බස්නාහිර පළාත් පාසල්වල තීන්ත ආලේක කිරීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුපත්‍රවල විදුහල්පතිට අමතරව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්සන් තැබිය යුතු බවට අතිරේක ලේකම්වරයකු කර ඇති නියෝගය නීති විරෝධිබව ලංකා ගුරු සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 2012/10/22 දිනැති ලිපියකින් බස්නාහිර පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ඒ බව දැනුම් දී ඇති බවයි. 1332ක් පමණ වන බස්නාහිර පළාතේ පාසල් වල විදුහල්පතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් ළඟට යැවීමට තරම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම දැඩි ලෙස හෙලා දකින බව ද ස්ටාලින් මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලට ගිහින් තියෙන දේවල් බලු නකුටටම යනවා වගෙයි. (නි)
අයියෝ සල්ලි මෙහෙම වෙන්න හොද නැහැ
නිලධාරීන්ටත් පළා බබාලා නැතුවම බැරිද මන්දා? (නි)
මෙ වගෙ වෑඩ මෙ රටෙ කවදට නතර වෙයිද...?
ඒ කියන්නේ තුනේ පන්තියටවත් ගියේ නැති සමහර දේශපාලකයෝ පස්සේ විදුහල්පතිවරු වැදගෙන යන්න ඕනැද? ඔන්න අද තත්වේ. (ත)
තින්ත මිලදී ගන්නයි, ‘‘තීන්ත ආලේප කරන්නයි’’, යන කරුණු දෙකටම ප‍්‍රතිපාදන වෙන්කරලා දීම අවශ්‍යයි. අනික දෙමවුපියන් රස්තියාදු කරවන එක මහා පාපයක්. තීන්ත ගාන දෙමවුපියෝ හැමදාම තීන්ත ගානවා. ලොකු ලොකු කට්ටිය ඒක බලන්න ඇවිල්ලා අර මිනිස්සුන්ගෙ බිස්කට් ටික කාලා තේ බීල යනවා. (නි)
ගුරුවරු අපේ දෙවිවරු
සුභපැතුම්
අපි තවත් පළාත් සභා වලට බලය දෙමු. එතකොට අධාර අවශ්‍ය නම් පළාත් සභා මන්ත්‍රින්ට දන ගහල වදින්නත් කියල නීති හදයි. ඒකනෙ කට්ටියට කර ගන්න ඕනා. (ත)
සමහර මන්ත්‍රීවරුන් වැස්සකට වත් පාසලකට ගොඩවෙලා නෑ. විදුහල්පතිවරයේක් කියන්නේ උසස් පුද්ගලයෙක්. ඔවුන් ඔයවිදියට හැල්ලු කරන්න එපා. ගුරු සංගමයට ජයවේවා.
ඔය කවුරුත් නෙමෙයි තීත්ත ගාන්න සල්ලි දෙන්නේ දෙමාපියෝ. (ත)
ඔක්කොම කනපිට. පුදුම නීති ගේන්නේ. ගුරුවරු කියන අයගේ නමවත් නොදන්න අයගේ වැඩ තමයි. (ත)
මහජනතාවගෙන් එකතු කරපු බදු මුදල් ගන්න දෙශපාලකයින් වැඩක් නැහැ. ඉහළ ඉන්න නිලධාරින් හුග දෙනෙක් ඔවුන්ට වැදලා එ තනතුරු අරන් තියෙන්නෙ. අනාගත පරපුරට දෙන ආදර්ශය උතුම් කියලා මෙයාට තේරෙන්න පැන්ෂන් යන්නම වෙයි වගේ. (නි)
සහතික ඇත්ත
ඒ කතාව ඇත්ත