IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගාලු වාහන දොඩන්ගොඩින් ගාලු පාරට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ කන්දේ පස් ගාලු මංතිරුවට වැටී තිබේ අධිවේගී මර්ග සේවකයෝ එම පස් ඉවත් කරමින සිටිති කොට්ටාවේ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහන දොඩන්ගොඩ පිවිසුමෙන් හරවා යැවේ. එහෙත් මගීන් රැගෙන යන ඇතැම් පෞද්ගලික බස් කියනුයේ ගාල්ලට යාමට බැරි නිසා එම මගීන් සමග ආපසු මහරගමට යන  බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වනුයේ දොඩන්ගොඩින් හෝ කළුතර පිවිසුම් වලින් හරවා ගාලු පාරට යෑමට මාර්ග බලපත්‍ර  නැති බවයි. කන්ද නාය ගිය  පිවිසුමට ඉදිරියෙන් අධිවේගි මාර්ග සේවකයෝ රතු කොඩි රැගෙන වාහන හැසිරවීමේ යෙදී සිටිති.



අදහස් (0)

ගාලු වාහන දොඩන්ගොඩින් ගාලු පාරට

බිමල් Friday, 02 November 2012 05:45 PM

ගහපු පදේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

අමල් Friday, 02 November 2012 06:03 PM

ලාල් ගලබඩ, ඔබතුමා විහිලුවටවත් ඉස්කෝලෙදි සමාජ අධ්‍යනය කරලා නැද්ද ? ස්වභාවික ආපදා වලින් වෙන හානිය පාලනය කරන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවා. අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න ඇමෙරිකාවට "සැන්ඩී" කුණාටුවෙන් වුණ හානිය ගැන බැලුවොත් ඔබතුමාට එම සීමාව ගැන හොදට දැන ගන්න පුළුවන්. (නි)

:       0       0

සුදිත් Friday, 02 November 2012 08:21 PM

අමල් මහත්තයෝ.... ඕවා දුකට කියවෙන කතා... හැමදේකටම ඇමරිකාව ආදර්ශයට ගන්න එපා... ලාල් මහත්තය කියන එක ඇත්ත.ඕනම දෙයක් කෙරෙන කොට නිසි ප්‍රමිතියක් තියෙන්න ඕන.ඒක හරියට කරලා නැති එකයි වැරැද්ද. (ස)

:       0       0

දිලංක Friday, 02 November 2012 08:27 PM

බස් රියදුරන් වැරදි කිව නොහැකියි.ඒ අය ගාලු පාරේ හිගින් මාර්ග බලපත්‍ර නැතුව අල්ලලා උසාවි ගිහින් නඩු කියන්න වුනොත් කවුරුවත් උදව්වට එන්නෙ නෑ.පාරක් හදන්න ඕන අර ලාල් ගලබඩ මහත්තයා කියපු වගේ හැමදෙයක්ම සලකලා.නැත්නම් මේකත් නිකන්ම නිකන් පාරක් වෙයි. (ස)

:       0       0

මුතු Friday, 02 November 2012 08:51 PM

අමල් ඔබ හරි. (ස)

:       0       0

සනත් ඉන්දික Friday, 02 November 2012 09:14 PM

මේකේ අදහස් පළකර වැඩි දෙනෙක් අදහස් පළකරන්නේ දේශපාලන වෛරයෙන් . නැත්නම් සොබාවික ආපදාවකදී මෙයාල මෙහෙම ලියන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයාල ලෝකේ වෙන විපත් ගැන දන්නේ නැහැ. ඔය බනින කට්ටියම තමයි උදේ කොළඹින් ගාල්ලට පිටත් වෙලා දවල්ට කන්න අයෙත් කොළඹට ඇවිල්ල කියන්නේ අධිවේගී මග තිබුණා නිසා පැය 5 න් ගාල්ලට ගිහිනුත් අව කියල (ස)

:       0       0

ලියනගේ Friday, 02 November 2012 04:38 PM

ඉක්මණින් යථා තත්ත්වයකට පැමිණේවා! (නි)

:       0       0

නුවන් Friday, 02 November 2012 04:42 PM

එල කිරි (ස)

:       0       0

සිල්වා Friday, 02 November 2012 04:56 PM

හදිසි විපතකදී බස් රියදුරන් බලන්නේ කොහොමහරි ඇග බේරාගන්නයි. (නි)

:       0       0

තුසිත Friday, 02 November 2012 04:58 PM

ඉක්මනට අධි වේගෙන් පිටවෙන එක තමයි හොද. මොකද, අනිත් පැත්තේ කන්දත් නාය ගියොත් පිට වෙනවා බොරු... (නි)

:       0       0

චතූ Friday, 02 November 2012 04:54 PM

ආසියාවේ ආශ්චර්යය - අධිවේගී මාර්ගයයි, හම්බන්තොට වරායයි (නි)

:       0       0

දිලන්ක Friday, 02 November 2012 05:09 PM

නියමයි. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 02 November 2012 05:16 PM

බස් රියදුරන්ගේ මෝඩකම් මේකෙන් හොදට තේරෙනවා. දැන් හදිසියේ බස් එක ඇතුළේ කාට හරි අසනීපයක් වුණොත් මාර්ග බලපත්‍ර තියෙනවා නම් විතරයි රෝහලකට යන්නේ. එහෙමද? (නි)

:       0       0

ලාල් ගලබඩ Friday, 02 November 2012 05:24 PM

විශේෂයෙන් අධිවේගී පාරක් හදන විට ප්‍රමිතිය ගැන සැළකිය යුතුයි කියන්නේ මේකටයි. පාරිසරික බලපෑම,ස්වභාවික පිහිටීම,උස මිටි තැනිතලා,ගංවතුර ගැලීම්,යන කරුනුත් එක්ක අනික් දේද ගැළපිය යුතුයි. නැත්නම් එයත් ගම්සභා පාරක තත්ත්වයට වැටීම ස්වභාවිකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site