භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන ඔමාරියා සිංහවංශගේ අත ගාලු මෝදර රිය ගාලකදී අල්ලා හිරි හැර කළැයි කියන රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඇය කියා ඇති බවයි. මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඇය ද උසාවි කැඳවන්නැයි ජෙයනූර්ගේ නීතීඥවරයා ඉල්ලා සිටියේය. මාර්ගු 15 වැනිදා උසාවි පැමිණෙන්නැයි සිංහවශසට නොතීසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.