දිගින් දිගටම ඉල්ලීම් කළත් මෙතෙක් විසඳුම් නොලැබුණු ගැටළු හයක් මුල් කරගෙන දෙසැම්බර් 04 වැනිදා ගුරු-විදුහල්පති වැඩවර්ජනයක් පැවැත්වීමට අද කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති වෘත්තීය සමිති 11ක නියෝජිතයන් සහභාගී වූ මහා සම්මේලනයේදී ඒකමතිකව තීරණය කළ බව ලංකා ගුරු සංගමය කියයි. අධ්‍යාපන අමාත්‍යවරයා ගුරු විදුහල්පති සංගම් සමග මෙතෙක් සාකච්ඡාවක් හෝ නොපවත්වා වෘත්තීය සමිති විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසාත්, මෙවර අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන් කිසිදු සහනයක් නොලැබීම නිසාත් මේ තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පති සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සංගමය එම වෘත්තීය සමිති 11යි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මොලේ පෑදීගෙන එනවා මොහොම යං (අ)
ගුරුවරු හැමදාම ප්‍රමාදයි. මතවාද වැඩියි. (නි)