ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු විය.
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, කරාපිටිය රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රංජික උබේසිරි, ශල්‍ය වෛද්‍ය කෝලිත කරුණාදාස, වෛද්‍ය නාලක ගුණවංශ, යන මහත්වරුන්ගේ මූලිකවතයෙන් හෙද කර්ය මණ්ඩල සහායෙන් සැත්කම සිදු වූ බව රෝහල් අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා කියයි.
අම්බලන්තොට එච්.ජී. කරුණාසේන මහතාට වකුගඩුව බද්ධ කැරිණි. වකුගඩුව පරිත්‍යාග කෙළේ අම්බලන්තොට ඩබ්ලිව් සම්පත් මහතාය.
පේරාදෙණිය, මහනුවර, කොළඹ සහ අනුරාධපුරය, රෝහල්හි වකුගඩු බද්ධ කැරෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වටිනා පුවත ගැන කෝක්ට වෙන මොකවත් ලියන්න තිබුණේම නැද්ද? (නි)
වැඩේ නම් හොදයි
පනාගොඩ, ඔයාටත් සැත්කමක් කරගත්තොත් හොදා. (නි)
ජය වෙවා ! (ස)
ඉතා ගුණවත් වැඩක්, අගය කල යුතුයි (ස)
ලංකාව සුර පුරයක්
නියමයි, වැඩේ හොඳයි (ස)
ඉතා සතුටුදායක පුවතක්. ලංකාවේ වකුගඩු අකර්මනයතාව වැඩිවෙමින් පවතින කාලයක මේ අවශ්‍යතාවය ඉටු වීම ගැන බොහොමත්ම සතුටුයි. රෝගියාට ඉක්මන් සුවය පතනවා. ඒත් එක්කම කියන්න තව දෙයක් තියෙනවා. බුදු හාමුදුරුවෝ තමන්ගේ අසනීපයකට පිරිතේ බලය වෙනුවට ජීවක වෛද්‍යවරයාගේ සේවය පැතු බව බෞද්ධ අප දන්නවා. බුදුන් පවා වෛද්‍යවරයාගේ කාර්යය, වෛද්‍යවරයාට පැවරීමට කල්පනාකාරී වුණා. මෙවැනි සියයට සියයක්ම වෛද්‍යමය කාර්යයකදී පිරිත් කියන එක මේ දවස්වල විලාසිතාවක්ව පවතින ප්‍රදර්ශනාත්මක බුද්ධාගමේ කොටසක් මිස බුදු වදන් පිලිපැදීමක් නොවේ.(මම මේ කිවුවේ පොදුවේ මිසක් මේ කාර්යය ගැන නෙමෙයි) (නි)
ඇත්තෙන්ම හොඳ වැඩක්, සුබ පැතුම් (ස)
සම්පත් ඔබ ඇත්තටම සම්පතක් (ස)
අසරණ ලෙඩුන් මේ ලෙස සුවපත් කරන විස්කම් ප පා තව තව ඉදිරියට එන අපේ වෙද තුමන්ලා මිහිපිට දෙවියන් වැන්න මේ භවයේම හැම සසරින් ගොඩ වන්න (ස)
ඔබයි මිහිපිට දෙවියන්... (නි)
විශිෂ්ටයි. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... (නි)
ලබපු ජීවිතයෙන් තවත් ජිවිතයකට උපකාර කිරීම ගැන ඉතා සතුටුයි. (නි)
ඔබට බුදු බව ලැබෙයි මහත්තයෝ. (නි)
මට නම් මේ වෛද්‍යවරු විශ්වාස කරන්න බැහැ. මොකද මගේ යාලුවෙකුට එයාලා අතින් ලොකු අසාධාරණයක් වුණා. (නි)
අවයට පරිත්‍යාගකර ඒ මහාතා කල මේ පුන්‍යකර්මය හේතූකොට ගෙන ඔබේ ආත්මය උසස් තැනකට ගෙනයාවි (ස)
අසරණ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට දාන මිනිස්සු ඉන්න රටේ පාරිත්‍යාගශීලී මේ මහතා දෙවියෙක් (ස)
ආගමක් ඇදැහුවත් නැතත් මේවා මනුෂ්‍යයා වෙනුවෙන් මනුෂ්‍යයා විසින් ඉටුකළ යුතු ඉතා උසස් යුතුකම් වන්නේය. ඉතා උසස් දෙයක්. (නි)
සන්තෝෂයි, ධනපතියෙකුගේ උපකාර ඇතිව මේ රෝහල තව දියුණු කරමු (ස)
සන්තෝෂයි. දානපතියන්ගේ ආධාර උපකාර ඇතුව මේ රෝහල තව තවත් දියුණු කරමු. (නි)
ලෙඩදුක් වලින් ජීවිත බේරාගන්න! මිය යන්නට නොදී, යළි ජීවත්කරන රැකියාවක් වූණත් වෙදකම පඩි ලබන දොස්තරවරුණි නුඹලා දෙවියන් වැන්න! (නි)
සැබෑ ලෙසම මිහිපිට දෙවිවරු.... (නි)
සියලු දේ සාර්ථක වේවා! සියලු ආගම් වල ආශිර්වාදය ලැබේවා! (නි)
අහන්නත් ආසයි. කියන්න වචන නැහැ. (නි)
අන්‍යආගමික වැඩසටහනක් තියලා මේ ශල්‍යකර්මය ආරම්භ කළොත් මෙලහකට අපේ ආගමේ කට්ටිය මේ රෝහල වටකරලා. (නි)
ඉතා ඉහළින්ම අගය කරමි. (නි)