IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගාල්ල සංගමයේ ආරවුල විසඳීමට විධායක සභාව කොළඹට කැඳවයි

කි‍්‍රකට් නිලවරණය සඳහා ගාල්ල දිස්ත‍්‍රික් කි‍්‍රකට් සංමයේ නම් කෙරුණු ඡන්ද  නියෝජිතයන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතාව විභාග කිරීම ලබන සඳුදාට (2) කල්දමා තිබේ. මෙම විරෝධතාව ගොනුකර ඇත්තේ ගාල්ල දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගමයේ සභාපති එච්. පේ‍්‍රමසිරි මහතාය. එහි ලේකම් ධුරය දරන ජයනන්ද වර්ණවීර මහතාට චෝදනා  කරමින් ඔහු මෙම විරෝධතාව ගොනුකර  ඇතැයි වාර්තාවේ. කි‍්‍රකට් නිලවරණයේදී ඡන්ද විමසුමට සහභාගිවන සිය සංගමයේ නියෝජිතයන් නම්කර ඇත්තේ සිය අනුදැනුමෙන් තොරව බවත් ඡන්ද විමසුමට සහභාගි වීමට සභාපතිවරයා ලෙස තමන්ට ලැබිය යුතු අවස්ථාව එහිදී අහිමිකර ඇතැයි ද ඔහු විරෝධතාවයක් ගොනු කරමින් චෝදනා නගා තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අර්බුදයට මැදිව සිටින ගාල්ල දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංමයේ දෙපාර්ශවයම සමග ඊයේ සාකච්ඡා කළ බව වාර්තා වේ. එහිදී ඇමැතිවරයාගේ අදහස වී ඇත්තේ මේ සම්බන්ධයෙන් එම  සංගමයේ   කාරක සභාවේ සියලූ නියෝජිතයන් ඉදිරිපිටදී ප‍්‍රශ්නය නිරාකරණය කරගත යුතු බවය. ඒ අනුව සංගමයේ කාරක සභාවේ සියල්ලන්ටම ලබන සඳදා පස්වරු 1 ට කී‍්‍රඩා ඇමැතිවරයා හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. සංගමයේ ලේකම්වරයා මෙම විරෝධතාව ගැන අදහස් දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ සිය ඡන්ද නියෝජිතයන් දෙදෙනා නම් කළේ කාරක සභාවේ අනුමැතියෙන් බවයි. ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන කි‍්‍රකට් ආයතනයේ නිලවරණයට සහභාගි වන දිස්ති‍්‍රක් සංගම් හා කී‍්‍රඩා සමාජ කීපයකට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතා විභාග කර අවසන් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ අනුව මොනරාගල, අම්පාර, මාතර, කළුතර හා මාතලේ යන දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් හා මැලේ කී‍්‍රඩා සමාජය, කොල්ලූපිටිය ප්ලේග‍්‍රවුන්ඞ් කී‍්‍රඩා සමාජය හා පීටර්සන් කී‍්‍රඩා සමාජය සම්බන්ධයෙන්  පැන නැගුණු අර්බුද මේ වනවිට විසඳා අවසන්වී ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු ඊයේ ”ලංකාදීප”යට පැවසීය.



අදහස් (0)

ගාල්ල සංගමයේ ආරවුල විසඳීමට විධායක සභාව කොළඹට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site