කි‍්‍රකට් නිලවරණය සඳහා ගාල්ල දිස්ත‍්‍රික් කි‍්‍රකට් සංමයේ නම් කෙරුණු ඡන්ද නියෝජිතයන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතාව විභාග කිරීම ලබන සඳුදාට (2) කල්දමා තිබේ. මෙම විරෝධතාව ගොනුකර ඇත්තේ ගාල්ල දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගමයේ සභාපති එච්. පේ‍්‍රමසිරි මහතාය. එහි ලේකම් ධුරය දරන ජයනන්ද වර්ණවීර මහතාට චෝදනා කරමින් ඔහු මෙම විරෝධතාව ගොනුකර ඇතැයි වාර්තාවේ. කි‍්‍රකට් නිලවරණයේදී ඡන්ද විමසුමට සහභාගිවන සිය සංගමයේ නියෝජිතයන් නම්කර ඇත්තේ සිය අනුදැනුමෙන් තොරව බවත් ඡන්ද විමසුමට සහභාගි වීමට සභාපතිවරයා ලෙස තමන්ට ලැබිය යුතු අවස්ථාව එහිදී අහිමිකර ඇතැයි ද ඔහු විරෝධතාවයක් ගොනු කරමින් චෝදනා නගා තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අර්බුදයට මැදිව සිටින ගාල්ල දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංමයේ දෙපාර්ශවයම සමග ඊයේ සාකච්ඡා කළ බව වාර්තා වේ. එහිදී ඇමැතිවරයාගේ අදහස වී ඇත්තේ මේ සම්බන්ධයෙන් එම සංගමයේ කාරක සභාවේ සියලූ නියෝජිතයන් ඉදිරිපිටදී ප‍්‍රශ්නය නිරාකරණය කරගත යුතු බවය. ඒ අනුව සංගමයේ කාරක සභාවේ සියල්ලන්ටම ලබන සඳදා පස්වරු 1 ට කී‍්‍රඩා ඇමැතිවරයා හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. සංගමයේ ලේකම්වරයා මෙම විරෝධතාව ගැන අදහස් දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ සිය ඡන්ද නියෝජිතයන් දෙදෙනා නම් කළේ කාරක සභාවේ අනුමැතියෙන් බවයි. ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන කි‍්‍රකට් ආයතනයේ නිලවරණයට සහභාගි වන දිස්ති‍්‍රක් සංගම් හා කී‍්‍රඩා සමාජ කීපයකට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතා විභාග කර අවසන් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ අනුව මොනරාගල, අම්පාර, මාතර, කළුතර හා මාතලේ යන දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් හා මැලේ කී‍්‍රඩා සමාජය, කොල්ලූපිටිය ප්ලේග‍්‍රවුන්ඞ් කී‍්‍රඩා සමාජය හා පීටර්සන් කී‍්‍රඩා සමාජය සම්බන්ධයෙන් පැන නැගුණු අර්බුද මේ වනවිට විසඳා අවසන්වී ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු ඊයේ ”ලංකාදීප”යට පැවසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd