IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුරු සංගමෙන් රතු එළිය දල්වයි

ගුරු-විදුහල්පති සංගම් එකොළහක් එක්ව අද පැවැත්වූ වර්ජනය සාර්ථක වූ බව ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අම්පාර, අනුරාධපුරය, බදුල්ල, යාපනය ද ඇතුළුව දිවයිනේ පාසල් බොහෝමයක වැඩකටයුතු අඩපන වූ බවයි. සියයට 80ක් පමණ ගුරු විදුහල්පතිවරු අද සේවයට වාර්තා කර නොමැති බවත්, රජයට හිතවත් ඇතැම් වෘත්තීය සමිති යොදාගෙන වැඩවර්ජනය කඩා කප්පල් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් ස්ටාලින් මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනාව, හිඟ වැටුප් සහිතව ක්‍රියාත්මක කිරීම, ගුරු විදුහල්පති උසස්වීම් ක්‍රියාත්මක කිරීම, හිඟ වැටුප්, ආපදා ණය, දේපළ ණය ඇතුළු ගුරු විදුහල්පතිවරුන්ට හිමි සියලූ ගෙවීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණය කිරීම නතර කිරීම, නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම් මුල් කර ගෙන අද වැඩවර්ජනය පැවැත්වූ අතර රජය ජනවාරි මාසය වන විට නිසි විසඳුම් ලබා නොදුනහොත් නව පාසල් වාරයේ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද ජෝසප් ස්ටාලින් මහතා කියයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය,ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය,එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පති සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය,ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය අද වැඩවර්ජනයට එක්විය.  



අදහස් (0)

ගුරු සංගමෙන් රතු එළිය දල්වයි

ලාල් Tuesday, 04 December 2012 05:21 PM

අයියෝ සල්ලි

:       0       0

සිල්වා Tuesday, 04 December 2012 02:51 PM

වෙනසකට හොඳ අඩිතාලමක් .(ස)

:       0       0

කීර්ති Tuesday, 04 December 2012 02:59 PM

රටේ ජීවත් වෙන්න හරි වැටුපක් නොලැබුණොත් ටික දවසකින් මිනිස්සු උත්ඝෝෂණය කරන එක වලක්වන්න බෑ. (ත)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 04 December 2012 03:23 PM

හොඳ වෙලාවට අධිකරණයට දැන් එයාලගෙම ප්‍රශ්න තියෙනවා. එහෙම නොවුනා නම් මේ වෙනකොට ගුරු සංගම් වලට තහනම් නියෝගේ ලැබිලා.. (දී)

:       0       0

උදය Wednesday, 05 December 2012 10:36 AM

ඒතරම් හොද නැහැ(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site