දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය සහ තක්සේරු නිලධාරියකු රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් ඊයේ (30) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය ඊ.ඩබ්ලිව්. එම්. විජේකෝන් සහ තක්සේරුකරු එම්.පී.ඩබ්ලිව්.එස්. සී සිල්වා එම දෙදෙනාය. අනුරාධපුරයේ ගල්මෝල් හිමියකුගෙන් ආදායම් බදු අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්‍ෂ පහක් අනුරාධපුර දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදී ගනිද්දී වැටලීම සිදුවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් නිසා දඩුවම් දෙන්න ඕනේ (දී)
ඕන්න දැක්කා නේද වරදට ගියාම වෙන දේ (දී)
මිනිස්සුනේ මතක තියා ගන්න අල්ලස ගත්තොත් අයියෝ සල්ලි තමයි (දී)
අයියෝ මදැයි අල්ලස් ගන්න ගියා එක්කෙනෙක් (දී)
ඊයේ 29 නේ (ස)
අනේ මන්දා.... අල්ලස කියන්නේ ඒ හැටි හොද එයක් නොවෙයි (දී)
පින්තූර එක්කම දාලා ප්‍රසිද්ධ කරන්න එපැයි (ස)
මෙහෙම කොහොමද ඉතිං යන්නේ ආශ්චර්යමත් දේශයකට? (නි)
තනතුර ඉවරයිනේ ඉතිං. (නි)
තව කොච්චර අල්ලස් ගැනීම් මේ ලංකාවේ සිද්ධ වෙනවද? (නි)
මමනම් ඒ ගල් මෝල් හිමියාගේ පැත්තේ (දී)
අනුරාධපුරේ වැඩිපුර ඉන්නේ බදු කාක්කෝ. (නි)
කාට කාටත් හොඳ පාඩමක් (ස)
නියමයි අල්ලස නැතිකරන්න ඕනේ ලෝකෙන්ම (දී)
අයියෝ සල්ලි
දැන් ඒන පුවෘත්තිවල හැටියට මේක සුළු දෙයක්..!(නු)