බස්නාහිර පළාත් ඇමති උදය ගම්මම්පිල පළාත් සභා ක්‍රමයට එරෙහිව ක්‍රියා කිරීම හෙලා දකිමින් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු බත්තරමුල්ල පළාස් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු උඩ සිට වතුර ගැසූහ. විරෝධතා පුවරු ඉරා දැමූහ. කෑකෝ ගැසූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම විරෝදය පෑමක් (දී)
පළාත් සභා නැතිකරනවාට ඔය මන්ත්‍රීලා කැමති නැහැ. (නි)
හරියට නොදරුවන් හැසිරෙන ගානයි. (නි)
මෙයාලා පත්කරන මිනිස්සුන්ට දැන්වත් ඇස් පේනවද දන්නෙ නැහැ. (නි)
පළාත් සභා වහා අහෝසි කළ යුතුයි. එයින් රටට වන සෙතක් නැත. රටේ මුදල් කාබාසිනියා කිරීමකි. රට බෙදීයාමට පාර කපන්නකි. තනතුරු වලට තියන ලෝභකම හා මුදල් ඉපයීමේ තවත් පහසු මගක් හැටියට කල්පනා කොට සුළු පිරිසක් රටේ එක්සත් භාවය ගැන නොසිතා රටේ ආරක්ෂාව ගැනද නොසිතා මේවාට පක්ෂව කටයුතු කළත්, රටේ බහුතර ජනතාව මෙම ක්‍රමයට තදින්ම විරුද්ධ බව වටහාගෙන ආණ්ඩුපක්ෂයත් විරුද්ධ පක්ෂයත් එක්වී රටේ අරක්ෂාව ගැනවත් සිතා පළාත්සභා වහා අහෝසි කළ යුතුයි. (නි)
මේ දෙගොල්ලොම එකයි අපිට නම්. (නි)
පුදුම කට්ටියක්නේ. (නි)
ගම්මන්පිල මැතිදුන්ගේ කැපකිරීම පුදුමාකාරයි. තමාගේ තනතුරු පවා නැති වන බව දැනගෙනම පළාත් සභා වලට එරෙහි වන ආකාරය. ඔබ තුමාට පින් (නි)
පළාත් සභා වලට පක්ෂ අයට ගහන්න ඕනෑ වතුර නෙමෙයි.... (නි)
මෙහෙමත් මිනිස්සු... (නි)
මොනවාද මේ විකාර වැඩ
මිදි ඇඹුලයි කිව්ව කතාව වගේද ? (ස)
පුංචි ළමුන් වගේ (දී)
එයාලා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩය බැදපු චීන්නු කියලා වෙන්න ඇති. (නි)
වැඩිදෙනෙක් ආණ්ඩු පක්ෂයේ අය වගෙයි. (නි)
බඩගොස්තරවාදින්.. පළාත්සභා ක්‍රමය නිසා මේ රටට වෙලාතියෙන විනශය මේ මිනිස්සුන්ට ගානක් නෑ. කෙසේ වෙතත් යමක් විනාශ කරන්න නම් ඒ විනාශය සිදුවිය යුත්තේ ඇතුලෙන්මයි. එ නිසා පළාත් සභා ක්‍රමය විනාශ කරන්නනම් ගම්මන්පිල මහතා වැනි අය පළාත් සභා තුලම රැදී සිටිය යුතුයි. (ස)
ලංකාව පාලනය කරන්නේ මෙහෙම අයද? (නි)
හිනාත් යනවා (දී)
පළවෙනි ඡායාරූපය නම් නියමයි. (නි)
මෙයාලව යවන්න ඕනෑ ලොන්ඩරියකට ඔලු ටික හෝදවන්න. (නි)
ඔන්න දැන් බලාගන්න මේගොල්ලෝ කවුද කියලා. (නි)
මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද ඇත්තට (දී)
අයියෝ සල්ලි! (නි)
පොඩි ළමයි හොදයි ..... (ස)
මෝඩ මිනිස්සු (ස)
වැඩ නැතුවට වැඩ (දී)
මම දැකල තියෙනවා මේ වගේ දර්ශන වීදි නාට්‍යවල (පළවෙනි ඡායාරූපය). අනේ මන්දා රටකට යන කල. (නි)
ඒ පින්තුරේ දැක්කහම හිනායනවා (දී)
නියමයි නියමයි.. (නි)
සැප වැඩි වෙලා. (ත)
මෙයාලට නේද අපි "මන්ත්‍රීතුමා" කියලා අමතන්නේ? (නි)
විකාර වැඩ
ඔන්න තවත් විහිලුවක්. (නි)
ශ්රී ලංකාවේ ඉන්න සුපිරිම වීරයෝ ටිකක් වගෙයි. (නි)
අයියෝ සල්ලි
මෙයාලට ඡන්දය දීලා යවන අපි තමයි මෝඩයෝ. (නි)
තමන් මොනවද කරන්නේ කියලාවත් දන්නෙ නැති පාටයි. (නි)
ළදරුවෝ වගේ (දී)
පළාත්සභා ක්‍රමය නම් සුදු අලියෙක්. අපිනෙ දන්නෙ පළාත්සභාවෙන් ජනතාවට වෙන සෙතේ තරම. (දී)
අපි මේ යන්නේ පිරිහුණු සමාජයක් කරායි. පුදුම කළකිරීමක් තමයි දැනෙන්නේ. (නි)
පළාත්සභා ක්‍රමයට විරුද්ධව අදහස් දක්වා ඇති සියලු සහෝදරවරුන් සමග එකඟයි. මේවා ගැන මගෙත් පුද්ගලික අදහස එදා ඉඳන්ම ඕක තමා. එත් මට තියෙන ගැටලුව තමයි, පළාත්සභා නරක බව මේ කට්ටියට මතක්වෙන්න දිවිනැගුම පනතට පළාත්සභා අනුමැතිය ගන්න සිදුවෙනකල් හිටියේ මොකද කියන එක. තමන්ගේ ස්වාමීන්ගේ බලය පවත්වාගෙන යාමට පළාත්සභා වැදගත්වෙන තාක් කල් ඒවා හොඳ වෙන්නත්, තනි අශ්වයාගේ රේස් එකට තව තරඟකරුවන් එක් වෙනවා දැක්කම ඒවා නරක වෙන්නත් හේතුව වෙන මොකවත් නොව, මොවුන්ට බාරදී ඇත්තේ ඒකාධිකාරී කේන්ද්‍රීය පාලනයකට ජනතාවගේ මනස හැදීමට වීමයි. (නි)
සුභ වෙනස (දී)
මොනවා කරන්නද? අපි අපිටම ගහගන්නවා මිසක්.. ඔය කට්ටිය ඔතනට පත් කළේ අපිනේ..!(නු)
තිතට මතෙන් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
අපි නොදන්න මන්ත්‍රීලා! හෙට කවුරුහරි කිවුවොත් පළාත් සභා එපා කියලා, මේ සෙට් එකම ගමන්පිලගේ බෝඩ් ටික ඉල්ලගෙන උස්සන් ඉඳී, ඔතනම! ආ නැද්ද? (නි)
විහිලු කාරයෝ වගේ (දී)
රටේ ප්‍රශ්න විසදනවා (දී)
මිනිස්සු ටිකක් ඉවසන්න ඕනේ (දී)
වැඩක් නැහැ කතා කරලා (දී)
ලෝක සිතියමේ අබ ඇටයක් වගේ තියෙන ලංකාවට මේ ක්‍රමය බර වැඩියි..!(නු)
දැන් මිනිස්සුන්ට තේරෙනවද ඇත්ත? ඔවුන් යැපෙන්නේ පළාත් සභාවෙන්. මහජන සේවය කියලා බොරු කරන බව දැන්වත් වැටහුණොත් මේ සුදු අලියව ඉක්මනින් පන්නා දමන්න හැකි වෙයි. පළාත් සභා අපට බරක්. මොහොතක් සිතා බලන්න. (නි)
ආණ්ඩු පක්ෂය හැම තැනකදීම කරන දෙය මෙතනදීත් කළා එහෙනම්? (නි)