දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ කන්දේ පස් ගාලු මංතිරුවට වැටී තිබේ අධිවේගී මර්ග සේවකයෝ එම පස් ඉවත් කරමින සිටිති කොට්ටාවේ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහන දොඩන්ගොඩ පිවිසුමෙන් හරවා යැවේ. එහෙත් මගීන් රැගෙන යන ඇතැම් පෞද්ගලික බස් කියනුයේ ගාල්ලට යාමට බැරි නිසා එම මගීන් සමග ආපසු මහරගමට යන බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වනුයේ දොඩන්ගොඩින් හෝ කළුතර පිවිසුම් වලින් හරවා ගාලු පාරට යෑමට මාර්ග බලපත්‍ර නැති බවයි. කන්ද නාය ගිය පිවිසුමට ඉදිරියෙන් අධිවේගි මාර්ග සේවකයෝ රතු කොඩි රැගෙන වාහන හැසිරවීමේ යෙදී සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහපු පදේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. (නි)
ලාල් ගලබඩ, ඔබතුමා විහිලුවටවත් ඉස්කෝලෙදි සමාජ අධ්‍යනය කරලා නැද්ද ? ස්වභාවික ආපදා වලින් වෙන හානිය පාලනය කරන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවා. අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න ඇමෙරිකාවට "සැන්ඩී" කුණාටුවෙන් වුණ හානිය ගැන බැලුවොත් ඔබතුමාට එම සීමාව ගැන හොදට දැන ගන්න පුළුවන්. (නි)
අමල් මහත්තයෝ.... ඕවා දුකට කියවෙන කතා... හැමදේකටම ඇමරිකාව ආදර්ශයට ගන්න එපා... ලාල් මහත්තය කියන එක ඇත්ත.ඕනම දෙයක් කෙරෙන කොට නිසි ප්‍රමිතියක් තියෙන්න ඕන.ඒක හරියට කරලා නැති එකයි වැරැද්ද. (ස)
බස් රියදුරන් වැරදි කිව නොහැකියි.ඒ අය ගාලු පාරේ හිගින් මාර්ග බලපත්‍ර නැතුව අල්ලලා උසාවි ගිහින් නඩු කියන්න වුනොත් කවුරුවත් උදව්වට එන්නෙ නෑ.පාරක් හදන්න ඕන අර ලාල් ගලබඩ මහත්තයා කියපු වගේ හැමදෙයක්ම සලකලා.නැත්නම් මේකත් නිකන්ම නිකන් පාරක් වෙයි. (ස)
අමල් ඔබ හරි. (ස)
මේකේ අදහස් පළකර වැඩි දෙනෙක් අදහස් පළකරන්නේ දේශපාලන වෛරයෙන් . නැත්නම් සොබාවික ආපදාවකදී මෙයාල මෙහෙම ලියන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයාල ලෝකේ වෙන විපත් ගැන දන්නේ නැහැ. ඔය බනින කට්ටියම තමයි උදේ කොළඹින් ගාල්ලට පිටත් වෙලා දවල්ට කන්න අයෙත් කොළඹට ඇවිල්ල කියන්නේ අධිවේගී මග තිබුණා නිසා පැය 5 න් ගාල්ලට ගිහිනුත් අව කියල (ස)
ඉක්මණින් යථා තත්ත්වයකට පැමිණේවා! (නි)
එල කිරි (ස)
හදිසි විපතකදී බස් රියදුරන් බලන්නේ කොහොමහරි ඇග බේරාගන්නයි. (නි)
ඉක්මනට අධි වේගෙන් පිටවෙන එක තමයි හොද. මොකද, අනිත් පැත්තේ කන්දත් නාය ගියොත් පිට වෙනවා බොරු... (නි)
ආසියාවේ ආශ්චර්යය - අධිවේගී මාර්ගයයි, හම්බන්තොට වරායයි (නි)
නියමයි. (නි)
බස් රියදුරන්ගේ මෝඩකම් මේකෙන් හොදට තේරෙනවා. දැන් හදිසියේ බස් එක ඇතුළේ කාට හරි අසනීපයක් වුණොත් මාර්ග බලපත්‍ර තියෙනවා නම් විතරයි රෝහලකට යන්නේ. එහෙමද? (නි)
විශේෂයෙන් අධිවේගී පාරක් හදන විට ප්‍රමිතිය ගැන සැළකිය යුතුයි කියන්නේ මේකටයි. පාරිසරික බලපෑම,ස්වභාවික පිහිටීම,උස මිටි තැනිතලා,ගංවතුර ගැලීම්,යන කරුනුත් එක්ක අනික් දේද ගැළපිය යුතුයි. නැත්නම් එයත් ගම්සභා පාරක තත්ත්වයට වැටීම ස්වභාවිකයි. (නි)