අධ්‍යක්‍ෂක ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් නාඳුනන පුද්ගලයකු දුරකථනයෙන් මරණීය තර්ජන කළැයි කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ගාල්ල පොලීසියට හා පොලිස්පතිට පැමිණිලි කෙළේය. බදාදා සවස කිහිප විටක්ම තම ජංගම දුරකථනයට එම ඇමතුම් ලැබුණ බව ඔහු කියයි. අධ්‍යක්‍ෂ ධූරයෙන් ඉවත් නොවුණහොත් අධ්‍යක්‍ෂ සහ ඔහුගේ දියණිය මරා දමන බවට තර්ජනය කැර ඇත. තර්ජන තැනැත්තා කළ තම දියණියගේ පුද්ගලික විස්තර පවා දන්නා බවද ඔහු කීවේය. වෛද්‍යවරයා ඝාතනය කිරීම සඳහා තමන් රෝහලට පැමිණි බවත් වෛද්‍යවරයා එවේලේ නොසිටි බවත් දුරකථනයෙන් තර්ජනය කළ තැනැත්තා පැවසූ බව අධ්‍යක්‍ෂවරයා පැවසීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයගේ හැටි ඔහොම තමයි. (නි)
සංජීව, කරුණාකරල මෙහි අනිත් ප්‍රවෘත්තිත් බලන්න. ඒවත් දකුණෙද වුණේ ? මේ සතිය ඇතුලත් මිනිමැරුම් කීයක් වුණාද? ඒවත් දකුණෙද වුනේ? මහනුවර පැත්තෙ ඇමති කෙනෙකුටත් මෙහෙම දෙයක් වුනා. (ස)
අධ්‍යක්ෂකතුමනි, බිය නොවන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. (නි)
එල්වි ජෝස් මහත්තයෝ. ලංකාදීපේ මේ දවස් ටිකේ වාර්තා වුණු අපරාධ ඔක්කොම ගාල්ලෙද මනුස්සයෝ? වැඩි හරියක් දකුණු පළාතෙන් පිට. (නි)
සංජීව, කොටකෙතන තියෙන්නේ සබරගමුවේ , දන්නවද ඒක ? (ස)
ගීත් මහත්තයෝ, ටිකක් ඔලුව හරවලා වටේටම බලන්න. (නි)
ජයලාල්, ඔයා බණ කිවුවට, ඒ මනුෂ්‍යයාට සහ ඒ දියණියට යම් අපරාධයක් සිදු වුණොත් ඔයා වගකියනවාද? (නි)
ගීත්, එල්වි ජෝස් මහත්තයා කිව්වේ ගාල්ලෙ අය කිය කිය ඉන්නවා මිසක් වැඩ කරන්නෙ නැහැ කියලායි. (නි)
මොනවා වුණත් රටට සාමය ගෙනාවේ දකුණින් පහළ වූ කෙනෙක් කියන එක අපිට අමතක කරන්න අමාරුයි. (නි)
මොනවාද මේ කෝලම් මඩුවක් වෙලා වගේ.. දුරකථන තර්ජනත් දැං රැල්ලකට යනවා වගේ... සැනසීමෙන් නිදහසේ මිනිසෙකුට ඉන්න බැරි තත්ත්වයක් නෙ රට තුල තියෙන්නේ..!(නු)
එයාලගෙම කට්ටිය වෙන්න ඇති (ස)
වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (ස)
ගීත්,මේ රටේ වෙන අපරාධ වලින් 95%ක්ම කරන්නේ දකුණු පැත්තෙන් තමයි. (නි)
ඇමති කෙනෙකුටත් ඊයේ පෙරේදා මෙහෙම සිද්ධියක් වුණා නේද? (නි)
අහ්.. ගාල්ලෙද එහෙමනම් අහන්න දෙයක් නැහැ..!(නු)
කෙලින් වැඩ දිරවන්නේ නැති කෙනෙකුගේ වැඩක් වෙන්න බැරිද? (නි)
ඔන්න ඕකනේ මිනිහෙක්ට නිදහසේ වැඩක් කර ගන්න දෙන්නේ නැහැනේ (දී)