IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගුරුන්ගේ ඔළුවට අත හෝදන්න දෙන්න එපා

බස්නාහිර පළාත් පාසල්වල තීන්ත ආලේක කිරීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුපත්‍රවල විදුහල්පතිට අමතරව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්සන් තැබිය යුතු බවට අතිරේක ලේකම්වරයකු කර ඇති නියෝගය නීති විරෝධිබව ලංකා ගුරු සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 2012/10/22 දිනැති ලිපියකින් බස්නාහිර පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ඒ බව දැනුම් දී ඇති බවයි. 1332ක් පමණ වන බස්නාහිර පළාතේ පාසල් වල විදුහල්පතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් ළඟට යැවීමට තරම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම දැඩි ලෙස හෙලා දකින බව ද ස්ටාලින් මහතා කියයි.



අදහස් (0)

ගුරුන්ගේ ඔළුවට අත හෝදන්න දෙන්න එපා

බමුණුසිංහ Wednesday, 07 November 2012 08:14 AM

බල්ලට ගිහින් තියෙන දේවල් බලු නකුටටම යනවා වගෙයි. (නි)

:       0       0

යශාරා Tuesday, 06 November 2012 12:16 PM

අයියෝ සල්ලි මෙහෙම වෙන්න හොද නැහැ

:       0       0

තිස්ස Tuesday, 06 November 2012 12:39 PM

නිලධාරීන්ටත් පළා බබාලා නැතුවම බැරිද මන්දා? (නි)

:       0       0

එන් රණසිංහ Tuesday, 06 November 2012 12:27 PM

මෙ වගෙ වෑඩ මෙ රටෙ කවදට නතර වෙයිද...?

:       0       0

වරුණ Tuesday, 06 November 2012 12:33 PM

ඒ කියන්නේ තුනේ පන්තියටවත් ගියේ නැති සමහර දේශපාලකයෝ පස්සේ විදුහල්පතිවරු වැදගෙන යන්න ඕනැද? ඔන්න අද තත්වේ. (ත)

:       0       0

චූලක Tuesday, 06 November 2012 12:59 PM

තින්ත මිලදී ගන්නයි, ‘‘තීන්ත ආලේප කරන්නයි’’, යන කරුණු දෙකටම ප‍්‍රතිපාදන වෙන්කරලා දීම අවශ්‍යයි. අනික දෙමවුපියන් රස්තියාදු කරවන එක මහා පාපයක්. තීන්ත ගාන දෙමවුපියෝ හැමදාම තීන්ත ගානවා. ලොකු ලොකු කට්ටිය ඒක බලන්න ඇවිල්ලා අර මිනිස්සුන්ගෙ බිස්කට් ටික කාලා තේ බීල යනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 06 November 2012 01:16 PM

ගුරුවරු අපේ දෙවිවරු

:       0       0

ලාල් Tuesday, 06 November 2012 01:30 PM

සුභපැතුම්

:       0       0

සනුල් Tuesday, 06 November 2012 01:30 PM

අපි තවත් පළාත් සභා වලට බලය දෙමු. එතකොට අධාර අවශ්‍ය නම් පළාත් සභා මන්ත්‍රින්ට දන ගහල වදින්නත් කියල නීති හදයි. ඒකනෙ කට්ටියට කර ගන්න ඕනා. (ත)

:       0       0

කමල් Tuesday, 06 November 2012 01:41 PM

සමහර මන්ත්‍රීවරුන් වැස්සකට වත් පාසලකට ගොඩවෙලා නෑ. විදුහල්පතිවරයේක් කියන්නේ උසස් පුද්ගලයෙක්. ඔවුන් ඔයවිදියට හැල්ලු කරන්න එපා. ගුරු සංගමයට ජයවේවා.

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:34 PM

ඔය කවුරුත් නෙමෙයි තීත්ත ගාන්න සල්ලි දෙන්නේ දෙමාපියෝ. (ත)

:       0       0

දයා, සෞදි Tuesday, 06 November 2012 02:36 PM

ඔක්කොම කනපිට. පුදුම නීති ගේන්නේ. ගුරුවරු කියන අයගේ නමවත් නොදන්න අයගේ වැඩ තමයි. (ත)

:       0       0

පතිරණ Tuesday, 06 November 2012 10:04 PM

මහජනතාවගෙන් එකතු කරපු බදු මුදල් ගන්න දෙශපාලකයින් වැඩක් නැහැ. ඉහළ ඉන්න නිලධාරින් හුග දෙනෙක් ඔවුන්ට වැදලා එ තනතුරු අරන් තියෙන්නෙ. අනාගත පරපුරට දෙන ආදර්ශය උතුම් කියලා මෙයාට තේරෙන්න පැන්ෂන් යන්නම වෙයි වගේ. (නි)

:       0       0

කිර්ති Tuesday, 06 November 2012 03:47 PM

සහතික ඇත්ත

:       0       0

ඉන්දික Tuesday, 06 November 2012 04:49 PM

ඒ කතාව ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 546 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site