රුහුණු කතරගම මහා දේවාලයේ 2013 වර්ෂයේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටවිම අද (24) උදැසන සිදු විය.
සුභ නැකතින් කප් කනු දේවාලයට වැඩමවා ආලත්ති අම්මාලා සමග එක්ව කපු මහත්වරු කප් කනු සදහා නානමුර මංගල්‍යය පැවැත්වුහ. අනතුරුව දේවාලයේ විශේෂ ස්ථානයක කප් කනු සිටුවීය.කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාද පැමිණ සිටියේය.
ඇසළ පෙරහැර අගෝස්තු 07 වැනි දින ඇරැඹේ. අවසන් මහා පෙරහැර අගෝස්තු 20 වැනි දින පවත්වා පසු දින (21) වැනි දින මැණික් ගගේ දිය කැපිමේ චාරිත‍්‍රයෙන් පෙරහැර නිමාවට පත්වේ. කප් කනු සිටවිමේන් අදහස් කරනුයේ කදසුරිදුන් ගේ හා වල්ලි දෙවගනගේ විවහා මංගල්‍යයේ සනිටුවහන් කිරිම සදහා පවත්වන මංගල්‍යට මගුල් මඩුවේ කනුව සිටවිමයි. මෙම චාරිත‍්‍රය දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සිදු කැරෙතියි කතරගම දේවාලයේ ප‍්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දුටුගැමුණු පරම්පරවේ කෙනක් ඉන්නේ එය අවේ නැද්ද (අ)
මට හිතා ගන්න බැහැ ගැමුණු රජු හින්දු දෙවි කෙනෙකුට පුද පුජා පැවැත්තුවේ ඇයි කියලා. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
අප සැමට කඳසුරිඳු පිහිට ලැබේවා.(නදී)
නගර මධ්‍යයේ උස කප් කණු සිටුවීමේ ඉපැරණි චාරිත්‍රයක් යුරෝපයේත් අද දක්වා පවතිනවා. ආර්ය සංක්‍රමණයේ මුල් බිම ලෙස සැලකෙන උස තත්රි කඳු වැටිය පාමුල පිහිටි චෙකොස්ලෝවකියාව මේ උත්සවය නැටුම් ගැයුම් වැයුම් ඇතුලත් පෙරහැරකින් "මායි ගස" නම්වූ කප්රුක නගරය වටා රැගෙනගොස් සශ්‍රීකත්වය පතා නගර මධ්‍යයේ සිටුවා තබනවා. වසන්ත හෝ ග්‍රීෂ්ම කාලය ආරම්භයේ පවත්වන මේ කප් සිටුවීමේ උත්සවය මරණයට එරෙහිව නැගෙන ජීවනයත් ශීත ඍතුව යටපත්කරන වසන්තයත් අභිනය කරනවා. ඒ නිසා ඵල දරන තරුණ ගසක් වන මායි කප ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ලිංගික උද්යෝගය වඩවන සංකේතාත්මක ලිංග පුජාවක්ද වෙනවා. මෙයයි ආර්ය සම්භවයක් ඇති හෙළයන්ගේ සැබෑ උරුමය. එය රැකගතයුතුයි.(නදී)