IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගැමුණු සිරිත අනුව කතරගම කප් සිටැවේ

රුහුණු කතරගම මහා දේවාලයේ 2013 වර්ෂයේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටවිම අද (24) උදැසන සිදු විය.

සුභ නැකතින් කප් කනු දේවාලයට වැඩමවා ආලත්ති අම්මාලා  සමග එක්ව කපු මහත්වරු කප් කනු සදහා නානමුර මංගල්‍යය පැවැත්වුහ.  අනතුරුව දේවාලයේ විශේෂ ස්ථානයක කප් කනු සිටුවීය.කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාද පැමිණ සිටියේය.

ඇසළ පෙරහැර අගෝස්තු 07 වැනි දින ඇරැඹේ. අවසන් මහා පෙරහැර අගෝස්තු 20 වැනි දින පවත්වා පසු දින (21) වැනි දින මැණික් ගගේ දිය කැපිමේ චාරිත‍්‍රයෙන් පෙරහැර නිමාවට පත්වේ. කප් කනු සිටවිමේන් අදහස් කරනුයේ  කදසුරිදුන් ගේ හා වල්ලි දෙවගනගේ විවහා මංගල්‍යයේ සනිටුවහන් කිරිම සදහා පවත්වන මංගල්‍යට මගුල් මඩුවේ කනුව සිටවිමයි. මෙම චාරිත‍්‍රය දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සිදු කැරෙතියි කතරගම දේවාලයේ  ප‍්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි.



අදහස් (0)

ගැමුණු සිරිත අනුව කතරගම කප් සිටැවේ

හර්ෂණ පෙරේරා Monday, 24 June 2013 05:23 PM

අර දුටුගැමුණු පරම්පරවේ කෙනක් ඉන්නේ එය අවේ නැද්ද (අ)

:       0       0

ලුම්බිණි Monday, 24 June 2013 12:11 PM

මට හිතා ගන්න බැහැ ගැමුණු රජු හින්දු දෙවි කෙනෙකුට පුද පුජා පැවැත්තුවේ ඇයි කියලා. (නි)

:       0       0

ජෝන් Monday, 24 June 2013 12:19 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ප්‍රියගත් Monday, 24 June 2013 01:02 PM

අප සැමට කඳසුරිඳු පිහිට ලැබේවා.(නදී)

:       0       0

නීල්-රානා Monday, 24 June 2013 01:20 PM

නගර මධ්‍යයේ උස කප් කණු සිටුවීමේ ඉපැරණි චාරිත්‍රයක් යුරෝපයේත් අද දක්වා පවතිනවා. ආර්ය සංක්‍රමණයේ මුල් බිම ලෙස සැලකෙන උස තත්රි කඳු වැටිය පාමුල පිහිටි චෙකොස්ලෝවකියාව මේ උත්සවය නැටුම් ගැයුම් වැයුම් ඇතුලත් පෙරහැරකින් "මායි ගස" නම්වූ කප්රුක නගරය වටා රැගෙනගොස් සශ්‍රීකත්වය පතා නගර මධ්‍යයේ සිටුවා තබනවා. වසන්ත හෝ ග්‍රීෂ්ම කාලය ආරම්භයේ පවත්වන මේ කප් සිටුවීමේ උත්සවය මරණයට එරෙහිව නැගෙන ජීවනයත් ශීත ඍතුව යටපත්කරන වසන්තයත් අභිනය කරනවා. ඒ නිසා ඵල දරන තරුණ ගසක් වන මායි කප ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ලිංගික උද්යෝගය වඩවන සංකේතාත්මක ලිංග පුජාවක්ද වෙනවා. මෙයයි ආර්ය සම්භවයක් ඇති හෙළයන්ගේ සැබෑ උරුමය. එය රැකගතයුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site