයට රුපියල් 100,000 ක්ද ලෙස 15 වැනි ස්ථානය දක්වා ලක්‍ෂ 10 ක පමණ මුදලක් ද තරගකරුවන්ට ත්‍යාග ලෙස පිරිනැමේ. ජනශක්ති රක්‍ෂණ සමාගම තරගකරුවන්ට රක්‍ෂණ ආවරණයක් ද ලබා දෙයි. අදියර ජයග‍්‍රාහකයන්ට, සමස්ත ස්ප‍්‍රීන්ට් හා අදියර ස්ප‍්‍රීන්ට් මෙන්ම ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා ද මුදල් ත්‍යාග පිරිනමන බවත් තරග සංවිධායකයෝ පවසති. පිරිමි රේසිං තරගයට සමගාමීව කාන්තා පාපැදි තරගයක්ද මේ මස 17 වැනිදා මීරිගම සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි දුර කිලෝමීටර 42.1 කි. තරගයේ පළමු ස්ථානය දිනාගන්නා ක‍්‍රීඩිකාවට රුපියල් 50,000 ක්ද, දෙවැනි ස්ථානය ලබන තරගකාරියට රුපියල් 30,000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 20,000 ක්ද ලෙස පස්වැනි ස්ථානය දක්වා කාන්තා තරගයේ මුදල් ත්‍යාග හා පිරිනැමේ.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනකින්